අල් කුර්ආනය සහ විද්‍යාව (Quran and science)



අල් කුරානය පහළ වන්නේ 7 වන සියවසේදීය. එහෙත් එහි ඇති විශේෂත්වය වන්නේ එහි 20 වන සියවසේදී සොයා ගත් බොහෝ දේවල්වල අවසාන ප්‍රතිපලය ඉතා නිවැරදිව සඳහන් කොට තිබීමයි. ඊට ප්‍රධාන හේතුව අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවීමය. 

ගෙවීගිය දශක කිහිපය තුලදී විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ඉතා වේගයෙන් දියුණුටට පත්ව තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසා සෑම ක්ෂේස්ත්‍රයකින්ම කැපී පෙනෙන දියුණුවක් ලබා ගෙන ඇත. කෙසේ වෙතත් මිනිසා විසින් ලබා ගන්නා දැනුම කාලයත් සමග වෙනස් වේ. එහි ප්‍රතිපලයක් ලෙස විද්‍යාඥයින් විසින් කාලෙන් කාලෙට වෙනස් මත පල කරනු දැක ගත හැකිය. උදාහරණයක් වශයෙන් ඈත අතීතයේදී මිනිසා විශ්වාස කළේ පෘථිවිය පැතලි තැටියක් ලෙසය. එහෙත් මිනිසාගේ දැනුම දියුණු වනවාත් සමග එම මතය වෙනස් විය. එසේම විද්‍යාවේ දියුණුවට පෙර සුර්යයා අචල වස්තුවක් ලෙස සැලකුවේය. එහෙත් පසු කාලයේදී සුර්යයා භ්‍රමණය වෙමින් ඊට නියමිත කක්ෂයක ගමන් කරන බව සොයාගෙන තිබේ. තවද විද්‍යාවේ දියුණුවට පෙර සලකනු ලැබුවේ විශ්වය සදාකාලික බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග එම මතය වෙනස් විය. 
 
කෙසේ වෙතත් 7 වන සිය වසේදී පහළ වූ අල් කුරානය මගින් පෘථිවිය ගෝලාකාර බවක් සඳහන් කරයි. එය එදාට මෙන්ම අදටත් සත්‍යයකි. තවද සුර්යයා බ්‍රමණය වන බවත් ඊට නියමිත කක්ෂයක ගමන් කරන බවත් සඳහන් වේ. මෙම කරුණ එදාට මෙන්ම අදටත් සත්‍යයකි. එපමණක් නොව මිනිස් කළලයේ විවිධ අවස්ථාවන් ගැන අල් කුරානය මගින් ඉතා නිවැරදි කරුණු ඉදිරිපත් කොට තිබේ. එහෙත් එම කරුණු අනාවරණය කර ගනු ලබෙවේ 20 වන සිය වසරේදීය. එම අනාවරණය ඇතුලත් වන කුර්ආන් වැකි අධ්‍යයනය කළ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ නාරි වේදය පිලිබඳ මහාචාර්ය කිත් එල් මුවර් සඳහන් කරන්නේ විද්‍යාව නොදියුණු හත් වන සිය වස තරම් ඈත කාලයේදී එවැනි දෙයක් සඳහන් කිරීමට නම් කුරානය දෙවියන්ගේ පණිවිඩයක් විය යුතු බවයි. 

කුරානය පහළ වන්නේ විද්‍යාව ඉගැන්වීමට නොවුනත් එහි භූගර්භ විද්‍යාව, අභ්‍යාවකාශ විද්‍යව, සාගර විද්‍යාව වැනි විෂයන්ට අයත් කරනු ඉතා නිවැරදිව සඳහන් කොට ඇත. එම කරුණු සියල්ලම නවීන විද්‍යාව  සමග මැනවින් එකඟ වීම තුලින් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව තහවුරු කර ගත හැකිය.  
 
විද්‍යාඥයින් විසින් මෙතෙක් සොයා ගෙන නැති බොහෝ දේවල් ද අල් කුරානයේ අඩංගු කොට ඇත. උදාහරයක් ලෙස විශ්වයේ බිහි වීම සහ එහි විනාශය ගෙන හැර දැක්විය හැකිය. එපමණක් නොව මුල්ම ජිවය ඇතිවු අන්දම කුරණයේ සඳහන් වේ. එහෙත් මෙවැනි දේවල් සඳහා අංග සම්පුර්න නිවැරදි විද්‍යාත්මක පිළිතුරක් මෙතෙක් ලබා දී නැත. 

විද්‍යාත්මක පර්යේෂණ වලට සීමාවක් තිබේ. ඒ අනුව මරණයෙන් පසු සිදු වීමට නියමිත දේවල් ගැන විද්‍යාඥයින්ට පර්යේෂණ කල නොහැකිය. කෙසේ වෙතත් දෙවියන් පහළ කරන ලද කුරානයේ මතු ජීවිතය ගැන බොහෝ කරුණු ඉදිරිපත් කොට ඇත.  ඒවා මිනිසාගේ විමුක්තිය සඳහාම පහළ වූ ඒවාය. 

කුරානයේ ඇති කිසිම කරුණක් මෙතෙක් වැරදි බවට සොයාගෙන නැත. අනෙක් අතට දැනට සොයාගෙන ඇති කරුණු අනුව කුරානයේ ඇති සියලුම දේවල් සත්‍යය කරුණු බව තහවුරු කොට තිබේ. ඒ අනුව මරණයෙන් පසු සිදු වීමට නියමිත දේවල් සියල්ලම අනිවාර්යයෙන්ම සත්‍යය විය යුතුය. 

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)