Posts

Showing posts from February, 2018

විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)

Image
ආගමික විශ්වාසය අනුව විශ්වය සහ එහි ඇති සියලුම දේවල් සර්වබල දෙවියන්ගේ නිර්මාණයන් වේ. කෙසේ වෙතත් මිනිසා දහමින් ඈත්වීමේ ප්‍රතිපලයක් ලෙස මිනිසුන්ගෙන් විශාල පිරිසක් එම විශ්වාසයෙන් බැහැර වී තිබේ. ඒ අනුව අප දන්නා ඉතිහාසය තුල බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුයේ විශ්වයට ආරම්භයක් නොමැති බවත් එය සදා කල් පැවති බවත් ය. කෙසේ වෙතත් 1924 වර්ෂයේදී එඩ්වින් හබල්, ඔහුගේ දුරේක්ෂය උපයෝගී කරගෙන විශ්වය ප්‍රසාරණය වන බව සොයාගත්තේය. එම ප්‍රතිපයල පදනම් කරගෙන ජෝජ් ලැමාක් (Georges Lamaitre) නමැති විද්‍යාඥයා මහා පිපිරුම් වාදය ඉදිරිපත් කල අතර, විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව නිගමනය කළේය. කෙසේ වෙතත් එම ආරම්භය සිදු වු ආකාරය, අදටත් විද්‍යාඥයින් අතර ඇති ප්‍රධාන ප්‍රශ්නයකි! යම් දෙයක් ඇතිවීමට බාහිර මැදිහත් වීමක් අවශ්‍යය. එසේ නොවන්නට එය ඇති වන්නේ නැත. උදාහරණයක් ලෙස ගොඩනැගිල්ලක් ඇති වන්නේ ගෘහ නිර්මාණ ශිල්පින් නිසාය. එසේම විශ්වය ඇති විය හැක්කේ ඥානාන්විත එක් දෙවිකෙනෙකුගේ මැදිහත් වීම නිසා ය. එසේ නොවුයේ නම් විශ්වය තුල ව්‍යාකුලතා මතුවී එය විනාශයට පත්වනු ඇත. කෙසේ වෙතත් අප දකින විශ්වය වසර බිලියන ගණනාවක් තිස්සේ විනාශ නොවී පවතින්නේ විශ...

ඉස්ලාම් දහම තුලට නව කොටස් එකතු කළ නොහැක්කේ ඇයි? (Why innovations cannot be added to Islam?)

Image
ඉස්ලාම් යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද ආගමක් නොවේ; එය අල්ලාහ් විසින් පහළ කරන ලද්දකි. එබැවින්, එහි ඇති ඉගැන්වීම් මිනිසාට වෙනස් කළ නොහැක. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහම්මද් නබිතුමාට පහළ වූ ඉස්ලාම් දහම අදටත් ලිඛිත වශයෙන් සුරක්ෂිතව පවතී. තවද මුහම්මද් නබිතුමාගේ ජිවිත කාලය තුලදීම එම දහම සම්පුර්ණ කෙරුණේය. එම කරුණ, මෙම කුරආන් වැකියෙන් තහවුරු කොට ඇත. “අද දින, මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි. තවද, මාගේ දායාදයද නුඹලාට සම්පුර්ණ කෙරුවෙමි, තවද මා ඉස්ලාමය නුඹලාට ආගම ලෙස පිලිගනිමි” (කුරානය 5:3). මේ නිසා ලෝකය පවතින තුරු ඉස්ලාම් දහමෙහි කිසිම වෙනසක් කල නොහැක. ලිඛිත වශයෙන් ඉස්ලාම් දහම සුරැකි තිබුනත් ඇතැම් උදවිය දහමේ නාමයෙන් ඉස්ලාම් දහමේ උගන්වා නැති දේවල් පින් බලාපොරොත්තුවෙන් සිදු කරති. එහෙත් ඉස්ලාමිය ඉගැන්වීම් අනුව එය විශාල වරදකි. නබිතුමා පෙන්වා නුදුන් සියලුම ඇදහිලි නොමග ගිය දේවල් බව නබිතුමාගේ හදිස්වලින් පෙන්වා දී තිබේ. අරාබි භාෂාවෙන් මේවා * බිදඅ'ත්* යැයි හඳුන්වනු ලැබේ.  බිදඅ'ත්  සම්බන්දයෙන්  නබිතුමා මෙසේ පවසා තිබේ. "කව්රුන් හෝ මේ දහම තුලට අලුතින් දෙයක් එක්කළේ නම් එය දහමේ අංගයක් නොව...

සමලිංගිකත්වය පිළිබඳ ඉස්ලාමීය දැක්ම (Islamic view of homosexuality)

Image
ඉස්ලාමිය විද්වතුන්ගේ ඒකමතික නිගමනය වනුයේ සමලිංගික සේවනය තහනම් බවයි. එය කුරානයෙන්ද නබි වදන්වලින්ද සමස්ත මුස්ලිම්වරුන්ගේ ඒකමතික තීරණය අනුවද සනාථ කොට ඇත. මෙම ක්‍රියාව ස්වභාවික නීතියටද පටහැනි වේ. සම ලිංගික ඇසුර ලුත් නබිතුමාගේ කාලයේ ජීවත්වූ ජනතාව අතර දක්නට තිබුනේය. ඒ අනුව එම ජනයා කාන්තාවන් වෙනුවට පිරිමින් සමග තම ලිංගික ආශාවන් සපුරා ගැනීමට පෙළඹී තිබේ. මෙම අනර්ථ ක්‍රියාව ඊට පෙර කිසිවෙකු විසින් සිදු කොට නැත. එම ජනතාවට අවවාද කිරීම පිණිස ලුත් නබිතුමා පැමිණ තිබේ. ඔහු කොපමණ අවවාද කලත් එම ජනයා එම වැරැද්දේම නියැලී සිටියහ.  "ලූත්, සිය සමුහයා වෙත (ගොස්): 'නුඹලාට පෙර ලොවැසියන් කිසිවෙකු නොකළ ලැජ්ජා සහගත දෙය නුඹලා කරමින් සිටින්නේහු දැයි (ඇසු බව සිතා බලන්න). ඇත්ත වශයෙන්ම නුඹලා ස්ත්‍රින්ව හැර දමා පිරිමින් වෙතට (කාම) ආශාවන් වෙනුවෙන් යන්නේහුය. තවද, නුඹලා සීමාව ඉක්මවූ කණ්ඩායම වන්නෙහුය" (කුරානය 7:80-81). දිගින් දිගටම එම වරදේ නියැලී සිටිම නිසා ඔවුන් මතට ගල් වරුසාව වස්සවා විනාශ කල බව මෙම කුර්ආන් වැකියෙන් දැක ගත හැකිය. "අපි ඔවුන් මත (ගල්) වර්ෂාව වැස්සුවෙමු. වැරදිකරුවන්ගේ අවසානය...

How to Deal with Doubts about Islam? - Hamza Tzortis

Image

This Video Made Me Convert To Islam!

Image