Posts

Showing posts from October, 2021

ආත්මය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the soul)

Image
ආත්මය නොහොත් ජිවය විද්‍යාත්මක උපකරණවලට හසු කර ගත නොහැකි ය. එබැවින් විද්‍යාව කොතරම් දියුණුවී ඇතත් ජිවය පිළිබඳව විඥාඥයින්ට ඇත්තේ අල්ප දැනුමකි. කෙසේ වෙතත් කෙනෙකුගේ මරණය සිදු වූ වහාම ශරීරයේ  බර අඩු වන බව සොයාගෙන තිබේ.  අල් කුරානයට අනුව අදම්තුමාව මැවීමෙන් පසු ඔහුගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කොට තිබේ. ඉන් පසු ඔහුගේ ක්‍රියාකර කම් ආරම්භ විය. ආත්මය පිළිබඳව නබිතුමාගෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් මෙම කුර්ආන් වැකිය පහළ විය.  "ඔවුන් ප්‍රාණය ගැන නුඹගෙන් විමසති. ප්‍රාණය මාගේ සමිඳුන්ගේ (رب) අණ පරිදිම ඇතැයි ද (එය ගැන) සුළු දැනුමක් පමණක් ඔබලාට දෙනු ලැබ ඇතැයි ද පවසනු"  (කුරානය 17:85).  මේ හේතුවෙන් මිනිසාට ආත්මය පිලිබඳව දෙවියන් දැනුම් දෙන ලද දේට වඩා වැඩි දෙයක් දන්නේ නැත. අල් කුරානයට අනුව ආත්මයට "රුහ්" යැයි කියනු ලැබේ. එය මෙලොවට අයත් නොවේ. ඒ අනුව කෙනෙකුගේ මරණයත් සමග එය නැවතත් දෙවියන් වෙත රැගෙන යාමට නියමිතය. අල් කුරානයේ සඳහන් වන ආකාරයට මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසාව පරික්ෂා කොට බැලීම සඳහාය. එම කරුණ කුරානයේ මෙලෙස සඳහන් වේ. "ඔහු මරණය සහ ජිවය මවන ලද්දේ නුඹලා අතරින් යහපත් ක්‍රියාවන...

සිත් සැනසුම ලබන්නේ කොතැනද? (Where do hearts find peace?)

Image
දෙවියන්ගේ සැලසුම අනුව මිනිස් ජීවිතය පුරාවට දුක සහ සතුට මාරුවෙන් මාරුවට පැමිණෙන්නේය. ඒ අනුව කිසිම කෙනෙක් සෑම විටම සතුටින් සිටින්නේ හෝ දුකින් සිටින්නේ හෝ නැත. උදාහරණයක් ලෙස යම් කෙනෙක් කුසගින්නේ සිටින විට රසවත් ආහාරයක් ලැබුණු විට ඔහු සතුටට පත් වන්නේය. අනෙක් අතට එය නොලැබීම නිසා ඔහු අසතුටට පත් වන්නේය. එසේම කෙනෙක් විභාගයකින් සමත් වීමෙන් සතුටට පත් වන්නේය. අනෙක් අතට ඔහු විභාගයකින් අසමත් වුයේ නම් අසතුටට පත් වන්නේය. මෙවැනි බොහෝ දේවල් මිනිස් ජීවිතය පුරාවට දැකිය හැකිය. මේ සෑම දෙයකටම හේතුව මිනිස් ජීවිතය පරීක්ෂාවක් වීමයි. ඒ බව කුරානයෙන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් යම් කෙනෙකු දුකට පත් වූ අවස්ථාවකදී ඊට සාර්ථකව මුහුණ දීම සඳහා ඔහුගේ සිතේ ඇති සැනසීම ඉතා වැදගත්ය. එබැවින් එය අත්කර ගත හැකි ක්‍රමය කුරානයෙන් පෙන්වා දී තිබේ. එහෙත් මෙලොව ජීවිතයේදී සදාතනිකව සතුටින් සිටිය හැකි මාර්ගයක් කුරානය තුල දැකිය නොහැකිය. කුරානයට අනුව සදාතනික සතුට තිබෙන්නේ මරණයෙන් පසුව එළඹෙන ස්වර්ගයේදීය.   මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාස නොකරන බොහෝ අය සතුට වෙනුවෙන් බොහෝ දේවල් කරන්නේය. ඒ අනුව සමහරු අධික ලෙස වස්තුව සේවිමෙන්ද, තවත් ...

නබිතුමා ඔහුගේ උපන් දිනය සැමරුවාද? (Did the Prophet celebrate his birthday?)

Image
බොහෝ ඉස්ලාමීය බැතිමතුන් නබිතුමාගේ උපන් දිනය සමරති. එහෙත් එවැනි සැමරීමක් නබිතුමා පෙන්වා දුන්නේ නැත. තවද, නබිතුමාගෙන් පසුව පැමිණි කලීෆා වරුන්ද එවැනි සැමරීමක් සිදු කලේ නැත. ඒ හැරුණු විට මස්හබ් බිහිකළ ඉමාම් වරුන් පවා නබි තුමාගේ උපන් දින සැමරීම අනුමත කොට නැත. එපමනක් නොව නුතන ලෝකයේ ජිවත්වන කිසිම විද්වතෙක් නබිතුමාගේ උපන් දින සැමරීම අනුමත කොට නැත.  නබිතුමාගේ උපන්දිනය සැමරීම කෙසේ වෙතත් කෙනෙකුගේ ඊමාන් විශ්වාසය සම්පුර්ණ වන්නේ ඔහු මුහම්මද් නබි තුමා කෙරෙහි තම ජිවිතයට වඩා ඉහලින් ආදරය කරන්නේ නම් පමණි. එහෙත් එම ආදරය පමණ ඉක්මවා ගොස් එතුමාව දේවත්වයට පත් කිරීම විශාල වරදකි. එබැවින් අල්ලාහ්ට පමණක් ආවේනිකවූ ගුණාංග නබිතුමාට ආරෝපණය නොකළ යුතුය. එසේ තිබියදී ඇතැම් අය නබිතුමාගේ ගුණ වර්ණනා කිරීමේදී ඔහුට අල්ලාහ්ගේ ගුණාංග ආරෝපණය කරති. එසේ කිරීම අල්ලාහ්ට සමානයන් ඇතිරීමක් වේ. ඒ අනුව එය මහා පාපයක් ද වේ. නබිතුමා පෙන්වා නොදුන් දේවල් ඉස්ලාම් දහම තුලට ඇතුලත් කිරීම නබිතුමා විසින් තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ. එසේ තිබියදී උපන් දින සැමරීම ඉස්ලාම් දහම තුලට ඇතුලත් කරන්නේ කෙසේද? එවැනි දේවල් කිතුනුවන් විසින් ජේසු තුමා වෙනුවෙන්ද ...

අහංකාරකම පිලිබඳ ඉස්ලාමීය අනතුරු ඇඟවීම (Islamic warning about pride)

Image
පුද්ගලයෙකුගේ ඇදහිල්ල අහෝසි කළ හැකි විනාශකාරී ආධ්‍යාත්මික රෝගක් ලෙස අහංකාරකම පෙන්වා දිය හැක. අහංකාරකමට  අරාබි බසින් 'කිබ්ර් ' යැයි කියනු ලැබේ. නබිතුමා පවසා ඇති ආකාරයට කෙනෙකුගේ සිතේ අනු ප්‍රමාණයක්වත් අහංකාරකම තිබුනේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. අල්ලාහ් අහංකාරය ප්‍රිය නොකරන බව කුරානය තුල මෙලෙස සඳහන් වේ.  "ඔහු (අල්ලාහ්) අහංකාරය පෙන්වන්නන්ව ප්‍රිය නොකරන්නේය" (කුරානය 16:23). එමගින්  මිනිසා අල්ලාහ්ගෙන් දුරස් වේ.  උඩඟු කම යනු කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම යි. එහෙත් හොඳ ඇඳුම් ඇඳීම හෝ හොඳ පාවහන්වලට ප්‍රිය කිරීම අහංකාරකම නොවේ. කෙසේ වෙතත් සහාබාවරුන් එසේ කිරීම අහංකාර කමේ එක් ආකාරයක්දැයි කනස්සල්ලට පත් වුහ. එවිට නබිතුමා එම කරුණ මෙසේ පැහැදිලි කළේය: "සැබැවින්ම අල්ලාහ් අලංකාරය; ඔහු අලංකාරය ප්‍රිය කරයි. එහෙත් අහංකාරකම යනු සත්‍යය ප්‍රතික්ෂේප කිරීම සහ මිනිසුන්ව පහත් කොට සැලකීම බව පැහැදිලි කළේය" (සහීහ් මුස්ලිම්) මෙම ප්‍රකාශයෙන් පෙනී යන්නේ පිළිවෙළකට පෙනී සිටීම වරදක් නොවන බවයි. එහෙත් අන් අයව පහත් කොට සැලකීම වරදකි. අහංකාරකම අල්ලාහ් අනුමත කරන්නේ නැත. එබැවින් කුරානයේ මෙලෙස සඳහන්...