දුප්පත්කමේ සැඟවුණු ආශිර්වාද (The hidden blessings of being poor)

 


යමෙකු දිළිඳු වීම හෝ ධනවතෙකු වීම තීරණය වන්නේ දෛවය (fate) විසින් ය. එහෙත් කිසිවෙකුට තම දෛවය ගැන නොදන්නා බැවින් තම උත්සාහයන් අත් හැරිය නොහැක. මොන උත්සාහයක් කලත් අවසාන ප්‍රතිපලය වන්නේ දෛවයේ උරුමය යි. කෙසේ වෙතත් යම් කෙනෙකු විසින් ජිවත් වීමට ගන්නා උත්සාහයේ ස්වභාවය අනුව, ඔහුට කුසල් හෝ අකුසල් පිරි නැමෙන්නේය.

නබිවරුන් අතරින් සුලෛමාන් තුමා හැර අනෙකුත් සෑම කෙනෙක්ම දුප්පත් අය වෙති. ඔවුන් සියලු දෙනාම එය ඉතා සතුටින් පිළි ගත්තෝය. බොහෝ නබිවරුන් තම රැකියාව ලෙස තෝරා ගත්තේ එළුවන් ඇති කිරීමය. 

මුහම්මද් නබි තුමා කිසිම අවස්තාවක ධනයට කෑදර වුයේ නැත. එක් අවස්ථාවකදී  එතුමා උහද් කන්ද දෙස බලා, "මෙම කන්ද රත්‍රන් බවට පරිවර්තනය වුවත් ඉන් එක් දිනාරයක් හැර අනෙක්වා මා සමග දින තුනකට වඩා තිබීම මා ප්‍රිය නොකරමි. එම දිනාරයත් මා නය ගෙවීම සඳහා තබා ගනිමි"යි කිවේය.

කෙනෙකුට අධික ලෙස ධනය ලැබීම වරදක් නොවුනත් එමගින් බොහෝ අය වැරදි කිරීමට පෙළඹෙන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස එකිනෙකා අතර කුහක කම්, ඉරිසියාව සහ සතුරුකම් ඇතිවේ. එම ලක්ෂණ නිසා කෙනෙක් නිරය වෙත ලඟා වේ. එය මුලලින් පිරිමැහිය නොහැකි තරම් විශාල පාඩුවකි. මුදල් වලට වහල් වීම නිසා, මිනිසා මෙලොවට පැමිණි අරමුණ මුළු මනින්ම කන පිට හැරෙන්නේය. . 

ඉස්ලාම් දහමින් පනවා තිබෙන zසකාත් බද්ද නිසා කෙනෙකුට ධනයට ඇති ආශාව සමග සටන් කිරීමට සිදු වේ. එසේ කිරීමෙන් මිනිසා මෙලොවට පැමිණි අරමුණ කරා ලඟා වීමට යම් උදව්වක් ලැබේ. 

නබිතුමා සෑම විටම දුප්පත්කම අගය කල අතර, අල්ලාහ්ගෙන් මෙසේ ප්‍රාර්ථනා කළේය. "යා අල්ලාහ් මාව දුප්පත් මිනිසෙකු වශයෙන් ජිවත් වීම සඳහා ඉඩ සලසා දෙනු, දුප්පතෙකු ලෙසම මිය යාමට ඉඩ සලසා දෙනු, නැවත මාව මළවුන්ගෙන් නැගිට වීමේදී දුප්පතුන් සමගම නැගිටවනු" එම ප්‍රාර්ථනාවට සවන් දුන් අයිෂා රලි තුමිය ඊට හේතුව කුමක්දැයි නබිතුමාගෙන් ප්‍රශ්න කළාය. ඊට පිළිතුරු වශෙයෙන් නබි තුමා, දුප්පතුන්, ධනවතුන්ට වඩා වසර 500කට පෙර ස්වර්ගයට යන බව පැවසුවේය. නබිතුමා මෙසේද පැවසුවේය. "ආයිෂා කිසිම දුප්පතෙකුව හිස් අතින් හරාව නොයවනු, එක් රට ඉඳි ගෙඩියක් වුවත් කමක් නැත" තවද  "ඕ අයිෂා, දුප්පතුන්ට ආදරය කරන්න, ඔවුන්ට ඔබ වෙත එන්න දෙන්න.  එවිට අල්ලාහ් විනිශ්චය දිනයේදී ඔබව ඔහු වෙත ලං කර ගනු ඇත" (තිර්මිසි, ඉබ්නු මාජා). 

ඉස්ලාම් දහම සෑම විටම දුප්පතුන් ගැන අවධානය යොමු කරන්නේය. එබැවින් උපවාස මාසය අවසාන වූ පසු, ඊදුල් ෆිතර් උත්සවය සඳහා යෑමට පෙර, දුප්පතුන් වෙනුවෙන් ධාන්‍ය ලබා දීමෙන් උදව් කරන ලෙස උපදෙස් දී ඇත.

නබිතුමා එක් අවස්ථාවකදී මෙසේ පැවසුවේය. "වැන්දඹු කාන්තාවන් සහ දුප්පතුන් වෙනුවෙන් උදව් උපකාර කිරීම සඳහා වෙර දැරීම අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමට සමාන ලෙස මා දකිමි. තවද ඔහුව මා දකින්නේ විවේකයක් නොගෙන අල්ලාහ්ට නමදින කෙනෙක් ලෙසත්, නොනවත්වා උපවාස කරන කෙනෙක් ලෙසත් යැයි කිවේය" (බුහාරි සහ මුස්ලිම්). 

එක් හදිසයක මෙසේ දැක්වේ."යම් කෙනෙකුට අල්ලාහ් ශරීර ශක්තියත් ධනයත් ලබා දී ඇති විට ඔහු කල යුත්තේ ඔහුට වඩා තවත් ඉහලින් සිටින අය දෙස බැලීම වෙනුවට, තමන්ට වඩා පහලින් සිටින අය දෙස බැලීම යි. එසේ නොකරන්නේ නම් ඔහු අල්ලාහ් දී ඇති දේවල් වලින් සෑහීමට පත් නොවූ කෙනෙකු බවට පත් වේ" (මුස්ලිම්). 

දුගී කම ආශීර්වාදයක් වන්නේ මෙම හදිසය නිසාය. "මා ස්වර්ගය දෙස එබී බැලුවෙමි, මට දැක ගත හැකි වුයේ එහි සිටින අති බහුතරය දුප්පතුන් බවයි, තවද අධික ලෙස ධනය තිබුණු බොහෝ අයව නිරයට යන කණ්ඩායම සමග පිටත් කොට හරින බව මා දුටුවෙමි" (බුහාරි සහ මුස්ලිම්). 

කෙසේ වෙතත් බොහෝ අයගේ එකම පැතුම ලෞකික ජීවිතයේදී උපරිම ලෙස වස්තුව රැස් කිරීමය. එහෙත් මරණයට පත් වූ පසු ඒවා කිසිවක් ගෙන යන්නේ නැත. කෙසේ හෝ තමන්ට ඉතිරි වන්නේ ඉන් කරන ලද යම් කුසල් ක්‍රියාවක් ඇතොත් ඒවා පමණි. 


By M.F.Ajward 

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam



Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)