අල්ලාහ් සමාව නොදෙන පාපයන් කුමක්ද? (What are the sins that Allah does not forgive?)
පොදුවේ සෑම පවකටම සමාව තිබේ. එහෙත් අල්ලාහ් සමග වෙනත් දේවල් සම කරමින් සිටියදී යම් කෙනෙක් මිය ගියේ නම් ඔහුට මතු ජීවිතයේදී සමාව ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් අල්ලාහ්ට සමානයන් ඇති කිරීම හැර අනෙක් වරදවල් සඳහා ඔහු කැමති අයට සමාව දෙන්නේය. "නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත් එම වරද හැර වෙනත් දේවල් සඳහා ඔහු තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි" (කුරානය 4:48). මළවුන්ගෙන් ප්රාර්ථනා කිරීම හෝ ඔවුන් වෙනුවෙන් පඩුරු දැමීම හෝ අල්ලාහ්ට පමණක් කළ හැකි දේවල් මිනිසුන්ගෙන් බලාපොරොත්තු වීම අල්ලාහ්ට සමානයන් ඇති කිරීමක් ලෙස සැලකේ. එම වැරදි මහා පාපයන් වේ. ඒ අනුව යම් කෙනෙක් එවැනි වැරදි වල නියත වුයේ නම් ඔහු මිය යාමට පෙර පසුතැවිලි වී අල්ලාහ්ගෙන් සමාව අයැදිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඉහත කුර්ආන් වැකියෙන් සිදු කොට ඇති අනතුරු හැඟවීම ගැන නැවත සිතා බැලිය යුතුය. අල් කුරානය පහළ වීමට පෙර පැවති දහම් පණිවිඩවල මුහම්මද් නබිතුමාගේ පැමිණීම ගැන පැහැදිලිව සඳහන් කොට තිබී ඇත. කෙසේ වෙතත් ඇතැම් පුජකවරුන් ඔවුන්ගේ ලෞකික වාසි...