Posts

Showing posts from June, 2014

මුස්ලිම්වරුන් වෙත කරන කාරුණික ඉල්ලීමයි. (A kind request from Muslims)

අද ඇතැම් පලාත්වල මුස්ලිම් ජනතාව කේදනිය ඉරණමකට ඇතුලත් වී සිටින බව කව්රුත් දන්නා කරුණකි. ඔවුන් වෙනුවෙන් අනිත් අය උපරිම උදව් උපකාර කිරීම මේ අවස්ථාවේදී අවශ්‍ය වී තිබේ. ඔවුන්ට මුදල් ආධාර මෙන්ම වියලි ආහාර වලින් උදව් කිරීම මහා පුණ්‍ය කර්මයකි. එසේ කරන අයට අල්ලාහ් තමන් කල පරිත්‍යාගය කිහිප ගුණයකින් වැඩිකර නැවත දෙනු ඈත. එහි කිසිම සැකයක් නැත. මේ ප්‍රශ්නයේ දී බැට කෑවේ අහිංසකයන්ය. ඔවුන්ගේ යාන වාහන ගෙවල් දෙරවල් විශාල අලාභයකට පත් වී ඇත. බොහෝ දෙනෙකුට බෙහෙත්ටික ගැනීමටවත් මුදල් නැති තත්වයට පත් වී සිටිති. ළමයින්ට කිරි පිටි ටික හෝ කෑම ටික ගැනීමට කිසිවක් නැත. ඔවුන්ට නැවත මුල සිටම නැගී සිටීමට  සිදුවී ඇත. මෙය සිතට ගෙන හැකිපමනින් මොවුන්ට තම ගමේ පල්ලියේ භාරකාරයන් මාර්ගයෙන් ආධාර රැස්කරන මෙන් ආයාචනයය කරමි. උම්රා කිහිපයක් කළ අය ඒ වෙනුවෙන් යොදවන මුදල මෙම අවස්ථාවේදී මේ සඳහා දුන්නොත් උම්රා කලාට වඩා ලොකු පිනක් සිදුවනු ඇත. හැකි නම් තම සකාත් මුදල් ද එයට සුදුසු අය සොයා මේ ගම්වලට දුන්නොත් වඩා ප්‍රයෝජන අත් වනු ඇත.  මේ අවස්ථාවේදී මුස්ලිම්වරුන් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්න. මුස්ලිම්වරුන්ට පැමිණෙන සෑම ප්‍රශ්න...

අදේවවාදය අභිභවා යන ඉස්ලාම් දහම (Islam transcends atheism)

Image
ඕනෑම දෙයක් විශ්වාස කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතුය. එසේ නොවන්නට එය අඳුරේ අතපත ගෑමක් හා සමානය. ආගමික විශ්වාසයත් එසේමය. කෙසේ වෙතත් යම් දෙයක් විශ්වාස කිරීමට සාක්ෂි තිබියදී එය විශ්වාස නොකර සිටීම මුග්ධ කමකි. එහි උදාහරණය කෙසේද යත් ඇස්දෙක වසාගෙන සුර්යයා නැතැයි කීම හා සමාන ය. දෙවියන් සිටින බවට, විශ්වය පුරා සාක්ෂි තිබියදී එය පිලි නොගෙන සිටීමත් එසේම වේ, අද බොහෝ දේවල් ක්‍රියා කරන්නේ දුරස්ථ පාලකයන් මගින් දෙන නියෝග මතය. එසේ තිබියදී ඒ ගැන දැනුමක් නොමැතිව, කෙනෙක් සිතනවා නම් ඒවා ඉබේ ක්‍රියා කරන බව, එය ඔහුගේ වරදකි. විශ්වයත් එසේමය. එහි ඇති සියලුම දේවල් දෙවියන් තමන්ට අයත් ස්ථානයේ සිට පාලනය කරන්නේය. එසේ තිබියදී කෙනෙක් දෙවියන්ව නොදැකීමේ හේතුවෙන්, ඒවා ඉබේ සිදුවන බව කිව හැකිද? කුරානය පවසන්නේ දෙවියන් දින හයකදී විශ්වය මවා ඔහුට ගැලපෙන ආකාරයට අර්ෂ් යන ස්ථානයට නැග, එහි සිට විශ්වය පාලනය කරන බව ය. ඒ අනුව විශ්වයේ ඇති සෑම දෙයක්ම ක්‍රියා කරන්නේ දෙවියන් දෙන නියෝග අනුවය. යම් කෙනෙක් එය විශ්වාස නොකරන්නේ නම් යකඩ ගොඩකින් ඉබේම යන්ත්‍ර සුත්‍ර ඇතිවිය හැකි බවත් පිළිගත යුතුය. එහෙත් එවැනි දේවල් සිදු වන්නේ නැත.  ස...

[ Ex-Swedish Rock Singer ] Bro Urwah Omar How He Accepted Islam

Image

මෙතරම් විශාල විශ්වයක් තුල මිනිසාව අරමුණකින් තොරව මවා තිබේද? (Has man been created without a purpose in such a vast universe?)

Image
අප ජිවත්වන ක්‍ෂිරපතයේ පමණක් බිලියන 250 කට වඩා තරු පිහිටා ඇති බව ගණන් බලා තිබේ. විශ්වය තුල මෙවැනි ක්‍ෂිරපත තවත් බිලියන සංඛ්‍යාවක් තිබෙන බව ඇස්තමේන්තු කොට ඇත. මේවා සමග සැසඳීමේදී පෘථිවිය දුවිලි අංශුවක තරම් වත් නොවේ. එසේ තිබියදී මේවා සියල්ලම අරමුණකින් තොරව නිර්මාණය කළේ යැයි කෙනෙකුට පැවසිය හැකිද? පෘථිවියේ සිටින ජීවින් අතරින් මිනිසා සුවිශේෂී තැනක් හොබවන්නේය. කුරානයේ සඳහන් පරිදි මිනිසා අල්ලාහ්ගේ මිහිපිට නියෝජිතයාය. කුරානයේ තවත් තැනක මෙසේ ප්‍රශ්න කර ඇත. "අප නුඹලාව නිකමට මැව්වෙමු යැයි ද, නියත වශයෙන්ම නුඹලා අප හමුවට හරවනු ලබනේ නැතැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115). එසේ තිබියදී මිනිසා තම අරමුණ පසෙක තබා වෙනත් දේවල් සඳහා කාලය ගත කරමින් සිටින්නේය.  විශ්වය පුදුමාකාරය. එහි ඇති දේවල් නැවත නැවත හට ගන්නේය. බොහෝ දේවල් පසෙන් හටගෙන ක්‍රමානුකුලව පරිනත වී නැවත පසටම එකතු වන්නේය. අනෙක් අතට මිනිසා නිෂ්පාදනය කරන දේවල් පරිනත තත්වයෙන් පටන්ගෙන ක්‍රමානුකුලව පරිහානියට පත් වන්නේය. මිනිසාද එසේමය කිසිවක් නොමැතිව ආරම්භ වී පුර්ණ මිනිසෙකු බවට පත්ව නැවත පසටම එකතු වන්නේය. නැවතත් ඔහුව පසෙන්ම නැගිට වීමට නිය...