Posts

Showing posts from May, 2024

අල්ලාහ් යනු කවුරුන්ද? (Who is Allah?)

Image
ලෝකයේ ඇති සෑම ආගමකින්ම දෙවියන් පිලිබඳ විශ්වාසය උගන්වයි. කෙසේ වෙතත්, එම විශ්වාසයන් එකිනෙකට වෙනස් වේ. එසේ තිබියදී යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් යන ආගම්වල යම් එකඟතාවක් දැකිය හැකිය; ඊට හේතුව එම ආගම් තුනම අල්ලාහ් විසින් පහළ කොට තිබීමයි. එහෙත් පසු කාලීනව මිනිසුන් විසින් එම ආගම්වලින් පවසන ඒක දේව විශ්වාසය වෙනස් කොට තිබේ.  ආගම්වලින් දෙවියන් ගැන සඳහන් කලද, ඉස්ලාම් දහම හැර අනෙක් ආගම්වල දෙවියන් පිලිබඳ සංකල්පය අර්ථ දක්වා නොමැත. කුරානය, අල්ලාහ් පිළිබඳව මෙසේ පවසයි:  "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත"  (කුරානය 112; 1-4).  ඉස්ලාමිය විශ්වාසය අනුව, විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ් ය. එබැවින්, නැමදුම් ලැබීමට එකම සුදුස්සා ඔහු පමණි. සෑම දෙයක්ම ඔහුගේ මැවීම් වන අතර, ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවන බැවින් ඔහුගේ ආරම්භය ගැන ප්‍රශ්න කල නොහැක. අල්ලාහ් සම්බන්දයෙන් කුරානය මෙසේද සඳහන් කරයි:  " (සත්‍...