Posts

Showing posts from January, 2020

මස් කෑම අනුමත කරන ඉස්ලාම් ආගම සතුන් කෙරෙහි කරුණාව දක්වන්නේ කෙසේද? (How does Islam, which approves of eating meat, show kindness to animals?))

Image
දෙවියන්ගේ සැලැස්ම අනුව පෘථිවියේ ආහාර රටා සැකසී තිබෙන්නේ එක් ජීවියෙකු තවත් ජීවියෙකුට ගොදුරු වන ආකාරයටය.. ඒ අනුව, සමහර ජීවීන් මස් මත පමණක් යැපේ. ඔවුන්ට වෙනත් කිසිවක් අනුභව කළ නොහැක. තවත් සමහර ජීවීන් ශාක මත පමණක් යැපේ. ඔවුන්ට කිසිසේත් මස් අනුභව කළ නොහැක. එහෙත් මිනිසා ඇතුළු ඇතැම් ජිවින්ට මාංශ සහ ශාක යන දෙකම ජීරණය කල හැකි අහාර ජීරණ පද්දති ලැබී තිබේ. මෙම ක්‍රියාවලිය දෙවියන්ටම මිස වෙනත් කිසිවෙකුට වෙනස්කල නොහැක. මේ නිසා දෙවියන් පහළ කොට ඇති කිසිම ආගමක සත්ව ආකාර තහනම් කොට නැත. ඉස්ලාම් දහමින් මස් අනුභව කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇතත් සතුන්ට හිංසා කිරීම අමුමත කරන්නේ නැත. එබැවින් අහාරය පිණිස සතෙක් ඝාතනය කිරීමේදී පවා අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටියක් ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය. කෙසේ වෙතත් ඇතැම් අය සතුන් ඝාතනය කිරීමේදී එම සතාගේ හිසට කුළුගෙඩි වලින් පහර දෙන්නේය. ඇතැම් විට සතා ඝාතනය කරන්නේ පොලු වලින් පහර දීමෙන් ය. තවත් සමහරු සතුන් ඝාතනය කරන්නේ දුවමින් ඇති දුම්රියකට එම සතා තල්ලු කිරීමෙන් ය. මෙවැනි ක්‍රම අනුගමනය කිරීම සඳහා ඉස්ලාම් දහමින් කිසිසේත්ම අවසර දෙන්නේ නැත. එවැනි ක්‍රම වලින් මිය ගිය ස...

අල්ලාහ් සමඟ හවුල්කරුවන් ඇති කිරීම මහා පාපයක් වන්නේ ඇයි? (Why is associating partners with Allah a great sin?)

Image
අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිවෙකු නැත. එසේ තිබියදී අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීම මහා පාපයක් ලෙස සලකනු ලැබේ. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ්ට පමණක් නැමදුම් කල යුතුය. එසේ තිබියදී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් පඬුරු දැමීම හෝ වෙනත් අය වෙනුවෙන් සතුන් කැප කිරීම හෝ මිය ගිය අය හරහා අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනය කිරීම නොකළ යුතුය. එවැනි වැරැද්දක් කරන කෙනෙක් කරන්නාවූ සලාතයෙන් හෝ සකාත්වලින් හෝ උපවාසයෙන් හෝ පලක් වන්නේ නැත. මේ හේතුවෙන් ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුන්ට මෙසේ අවවාද කළේය.  "ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13).  ඉස්ලාම් දහම අනුව කෙනෙක් මිය ගියේ නම් ඔහුගේ දේහය පොදු සුසාන භුමියක මිහිදන් කල යුතුය. එසේ තිබියදී එම දේහය ගොඩනැගිල්ලක් තුල මිහිදන් කිරීම හෝ මිහිදන් කල සොහොන වටා ස්ථිර ගොඩනැගිලි ඉදිකොට එය පුජනීය ස්ථානයක් කර ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි වේ. නබිතුමා මිය යාමට පෙර එවැනි දෙයක් කරන අයට ශාප කළේය. මළවුන් වෙනු...