දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)



අදේවවාදීන් හැර අන් සියලුම දෙනා දෙවියන්ව විශ්වාස කරති. එහෙත්, බොහෝ දෙනා දෙවියන් කෙබඳු කෙනෙක් දැයි නොදනිති. එහි ප්‍රතිපලයක් ලෙස, ඔවුන් වන්දනාමාන කරන්නේ විශ්වය සහ එහි ඇති සියලුම  දේවල් මවා පාලනය කරනු ලබන්නාවූ දෙවියන්ට නොවේ. 

දෙවියන් පිලිබඳ නිවැරදි වැටහීමක් නොමැති වීමේ ප්‍රතිපලයක් ලෙස ඇතැම් උදවිය, තමන් මෙන්ම වෙනත් මිනිසුන්ට වඳින්නේය. තවත් සමහරු, මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දේව රුප වලට වඳින්නේය, තවත් සමහරු, මැටියෙන් සාදන ලද පිළිම වලට වඳින්නේය. තවත් සමහරු, සුර්යයාටත් විශාල වෘක්ෂයන්ටත් ග්‍රහ වස්තුන්ටත් වඳින්නේය. එහෙත්, ඒවා කිසිවකින් කිසිවක් මවා නැත. ඇත්ත වශයෙන්ම මිනිසා නැමැදිය යුත්තේ මිනිසාව මවා, මිනිසාට සියලුම දේවල් ලබා දෙන එකම දෙවියන්ට පමණි. 

මිනිසාව මැවූ දෙවියන් මිනිසාට යහ මග පෙන්වා දීම සඳහා ඔහුගේ විශේෂ නියෝජිතවරුන් හරහා දහම් පණිවිඩ යවා තිබේ. ඒ සෑම දහම් පණිවිඩයකින්ම මිනිසාගේ වගකීම කුමක් දැයි පෙන්වා දී තිබේ. මෙලොවට පහළ කරන ලද අවසාන දහම් පණිවිඩය කුරානය වේ.

යම් දෙයක් නිවැරදිව හඳුනා ගැනීම සඳහා එහි අර්ථ දැක්වීම දැනගෙන සිටිය යුතුය. එසේ නැතහොත් දෙයක් නිවැරදිව හඳුනා ගත හැකි වන්නේ නැත. උදාහරණයක් ලෙස පෑනකට පෑනක් යැයි කියනු ලබන්නේ ඊට අදාළ ලක්ෂණ එහි තිබුනොත් පමණි. ඒ අනුව පොතක් දෙස බලා පැනක් යැයි ද, පෑනක් දෙස බලා පොතක් යැයි ද කියන්නේ නැත. එසේම යම් කෙනෙකුට දෙවියන් යැයි ආමන්ත්‍රණය කල යුත්තේ ඔහු ළඟ දෙවියන්ගේ ලක්ෂණ තිබුනොත් පමණි. එසේ තිබියදී, දෙවියන් නොවන කෙනෙකුට දේවත්වයෙන් සලකා ජීවිතය පුරාවට නැමදුම් කලත් ඉන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

අල් කුරානයේ දෙවියන්ව මෙසේ විස්තර කොට ඇත. "පවසනු; අල්ලාහ් එක්කෙනෙකි. අල්ලාහ් කිසිවෙකුගේ අවශ්‍යතාවයන් නොමැත්තාය. ඔහු (කිසිවෙකුව) ප්‍රසුත කළේ නැත. ඔහු (කිසිවෙකුගෙන්) ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන කිසිවෙකුද නැත" (කුරානය 112:1-4). 

මෙම අර්ථ දැක්වීම අනුව, එක් දෙවි කෙනෙකුට වඩා සිටිය නොහැකිය. විශ්වය ගැන හැදෑරීමේදී එය හොඳින් දැක ගත හැකි වේ. විශ්වය පුරා ක්‍රියාත්මක වන්නේ එකම භෞතික නීතීන් ය. එසේම විශ්වය පුරා "විශ්ව නියතයන්" අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් දැක ගත හැකි වේ. මෙවැනි දෙයක් සිදු විය හැක්කේ විශ්වය එක් දෙවි කෙනෙකුගේ මැවීමක් නම් පමණි. එසේ නොවී විශ්වයේ තැනින් තැන වෙනස් භෞතික නීති ක්‍රියාත්මක වුවහොත් මෙලහට විශ්වය විනාශයට පත්ව තිබෙනු ඇත!

ඉහත අර්ථ දැක්වීම අනුව දෙවියන් කිසිවෙකුගේ කුසින් බිහි වී නැත. එසේ වුයේ නම් දෙවියන්ව බිහි කල තැනැත්තා දෙවියන්ට වඩා ප්‍රභල වනු ඇත. එපමනක් නොව දෙවියන්ව බිහිකල තැනැත්තාව බිහි කල කෙනෙක් ද සිටිය යුතුය. එවිට එම ක්‍රියා දාමය කෙලවරක් නොමැතිව ගමන් කරනු ඇත. කෙසේ වෙතත්, විශ්වයේ නිර්මාණය දෙස බලන කල බොහෝ දෙවිවරුන් සිටිය නොහැක. එසේම දෙවියන් කිසිවෙකුව බිහි කලේද නැත. ඒ අනුව ජේසු තුමා දෙවි කෙනෙක් හෝ දේව පුත්‍රයෙකු හෝ විය නොහැක. තවද කිතුනුවන් පවසන අන්දමට දෙවියන්ව කුරුසයේ තබා ඝාතනය කලේ නම් දෙවියන්ට ඇති බලය කුමක්ද? දෙවියන්ව ඝාතනය කිරීම සත්‍යයක් නම් ඉන් පසු විශ්වය පාලනය කලේ කව්ද?

මිනිසාගේ වගකීම වන්නේ දෙවියන්ව හරි හැටි දැනගෙන ඔහු පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කිරීම වේ. නැතහොත් මිනිසා දෙවියන් ඉදිරියේ වරදකරු වේ. 

අල් කුරානය දෙවියන් පහළ කරන ලද අවසාන දේව පණිවිඩය යි. එහි දෙවියන් පිලිබඳ බොහෝ දේ සඳහන් කොට ඇත. ඒවා හොඳින් දැනගෙන, දෙවියන් පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කිරීම මිනිසාට පැවරී ඇති වගකීම බව ඉස්ලාමිය ඉගැනිවීම වේ. 

By Fasy Ajward.B.Sc (Physics Special) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
Twiter:- thetrue_path







Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)