Posts

Showing posts from January, 2021

ජාතිවාදය සහ ආගමික උමතුව (Racism and religious fanaticism)

Image
ආසියානු රටවල ජාතිවාදය සහ ආගමික උන්මත්තකත්වය ඔවුන්ගේ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් යොදා ගනිති. එහෙත් ඇමරිකාව වැනි රටවල වර්ණවාදය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව ඇතැම් දේශපාලකයින් වෙනුවෙන් සමහර පුජක තුමන්ලා වඳ බ්‍රා සහ වඳ කොත්තු ඔවුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් යොදා ගත්තේය. මෙම උමතුව නිසා බොහෝ අහිංසක උදවිය පිඩාවට පත් විය. රටක් දියුණු කල හැක්කේ ජාතික සමගිය ඇති කිරීමෙන් ය. එහෙත් දෙවියන්ගේ සැලැස්ම අනුව මිනිසුන් නොයෙකුත් වර්නවලින්ද ජාතින් වශයෙන්ද මවා තිබේ. අල් කුරානය මගින් එම කරුණ මෙසේ විස්තර කොට ඇත.  "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය"   (කුරානය 49:13).   ඉස්ලාම් දහම පෙන්වා දෙන පරිදි කෙනෙක් ඔහුගේ සමේ වර්ණය අනුව උසස්වන්නේ හෝ පහත්වන්නේ නැත. සියල්ලන්ම දෙවියන් ඉදිරියේ එක සමානය. නබි තුමා ඔහුගේ අවසාන අරෆා දේශනයේදී මෙසේ පවසා ඇත. "ඔබගේ ජීවිතය සහ වස්තුව එකිනෙකා අතර පුණ්‍ය දේවල් වන අතර...

ඉස්ලාමීය බැංකුවක් සහ ඉස්ලාමීය නොවන බැංකුවක් අතර ඇති වෙනස කුමක්ද? (What is the difference between an Islamic bank and a non-Islamic bank?)

Image
බොහෝ අයට ඉස්ලාමීය බැංකුවක් සහ ඉස්ලාම් නොවන බැංකුවක් අතර ඇති වෙනස වටහා ගැනීමට නොහැකිවී තිබේ. ඒ අනුව ඔවුන් සිතන්නේ මේ බැංකු දෙකෙහි එකම ක්‍රම අනුගමනය කරන බවයි. එහෙත් මේ බැංකු දෙකෙහි විශාල වෙනසක් තිබේ. ඉස්ලාමිය බැංකු පද්දතිය තුල පොලිය සම්බන්ද වන්නේ නැත. එහෙත් ඉස්ලාම් නොවන බැංකු ක්‍රියාත්මක වන්නේ පොලිය මත ය. පොළිය යනු ණයට දෙන ලද හෝ නයට ගත් මුදල් සඳහා මුල් මුදලට වඩා වැඩියෙන් ගෙවනු ලබන ගාස්තුව වේ. යම් හෙයකින් නියමිත අවස්ථාවේදී ගිවිස ගත් පොලිය ගෙවීමට නොහැකි වුවහොත් එම පොලිය මත තවත් පොළිය එකතු කරනු ලැබේ.  ඉස්ලාම් දහම තුළ තහනම් කර ඇති ක්‍රියාකාරකම් අතරින් පොලිය (usury) විශේෂයෙන්ම බරපතල තත්ත්වයක් උසුලයි; මන්ද යත්, එය අත් නොහරින ඕනෑම අයෙකුට එරෙහිව අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් වන මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා යුද්ධ ප්‍රකාශ කර ඇති බැවිනි. මේ හේතුවෙන් එම බැංකුවල පොලි ගනුදෙනු සිදු කරන්නේ නැත.  කුරානය පහළ වීමට පෙර අරාබියේ පොලිය පදනම් කරගත් ගනුදෙනු බහුලව පැවතුණි. කෙසේ වෙතත්, කුරානය පහළ වීමෙන් පසු එවැනි ගනුදෙනු මෙම කුර්ආන් වැකිය මගින් තහනම් කරන ලදී.  "විශ්වාසකලවුනි! නුඹලා අල්ලාහ...

මුස්ලිම්වරුන්ට කාති උසාවි අවශ්‍ය ඇයි? (Why do Muslims need Kathi courts?)

Image
  කාති උසාවියක් යනු මුස්ලිම්වරුන්ට පමණක් බලපාන ඇතැම් විශේෂ නඩු විසඳීම සඳහා ස්ථාපනය කොට ඇති ආයතනයකි.  මේ අකාරයටම අනෙක් ජාතීන්ට පමණක් බලපාන ඇතැම් නඩු විභාග කිරීම සඳහා විශේෂ උසාවි ස්ථාපනය කොට තිබේ. ඒ හැරුණු විට සියලුදෙනාටම පොදුවේ බලපාන නඩු විසඳීම සඳහා වෙනමම අධිකරණ පිහිටුවා තිබේ. ඒ අනුව ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණ සහ ප්‍රාථමික යන අධිකරණවලින්ය. කෙසේ වෙතත් ලංකාවේ සාපරාධී නීතිය සම්බන්ද අධිකරණ බලය පැවරෙන්නේ මහේස්ත්‍රාත් උසාවියට සහ මහාධිකරණයට පමණි.  ප්‍රධාන වශයෙන්  ලංකාව තුල  ක්‍රියාත්මක වන්නේ රෝමානු ලන්දේසි නිතිය,  උඩරට නිතිය  (උඩරට පමණක් බලපායි), තේසවලාම නිතිය  (යාපනයට පමණක් බලපායි ), ඉස්ලාම් ෂරියා නීතිය  (මුස්ලිම්වරුන්ට පමණක් බලපායි) , බෞද්ධ සහ හින්දු නීතිය  (බෞද්ධයින්ට සහ හින්දුන්ගෙන් කොටසකට පමණක් බලපායි) යන නීති වේ.  මුස්ලිම්වරුන්ගේ විවාහය දික්කසාදය දේපල බෙදීම වැනි දේවල් කුරානයේ ඇති නීති ප්‍රකාර සිදු කල යුතු වේ. මේ නිසා ඒවා ගැන කටයුතු කිරීමට ඈත අතීතයේ සිටම කාති උසාවිය...

ත්‍රස්තවාදයට හේතු මොනවාද? (What are the causes of terrorism?)

Image
මේ වන විට ත්‍රස්තවාදය ලෝකයේ බොහෝ රටවල්වල ව්‍යාප්ත වී ඇත. එහි විශේෂත්වය වන්නේ දියුණු වෙමින් පවතින රටවල්වල මෙන්ම මැද පෙරදිග රටවල්වල එය වැඩියෙන්ම දැකීමට හැකි වීමයි. ත්‍රස්තවාදීන් නම් කිරීමේදී දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ යම් මුස්ලිම් කණ්ඩායමක් ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනු විට පමණක් එය ඉස්ලාම් ත්‍රස්තවාදය ලෙස නම් කිරීමත් අනෙක් කණ්ඩායම් සියල්ලම ඔවුන්ගේ සංවිදානවල නම් වලින්ම ඇමතීමත් වේ. කෙසේ වෙතත් ඇමරිකාවේදී කරන ලද සංගණනයකදී දැක ගත හැකි වී තිබෙන්නේ එහි සිදු කල ත්‍රස්තවාදී ක්‍රියාවලට මුස්ලිම්වරුන්ගේ  සහභාගීත්වය 7% ක් බවයි. අනෙක් 93% ම වෙනත් ජාතින් වේ.  අද ලෝකයේ බලගතු රාජ්‍යයන් වලින්ද ත්‍රස්තවාදය මෙහෙය වන්නේය. එහෙත් ත්‍රස්තවාදයට ලබා දී ඇති අර්ථ දැක්වීම අනුව ඔවුන් ත්‍රස්තවාදී ගණයට වැටෙන්නේ නැත. ඇතැම් ත්‍රස්තවාදීන් පවා ඔවුන්ව හඳුන්වා ගන්නේ විමුක්ති සටන් කාමීන් ලෙසය. එසේ තිබියදී ඉස්ලාමිය ලෝගුව පොරවාගෙන සිටින ISIS සංවිදානයද මගින් කරන්නේ ද ඉස්ලාම් දහමේ නම භාවිතා කරමින් තවත් ත්‍රස්තවාදයක් ය. මේ නිසා කුමන නමකින් කලත් ඒවා ලෝකයට වින කරන කණ්ඩායම් වේ. එයට ඉස්ලාම් දහමේ කිසිම සම්බන්දයක් නැත. ...

ඉස්ලාමීය අවමංගල චාරිත්‍ර (Islamic Funeral Customs)

Image
ෂරියා නිතිය අනුව රජෙකුට වුවත් කම්කරුවෙකුට වුවත් අවමංගල චාරිත්‍ර එකම ආකාරයට සිදු කරනු ලැබේ. තවද ඒ සඳහා අවශ්‍ය සෑම නීතියක්ම කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් පෙන්වා දී ඇත. මේ නිසා ඉස්ලාමිය මරණයක් ෂරියාවෙන් පෙන්වා දී ඇති ආකාරයටම සිදු කිරීම අනිවාර්‍ය වේ.  පස ඕනෑම දෙයක් දිරා පත් කරන මාධ්‍යයක් බැවින් මිනියක් භූමිදානය කිරීම පරිසර හිතකාමී ක්‍රමයක් වේ. මේ නිසා ඉහත සඳහන් කල පරිදි මුස්ලිම්වරයෙකු මිය ගියේ නම් ඔහුගේ දේහය භුමිදානය කරන්නේය. එය නබිතුමා පෙන්වා දී ඇති ක්‍රමය ද වේ. නබිතුමාව අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්‍ය වේ. මේ නිසා භූමිදානය වෙනුවට ආදාහනය කිරීම වරදකි. අල් කුරානය මෙසේ පවසා තිබේ. "අපි නුඹලාව එයින්ම (පසෙන්ම) මැව්වෙමු. (නැවතත්) නුඹලාව ඒ වෙතම හරවා යවන්නෙමු. පසුව නුඹලාව නැවත වතාවක් ඉන් පිටතට ගන්නෙමු" (කුරානය 20:55).  ෂරියා නීතිය අනුව කෙනෙක් මිය ගිය පසු ඉතා කෙටි කාලයක් තුලදී ඔහුගේ දේහය මිහිදන් කල යුතුය. එසේ කිරීම මිය ගිය තැනැත්තාගේ මතු ජිවිතයට ප්‍රයෝජනවත් වන අතර අනවශ්‍ය වියදම් අඩුකර ගැනීමටද හැකි වේ. මේ නිසා කොතරම් ළඟ ඥාතියෙක් වුවත් ඔහුගේ දේහය කපා කොටා එහි කොටස් ඉවත් කර ...

ඉස්ලාමයට පෙර සහ පසු කාන්තාවගේ තත්වය (Status of woman before and after Islam)

Image
අල් කුරානය පහළ වීමට පෙර අරාබිකරයේ පැවති සම්ප්‍රදායික ගෝත්‍රික නීතිය අනුව කාන්තාවන්ට මිනිස් ආත්මයක් තිබෙන බව විශ්වාස කලේ නැත. මේ හේතුවෙන් ඔවුන්ට මිනිස් උරුමයන් බුක්ති විඳීමට නීතියෙන් අවසර තිබුනේ නැත. අරාබියාවේ පමණක් නොව ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් වල තත්වයද එසේම විය. ඉතිහාසය දෙස හැරී බලන කල ගැහැණුන්ව වෙළඳ පොලේ වහල් කමට ප්‍රසිද්ධියේම විකුණනු ලැබීය. ඔවුන්ට දේපළ අයිතියක් බුක්ති විඳීමට හැකියාවක් තිබුනේද නැත. අරාබියාවේ පැවති සිරිත අනුව ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු ලැබිය.  චීනයේ තිබුණු නීතියට අනුව කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසුත කලේ නැති නම් හෝ ස්වාමියාගේ දෙමව්පියන්ට කීකරු නොවුයේ නම් හෝ සොරකමක් කලේ නම් හෝ කටකාරියක් වුයේ නම් හෝ ඇයව දික්කසාද කිරීමේ අතිතිය ස්වාමි පුරුෂයාට ලබා දී තිබුනේය. එසේම කාන්තාවන්ට ව්‍යාපාර කිරීමට හෝ  දේපල අයිතිකර ගැනීමට හෝ අවසර ලබා දී තිබුනේ නැත (Smith, Bonnie G (2008). The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London,UK: Oxford University Press. pp. 426–27).  එක්සත් රාජදානියේ සහ ඇමරිකාවේ විසු කාන්තවන් සඳහා ද දේපල අයිතිය නො...