රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)
රටක ආරක්ෂාව සඳහා ශක්තිමත් හමුදාවක් තිබිය යුතුය. එහෙත්, ඕනෑවට වඩා බලය තර කර ගෙන ලෝක පොලිස් කාරයා වෙමින් අනෙක් රටවල් වලට තර්ජනයක් වීම වැරැද්දකි. සාමයේ නාමයෙන් අනෙකුත් රටවල ස්වෛරීභාවයට ඇඟිලි ගැසීම උද්දච්චකම වේ. ඇමරිකාව සහ ඉස්රායලය කරමින් සිටින්නේ එවැනි දේවල් ය. ඔවුන් කරමින් සිටින අසාධාරණ යුද්ධ නිසා ලෝක ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් තිබේ. සාමය ඇතිකරන බව කියමින් කළහ ඇති කරන අය ගැන අල් කුරානය මෙසේ පවසයි. "පොළොවෙහි කළහ ඇති නොකරන්නැයි ඔවුනට පවසනු ලැබුවේ නම්, 'අපි සාමය ඇති කරන්නන්' යැයි (ඔවුන්) පවසන්නෝය. ඇත්ත වශයෙන්ම කළහ ඇති කරන්නන් ඔවුන්මය. එහෙත් ඔවුන් එය තේරුම් ගන්නන් ලෙස නැත" (කුරානය 2;11-12).
ඉරානය වසර 7000ක් පමණ පැරණි ශිෂ්ටාචාරයක් ඇති රටක් වේ. ඔවුන් කිසිවිටක අනෙක් රටවල් වලට තර්ජනයක් වුයේ නැත. එසේ තිබියදී වසර 300ක් පමණ ඉතිහාසයක් ඇති ඇමරිකාව සහ වසර 70ක් පමණ ඉතිහාසයක් ඇති ඉස්රායලය ඉරානයේ තෙල් සම්පත් වලට කෙළ හලමින් ඔවුන්ට තර්ජනය කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.
ඉරානය යුරේනියම් බල ගන්වන්නේ එම රටේ බලශක්ති උවමනාවන් සඳහා ය. එය පාදක කර ගනිමින් ඉරානයට නොයෙකුත් සම්බාදක දැමීම අනුමත කල හැකිද? ඉරානයට සම්බාදක දමන රටවල් විසින් යුරේනියම් බල ගැන්වීමේ ක්රියාවලියේ නිරත වෙමින් ඉරානයට සම්බාදක පැනවීම විහිළුවක් නොවේද? ඉරානය විසින් යුරේනියම් ලෝහය බල ගැන්වීම වරදක් ලෙස දකින ඇමරිකාව සහ ඉස්රායලය පරමාණුක බෝම්බ නිපදවා තිබේ. එසේ තිබියදී ඉස්රායලය පවසන්නේ ඉරානය විසින් යුරේනියම් බල ගැන්වීම ඔවුන්ට තර්ජනයක් විය හැකි බවයි. එය ඔවුන්ගේ අනුමානය පමණි.
එවැනි අනුමානයක් සිදු කොට ඇමරිකාව ප්රමුඛ බොහෝ රටවල් ඉරාකයට විරුද්ධව යුධ වැදුනේ ඔවුන් ළඟ රසායනික අවි තිබෙන බවට බොරු චෝදනාවක් ඉදිරපත් කරගෙන ය. එම චෝදනාව මුල් කර ගනිමින් ඉරාකය සමග යුධ වැදී සදාම් හුසේයින්ව ඝාතනය කාලයේ. එහෙත් ඉරාකය බිමට සමතලා කිරීමෙන් පසු ඔවුන් පවසන ආකාරයේ කිසිම රසායනික අවියක් සොයා ගැනීමට හැකි වුයේ නැත. කෙසේ වෙතත් ඉරාක යුද්දයෙන් පසු ඇමරිකාවට, ඉරාකයේ ඇති තෙල් සම්පත ඩැහැ කෑමට හැකි විය.
රසායනික අවි මුවාවෙන් ඉරාක වැසියන්ට කල හානිය සඳහා ඔවුන්ට මේ ලෝකයේදී වන්දියක් නොලැබුනත් ලෝක අවසානයෙන් පසු දෙවියන්ගේ විනිශ්චයෙන් පසු එම වැරැද්ද කල අයට දඬුවම් ලැබෙනු ඇත. එදාට අනෙක් අය වෙනුවෙන් කල වැරදි වලට වන්දි ගෙවා අවසාන වීමෙන් පසු නිරයට යෑමට සිදු වන්නේය. ඒවා ගැන දැම්ම සිතා බැලිය යුතු නොවේද?
ඉරානය අනෙක් රටවල් මෙන් පරමාණුක බලශක්ති ආයතනයේ ලියා පදිංචි වූ රටකි. එසේ තිබියදී ඔවුන්ට එරෙහිව සම්බාදක පැනවීම කෙසේ නම් සාධාරණ විය හැකිද? එපමණක් නොව ඇමරිකාව සමග ඉරානය සකජ්ජා පවත්වන අතර වාරයේදීම ඇමරිකාව විසින් ඉරානයට දෙවරක් ම පහර දීම අනුමත කල හකිද?
අද ලෝක ආර්ථිකය දරුණු ලෙස පිරිහෙමින් ඇත. ඊට ප්රධාන හේතුව ඇමරිකාව විසිටින් සිදු කල විනාශ කාරී යුද්ධය වේ. මෙම යුද්ධය ආරම්භ වීමට හේතුව ඇමරිකාව විසින් ඉරානයේ පාසල් දැරියන් 160ක් අමු අමුවේ ඝාතනය කිරීම වේ. එම ඝාතන එක්සත් ජාතිනේගේ සම්මුතිය උල්ලංගනය කිරීමකි. එම පහර දීමේ ප්රතිපලයක් ලෙස ඇතිවී තිබෙන යුද්දය නිසා උද්දමනය දැවැන්ත ලෙස ඉහළ යමින් තිබේ. බොහෝ රටවල්වලට එය දරා ගැනීමට පවා අසීරු මට්ටමකට දැන් පත්ව තිබේ.
ඉස්රායලය සිතාගෙන ඉන්නේ ඔවුන් නීතියට උඩින් සිටින බවයි. ඒ අනුව ICC වලින් නිකුත් කොට ඇති නියෝග ඔවුන් නොසලකා හැර ඇත. නෙතෙනියාහු හට ඇති වරෙන්න්තු ඔහු පිලි ගන්නේද නැත. මෙය ඉතා විශාල වැරැද්දකි. එහෙත් මේ සඳහා කිසිම ක්රියා මාර්ගයක් දකින්නට නැත.
අද සිදුවන යුද්ධ වල ප්රතිපලයක් ලෙස ලෝකවාසින් වෙනුවෙන් දෙවියන් මවා ඇති සම්පත් විනාශයට පත් වෙමින් තිබේ. ඒ අනුව ගෑස් සහ තෙල් සම්පත් නිකරුනේ ගිනි ගනිමින් ඇත. එහි ප්රතිපලයක් ලෙස ඒවායේ මිල අහස උසට නැග ඇත. එමගින් වැඩි පුරම බැට කන්නේ නගරවල වාසය කරන ජනතාවයි. මෙම යුද්ධය තවදුරටත් දික් ගැස්සුනොත් නගරවල ජිවත් වීමට නොහැකි වනු ඇත.
ලෞකික ජීවිතය තාවකාලික එකකි. එබැවින් මිනිසා කරන සෑම දෙයක් ගැනම දෙවියන් හට වග කිවයුතු ය. ඒ බව සිතේ තබාගෙන ජිවත් වීමට වග බලාගත යුතුය. එහෙත් බල තන්හාවට වහල් වූ රාජ්ය නායකයින් මිනිස් ජීවිතය විනාශය කර රැගෙන යමින් ඇත.
By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment