ඉස්ලාම් දහම තුල රැවුලට තිබෙන වැදගත්කම (The Importance of Beard in Islam)


අල්ලාහ්ගේ සෑම මැවිමක් තුලම ඊට ආවේනික ලක්ෂණ දැකිය හැකිය. සිංහයෙකුට රෝම පිහිටීම නිසා අලංකාරයක් ගෙන දෙන ආකාරයටම මිනිසාට රැවුල නිසා මුහුණේ ගාම්බිරත්වයක් සහ අලංකාරයක් ගෙන දෙන්නේය. මේ නිසා පිරිමියෙක් රැවුල මුඩු කොට ගැහැණියගේ වේශය ගැනීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත.

රැවුල වැවීම නබිවරුන්ගේ සුන්නාවක් බැවින් ඊට ඉස්ලාම් දහම තුල අධ්‍යාත්මික වටිනාකමක් තිබේ. විශේෂයෙන්ම මුහම්මද් නබි තුමාගේ අනුගාමිකයින් හට උඩු රවල කොටට කපා යටි රවල වැවීම වාජිබ් හෙවත් අනිවාර්‍ය වේ. මෙම නියෝගය සහිහ් බුහාරි ග්‍රන්ථයේ මෙන්ම සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේද දැකිය හැක. ඉස්ලාමිය විද්වතුන්ගේ ඒකමතික නිගමනය වන්නේ නබිතුමාගේ නියෝගයන් පිළිපැදීම අනිවාර්ය බවයි.  අබු හුරෛරා (රලි) තුමාගේ වාර්තාවකට අනුව රැවුල වැවීම ස්වභාවික ලක්ෂණයකි. තවද අල් කුරානයේ මෙසේ දැක්වේ. "මෙම දුතයානන් නුඹලාට කුමක් ලබා දෙන්නේද එය භාරගනු. ඔහු නුඹලාව කුමකින් වලක්වන්නේද එයින් වලකිනු" (කුරානය 59:7). 

නබිතුමව අනුගමනය කිරීම නිසා අල්ලාහ් ඔහුව ප්‍රිය කරන්නේය. "නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරන්නේ නම් මාව පිලිපදිනු. එවිට අල්ලාහ් නුඹලාව ප්‍රිය කරන්නේය, තවද, නුඹලාට නුඹලාගේ පව් සමා කරන්නේය. අල්ලාහ් අධිකව ක්‍ෂමාකරන්නාද අසම දයාවන්තයාද වේ" (කුරානය 3:31). 

එක් අවස්ථාවක යටි රැවුල සම්පුර්ණයෙන් මුඩු ගාගෙන විශාල උඩු රැවුලක් සමග කාන්තාර වැසියෙක් නබිතුමාව වෙත පැමිණියේය. ඔහුව දැකීමෙන් නබිතුමා කෝපයට පත්වූ අතර "ඔබට මේ ආකාරයේ රැවුලක් වැවීමට අණ කලේ කව්රුන්දැයි" ප්‍රශ්න කළේය. එවිට "මගේ ස්වාමියා එසේ නියෝග කළා" යැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට නබිතුමා මට, මගේ සමිදුන් නියෝග කර ඇත්තේ උඩු රැවුල කොට කිරීමටත් යටි රැවුල වැවීමටත් බව කීවේය. 

අද බොහෝ මුස්ලිම්වරුන් නබිතුමාගේ මෙම වැදගත් සුන්නාව උදාසීන කරන්නේය. සොහොනේදී ඔවුන්ට නබි තුමාව පෙන්වා ඔහු ගැන විමසන අවස්ථාවේදී කුමක් පවසන්නේද? 


By Fasy Ajward. B.Sc(PhysicsSpecial) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path


Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)