Posts

Showing posts from February, 2019

නබිතුමා සහ ආයිෂා (රලි) තුමිය අතර විවාහය (The marriage between the Prophet and Ayesha)

Image
නබිතුමා සිදු කර ගත් විවාහයන් අතරින් කන්‍යාවකට සිටියේ අයිෂා (රලි) තුමිය පමණි. මෙය අල්ලාහ්ගේ සැලැස්ම අනුව සිදුවූ විවාහයක් වන අතර එම විවාහය නිසා මුස්ලිම්වරුන්ට විවාහය සම්බන්ද බොහෝ හදිස් දැනගැනීමේ අවස්තාව උදා විය. කෙසේ වෙතත් නබිතුමාගේ මුල් විවාහය සිදු වුයේ ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය දෙවරක් වැන්දබු භාවයට පත්වූ කදිජා තුමියත් සමගය. එම විවාහය සිදු වන විට නබි තුමා විසිපස්වන වියේ පසු විය. එසේ වුවද එම විවාහය ඉතා සාර්ථක එකක් විය. නබිතුමාගේ පුත් ඉබ්‍රාහිම් (රලි) තුමා හැරුණු විට අනෙක් දරුවන් හය දෙනා බිහි වුයේ කදිජා තුමියටය. නබිතුමාගේ වයස 53 දී කදිජා තුමිය කලුරිය කළාය. කදිජා තුමියගේ වියෝව සිදු වන තුරු නබිතුමා වෙනත් විවාහයක් කර ගත්තේ නැත.  කදිජාතුමිය මිය ගිය වසරේදීම නබිතුමාට සෑම අතින්ම රැකවරණය ලබා දුන් ඔහුගේ සුළු පියා වන අබුතාලිබ් තුමාද මිය ගියේය. මෙම සිදුවීම් දෙක එකම වසරක් තුලදී සිදු වීම නිසා නබිතුමා විශාල දුකකින් කාලය ගත කළේය. එසේ තිබියදී බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි නබිතුමා වයස 53ක් වූ වැන්දබු කාන්තාවක් වන සව්දා (රලි) තුමියව විවාහ කර ගත්තේය. එසේ තිබියදී අල්ලාහ්ගේ සැලැස්ම අනුව  ඔහු...

වැරදි ලෙස වටහා ගත් ජිහාඩ් සංකල්පය (The misunderstood concept of jihad)

Image
ඉස්ලාමයේ ඉතා වැදගත් සන්කපයක් වන ජිහාද් සම්බන්දයෙන් සමහර මාධ්‍ය ආයතන හිතා මතාම වැරදි අර්ථකතනයන් ලබා දෙන්නේය. එහෙත් කුරානයේ එන ජිහාද් යන වචනයට බහුවිධ අර්ථයන් තිබේ. ඒ අනුව ජිහාද් යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ "උත්සාහ දැරීම, කාර්යයක් ඉටු කිරීම සඳහා සියලු ක්‍රම භාවිතා කිරීම" යන අර්ථයෙන්ය. එය "ජහාදා" යන අරාබි මූලයෙන් උපුටාගෙන ඇත. කෙසේ වෙතත් ඇතැම් ජනමාධ්‍යවලින් පෙන්වා දීමට උත්සාහ කරන ත්‍රස්තවාදය, ඊට කිසිසේත්ම සම කල නොහැක. ඉස්ලාම් දහමින් මිනිස් ජිවිතයට ඉහලම වටිනාකම ලබා දී තිබේ. ඒ අනුව කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ. "නියතවශයෙන්ම කවරෙකු හෝ ඝාතනය කිරීම නිසා හෝ පොළොවෙහි කළහ ඇතිකළ හේතුව නිසා හෝ හැර තව කෙනෙකුව ඝාතනය කරයිද ඔහු මුළු මිනිස් වර්ගයාවම ඝාතනය කලාට සමානය, කවරෙක් එය ජිවත් කරවන්නේද ඔහු සියලු මිනිසුන්ව ජිවත් කරවීමට සමානය" (කුරානය 5:32). එසේ තිබියදී ත්‍රස්තවාදීන් කරන ම්ලේජ්ජ මිනි මැරුම් ඉස්ලාම් දහමට බැර කරන්නේ කෙසේද? ඉස්ලාමයේ ආරම්භ අවධියේදී කඩුවෙන් කරන සටන්වලට අවසර තිබුනේ නැත. ඒ අනුව ඉස්ලාමයේ මුල් කාලය ගෙවී ගියේ සතුරන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව කරනු ලබන සෑම...

ඉස්ලාම් මිත්‍යාව මත පදනම් වූ ආගමක් ද? (Is Islam a Mythical religion?)

Image
ඉස්ලාම් යනු අල්ලාහ්ගේ පැහැදිලි දිව්‍යමය පණිවිඩ සහිත ආගමකි. එම නිසා එහි මනඃකල්පිත අදහස් අඩංගු නොවේ. තවද අල් කුරානය තුල නවීන විද්‍යාවට අභියෝග කල හැකි නොයෙකුත් කරුණු අඩංගු වේ. ඉස්ලාම් මිත්‍යාව මත ගොඩ නැගී තිබුනේ නම් එහි අපැහැදිලි මෙන්ම වැරදි අර්ථ කථන සහ අධ්‍යාත්මික විශ්වාසයන් ඇතුලත් වීම වැළැක්විය නොහැක. අල් කුරානය මුළුමනින්ම අල්ලාහ්ගෙන් පහළ වූ දේව පණිවිඩයකි. එය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු කුරානය තුලින්ම ලබා ගත හැකිය. විශේෂයෙන්ම විද්‍යාව හා තාක්ෂනයයෙන් දියුණු මෙවන් යුගයක කුරානයේ ඇති බොහෝ කරුණු වලින් එය සනාථ කර ගත හැකිය. උදාහරණයක් වශයෙන් සුර්යයා ඊට නියමිත ගමන් මාර්ගයක සැරිසරන බව කුරානයේ දැකිය හැකිය. මෙවැනි වගන්තියක් ඉදිරිපත් කල හැක්කේ ඉස්ලාම් මිත්‍යාව මත පිහිටා නොමැති බැවිනි. එසේ නොවන්නට එදා තිබුණු මිත්‍යා විශ්වාසයන් කුරානය තුලට ඇතුලත් වනු ඇත. ඉස්ලාම් මනඃකල්පිත පිළිරුවලට හෝ දේව රූපවලට දේවත්වයෙන් සලකන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ලෙස පවතින දෙවියන් හට පමණක් දේවත්වයෙන් සලකන්නේය. එම දෙවියන් පිලිබඳ අර්ථ දැක්වීමක් ඉතා අලංකාර ලෙස කුරානයට ඇතුලත් කොට තිබේ. මේ හේතුවෙන් දකින දකි...

10 Scientifically Impossible Places That Actually Exist

Image