Posts

Showing posts from April, 2021

දෙවියන් වැරදි කරුවන්ට දඬුවම් කිරීම ප්‍රමාද කරන්නේ ඇයි? (Why does God delay punishing wrongdoers?)

Image
වැරදි කරුවන්ට එවෙලේම දඬුවම් කිරීම දෙවියන්ට අමාරු කාර්යයක් නොවේ. එහෙත් මිනිසුන් කරන වැරදි වලට එම මොහොතේදීම දඬුවම් කලේ නම් මිහිපිට කීදෙනෙක් ඉහිරී වනු ඇත්දැයි කිව නොහැක. එම කරුණ මෙම කුර්ආන් වැකිය තුල දැකිය හැකිය.  "අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ ආපස්සට යෑමට ලැබෙන්නේ නැත" (කුරානය 16:61). දෙවියන් මහා කරුනිකයා ය. එසේම ඔහු අසීමිත ලෙස ඉවසීම ඇති තැනැත්තා ය. මේ හේතුවෙන් ඔහු මිනිසා මොනතරම් වැරදි කලත් එවෙලේම දඬුවම් කරන්නේ නැත. මේ නිසා මිනිසාට ඒවා හදාගෙන යහපත් ජිවිතයක් ගොඩ නගා ගැනීමට අවස්තාව ලැබී ඇත. එසේ තිබියදී දෙවියන් ගේ දඬුවම් ප්‍රමාද වීම දකින්නේ වැරදි කිරීමට ලබා දී ඇති අවස්තවක් ලෙස නම් එය තමාටම කර ගන්නා හානියකි. දෙවියන් සෑම කෙනෙක්ම කරන දේවල් හොඳින් දකින්නේය. එහෙත් ඒවා ප්‍රශ්න කිරීම සඳහා ඊට නියමිත වෙලාව තෙක් කල් දමා තිබේ. එය කුරානය තුල මෙසේ සඳහන් වේ. "වැරදි කරුවන් කරන දේවල් ගැන අල්ල...

ඉස්ලාමයට අනුව හදවතේ කාර්යභාරය කුමක්ද? (According to Islam, what is the role of the heart?)

Image
ඈත අතීතයේ සිටම, මිනිස් ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන්නේ මොළයෙන් යැවෙන පණිවිඩ මගින් බව මිනිසුන් විශ්වාස කළහ. කෙසේ වෙතත්, මෑතකාලීන පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ හෘදය විසින් මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන බවයි. එම කරුණ දැනට වසර 1450කට පමණ පෙර පහළ කරන ලද කුරානයේ ඇති ඇතැම් කරුණු වලින් තහවුරු වේ. කුරානයේ එක් තැනක මෙසේ දැක්වේ.  "ඔවුන් කරමින් සිටි දේ ඔවුන්ගේ හදවත් මත මල බැඳීමක් ලෙස පතිත විය".  මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාද හදවත සම්බන්දයෙන් මෙවැනි ප්‍රකාශනය සිදු කොට තිබේ.  “අපගේ ශරීරයේ එක් මාංශ කොටසක් ඇත. එය හොඳ තත්වයේ පවතින්නේ නම් මුළු ශරීරයම යහපත් වේ; එය දූෂිත වුවහොත් මුළු ශරීරයම දූෂිත වේ. දැනගනු, එය හදවතයි"   මිනිස් ක්‍රියාකාර කම් හේතුවෙන් ඇතැම් හදවත් දැඩි වන බව ඉස්ලාමය පෙන්වා දෙයි. එවිට ඇස් තිබුනත් හරිදේ නොපෙනී යයි. කන් තිබුනත් සත්‍යය ඇසෙන්නේ නැත. හදවත තිබුනත් නිවැරදි දේ වැටහෙන්නේ නැත. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි;  "ඔවුන්ට සිත් ඇත්තේය. (එහෙත්) එමගින් ඔවුන් වටහා නොගන්නෝය. තවද, ඔවුනට ඇස් ඇත්තේය (එහෙත්) එමගින් ඔවුන් නොබලන්නෝය. ඔවුන්ට කන් ඇත්තේය (...

කුරානයට අනුව යකඩ පෘථිවියට පැමිණියේ කෙසේද? (How did iron come to earth according to the Quran?)

Image
අල්-කුරානයේ තාරකා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු රාශියක් ඇතුලත් වේ. පෘථිවියට යකඩ ලෝහය ලැබුණු අකාරයත් ඉන් එකකි. කුරානයේ සඳහන් වන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට යකඩ ලෝහය ලැබී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති තරුවක් පිපිරී යාම නිසා විය යුතුය. මෙම වගන්තිය අනුව එය අනුමාන කල හැකිය.  “තවද, අපි යකඩයද පහළ කෙළෙමු . එහි ඉමහත් බලයක්ද මිනිසුන්ට නොයෙක් ප්‍රයෝජනද ඇත්තේය” (Q 57:25). මෙම වැකිය තුල යකඩ ලෝහය "මැව්වෙමු" යැයි   සඳහන් කිරීම වෙනුවට  " පහළ කෙළෙමු "  යැයි විශේෂයෙන් සඳහන් කිරීම නිසා අපට එම නිගමනය වෙත පැමිණිය හැකිය. එහි විශේෂත්වයක් නොතිබුනේ නම් අනෙක් දේවල් මෙන්  "අපි මව්වෙමු" යැයි සඳහන් කිරීමට තිබුනේය.  විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට යකඩ ලෝහය නිපදවිය හැකි තරම් උෂ්ණත්වයක් සුර්යා තුල පවතින්නේ නැත. සුර්යාගේ බාහිර් උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 පමණ වන අත‍ර එහි අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 20 ක් පමණ වන්නේය. මෙතරම් පහළ උෂ්ණත්වයකදී හීලියම් වායුව කාබන් සහ ඔක්සිජන් බවටත් අනතුරුව යකඩ බවටත් පරිවර්තනය කල නොහැකි ය. යකඩ ලෝහය නිෂ්පාදනය කිරීමට උවමනා ...

අල් කුර්ආනය දේව පණිවිඩයක් වීමට හේතුව (The reason why the Quran is a message of God)

Image
ඕනෑම ග්‍රන්තයක වැරදි තිබිය හැකිය. සැකයට තුඩු දෙන තැන් තිබිය හැකිය. පරස්පරතාවයන් තිබිය හැකිය. එහි ඇති කරුණු කාලයත් සමග යල්පැන ගිය ඒවා විය හැකිය. තවද අවිද්‍යාත්මක දේවල් ඇතුලත් විය හැකිය. එහෙත් අල් කුරානයේ මේවා කිසිවක් නැති වීම විශේෂත්වයකි. අල් කුරානයේ ඇති භාෂා විලාසය අද්විතීය එකක් වන අතර එය සාහිත්‍ය ලෝකයේ ඇති වටිනාම ග්‍රන්ථයක් ලෙස සැලකේ. එය පද්‍ය හෝ ගධ්‍ය රචනාවක් නොවුනත් එය පරායණය කරන විට අරාබි නොදන්නා කෙනෙකුගේ පවා සිත ඒ දෙසට ආකර්ෂණය වේ. වැකි හය දහසකට වඩා ඇති අල් කුරානය අකුරක් හෝ නෑර සම්පුර්ණයෙන්ම කටපාඩම් කිරීමට හැකි වීම එහි ඇති විශේෂත්වයකි. මේ නිසා ලොව පුරා සම්පුර්ණයෙන්ම කුරානය කටපාඩම් කල හාෆිස්වරු සිය දහසකට වඩා සිටින්නේය. අල් කුරානය හැර වෙනත් කිසිම ග්‍රන්ථයක් එලෙස කටපාඩම් කොට නැත.  අල්-කුරානය දෙවියන්ගෙන් පහළ වූ ග්‍රන්ථයක් බව පිලි නොගන්නා කෙනෙකුට එවැනි ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙන එන ලෙස අභියෝග කරන්නේය.  “අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප පහල කල දැය (වන අල්-කුරානය කෙරෙහි) නුඹලා සැකයෙහි සිටින්නේ නම් එවැනි පරිච්චේදයක් ගෙන එන්න. නුඹලා සත්‍යවන...