Posts

Showing posts from March, 2026

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

Image
අල් කුරානයේ ඉතා දීර්ඝ සහ ඉතා කෙටි පරිජ්ජේද 114 ක් අඩංගු වේ. එම පරිජ්ජේද අතරින් මුල්ම පරිජ්ජේදය වන්නේ වාක්‍ය හතකින් සමන්විත ෆාතිහා සුරාව යි. එම පරිජ්ජේදයෙන් කුරානයේ සාරාංශය ඉතා මැනවින් ගෙන හැර දක්වා ඇති බව ඉස්ලාමිය විද්වතුන්ගේ මතය වේ.  එම පරිජ්ජේදය පහත දැක්වේ. " අසීමිත කරුනාවන්තයාවුද අසම දයාවන්තයාවුද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). සියලු ප්‍රසංශා සකල ලෝකයම මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ටමය. (ඔහු) අසීමිත කරුනාවන්තයාය , අසම දයාවන්තයාය. විනිශ්චය දිනයෙහි අධිපති (ඔහුය). (ඕ අල්ලාහ්!) අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදවු පතමු. නුඹ අපව ඍජු මගෙහි යවනු මැනව. (එම මාර්ගය කෙසේද යත්) නුඹ කව්රුන් කෙරෙහි දායාදය පිරිනැමුවේද ඔවුන්ගේ මගය. (එය නුඹගේ) කෝපයට ලක්වුවන්ගේද , නොමග ගියවුන්ගේද මග නොවේ" මෙම පරිජ්ජේදය අල්ලාහ්ට අයත් ඉතා වැදගත් ගුණාංගයන් දෙකකින් ආරම්භ කොට තිබේ. අල්ලාහ්ට එවැනි ගුණාංගයන් නොතිබුනේ නම් වැරදි කරන අයට එවෙලේම දඬුවම් කිරීමට ඉඩ තිබුනේය. මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකිරීම නිසා කෙනෙකුට අවශ්‍ය නම් මරණයට පෙර නිවැරදි  මාර්ගය වෙත හැරීමට අවස්තාව ලැබෙන්නේය. කුරානයේ අරමුණ මිනිසාට නිවැරදි මාර්ග...

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

Image
රටක ආරක්ෂාව සඳහා ශක්තිමත් හමුදාවක් තිබිය යුතුය. එහෙත්, ඕනෑවට වඩා බලය තර කර ගෙන ලෝක පොලිස් කාරයා වෙමින් අනෙක් රටවල් වලට තර්ජනයක් වීම වැරැද්දකි. සාමයේ නාමයෙන් අනෙකුත් රටවල ස්වෛරීභාවයට ඇඟිලි ගැසීම උද්දච්චකම වේ. ඇමරිකාව සහ ඉස්රායලය කරමින් සිටින්නේ එවැනි දේවල් ය. ඔවුන් කරමින් සිටින අසාධාරණ යුද්ධ නිසා ලෝක ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් තිබේ. සාමය ඇතිකරන බව කියමින් කළහ ඇති කරන අය ගැන අල් කුරානය මෙසේ පවසයි.  "පොළොවෙහි කළහ ඇති නොකරන්නැයි ඔවුනට පවසනු ලැබුවේ නම්, 'අපි සාමය ඇති කරන්නන්' යැයි (ඔවුන්) පවසන්නෝය. ඇත්ත වශයෙන්ම කළහ ඇති කරන්නන් ඔවුන්මය. එහෙත් ඔවුන් එය තේරුම් ගන්නන් ලෙස නැත"  (කුරානය 2;11-12). ඉරානය වසර 7000ක් පමණ පැරණි ශිෂ්ටාචාරයක් ඇති රටක් වේ. ඔවුන් කිසිවිටක අනෙක් රටවල් වලට තර්ජනයක් වුයේ නැත. එසේ තිබියදී වසර 300ක් පමණ ඉතිහාසයක් ඇති ඇමරිකාව සහ වසර 70ක් පමණ ඉතිහාසයක් ඇති ඉස්රායලය ඉරානයේ තෙල් සම්පත් වලට කෙළ හලමින් ඔවුන්ට තර්ජනය කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.  ඉරානය යුරේනියම් බල ගන්වන්නේ එම රටේ බලශක්ති උවමනාවන් සඳහා ය. එය පාදක කර ගනිමින් ඉරානයට නොයෙකුත් සම්බාදක දැමීම අනු...

අධ්‍යාත්මික ජීවිතය සාර්ථක වීමට ඇති පහසුම ක්‍රමය කුමක්ද? (What is the easiest way to succeed in spiritual life?)

Image
පුද්ගලයෙකුගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහු හෝ ඇය කරන කැපවීම මත ය. එබැවින්, අවශ්‍යතාවයක් තිබේ නම් පහළ මට්ටමේ සිටින සේවකයෙකුට පවා උත්සාහ කලොත් ඉහළට යා හැකිය. මේ සඳහා ඔහු කල යුත්තේ එම රැකියාවේ ඉහල සුදුසුකම් ලැබීමට අවශ්‍ය විභාග සඳහා පෙනී සිට ඒවායින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමය. ඒ හා සමානව, යමෙකුට තම අධ්‍යාත්මික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් අල්ලාහ් සමග ඇති බැඳීම වැඩිදියුණු කළ යුතුය. මෙය කල හැක්කේ අල්ලාහ් නියම කොට ඇති දේවල් හරි හැටි ඉටු කිරීමෙන් ය. ඒවා අතරින් විශේෂ තැනක් ගන්නේ සලාතය යි. සලාතයෙන් උපරිම පල නෙලා ගත හැක්කේ එය නබිතුමා ඉටු කල අකාරයට ඉටු කිරීමෙන් ය. ඒ සඳහා දහම ගැන මනා දැනුමක් තිබීම අවශ්‍ය වේ. සලාතයේ වටිනාකම දන්නේ නම් එය ඕනෑකමින් ඉටු කරනු ඇත. කෙසේ වෙතත් බොහෝ අයට එහි අගය නොදන්නා කමින් සලාතය ඉටු කරන්නේ ඔනෑ එපාවට ය. සමහරු සලාතයේ අවසාන මොහොත දක්වා බලා සිට අලසකමින් එය ඉටු කරති. සමහරු සලාතය ඉටු කරන්නේ ඊට නියමිත කාලය ගෙවී ගිය පසුවය. සමහරුන්ට සලාතය ඉටු කිරීමෙන් පසු කොපමණ රකාත් ගණනක් ඉටු කළේදැයි මතක නැත. හදිසයක දැක්වෙන්නේ මෙම ලක්ෂණ ඇත්තේ මුනාෆික් වරුන්ගේ සලාතයේ ...