Posts

Showing posts from December, 2021

අල්ලාහ් සමාව නොදෙන පාපයන් කුමක්ද? (What are the sins that Allah does not forgive?)

Image
පොදුවේ සෑම පවකටම සමාව තිබේ. එහෙත් අල්ලාහ් සමග වෙනත් දේවල් සම කරමින් සිටියදී යම් කෙනෙක් මිය ගියේ නම් ඔහුට මතු ජීවිතයේදී සමාව ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් අල්ලාහ්ට සමානයන් ඇති කිරීම හැර අනෙක් වරදවල් සඳහා ඔහු කැමති අයට සමාව දෙන්නේය. "නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත්  එම වරද හැර වෙනත් දේවල් සඳහා ඔහු තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි"  (කුරානය 4:48). මළවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම හෝ ඔවුන් වෙනුවෙන් පඩුරු දැමීම හෝ අල්ලාහ්ට පමණක් කළ හැකි දේවල් මිනිසුන්ගෙන් බලාපොරොත්තු වීම අල්ලාහ්ට සමානයන් ඇති කිරීමක් ලෙස සැලකේ. එම වැරදි මහා පාපයන් වේ. ඒ අනුව යම් කෙනෙක් එවැනි වැරදි වල නියත වුයේ නම් ඔහු මිය යාමට පෙර පසුතැවිලි වී අල්ලාහ්ගෙන් සමාව අයැදිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඉහත කුර්ආන් වැකියෙන් සිදු කොට ඇති අනතුරු හැඟවීම ගැන නැවත සිතා බැලිය යුතුය.  අල් කුරානය පහළ වීමට පෙර පැවති දහම් පණිවිඩවල මුහම්මද් නබිතුමාගේ පැමිණීම ගැන පැහැදිලිව සඳහන් කොට තිබී ඇත. කෙසේ වෙතත් ඇතැම් පුජකවරුන් ඔවුන්ගේ ලෞකික වාසි...

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)

Image
ලෝකයේ සත්ව විශේෂ මිලියන 8.7 ක් පමණ ජිවත්වන බව ඇස්තමේන්තු කොට තිබේ. මේ සෑම සත්ව කුලකයක් තුලම අතිවිශාල ජීවින් සංඛ්‍යාවක් සිටිති. මේ සෑම ජිවියෙකුටම ආහාර ලබා දෙන්නේ කවුද?  අළු තල්මසුන් දින 130 ත් 140 ත් අතර කාලය තුල කිලෝ ග්‍රෑම් 150,000 ක් පමණ ආහාර අනුභව කරන්නේය. එහෙත් කිසිම තල්මසෙක් ඔවුන්ගේ හෙට දිනයේ අහාර වේල ගැන කනස්සල්ලට පත්වන්නේ නැත. එසේම අලියෙක් දිනකට රාත්තල් 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ආහාර අනුභව කරන්නේය. මෙතරම් විශාල අහාර අවශ්‍යතාවයක් තිබුනත් කිසිම අලියෙක් නිරාහාරව සිටින්නේ නැත. ලෝකයේ සිටින අනෙක් ලොකු කුඩා සැම ජීවියෙකුත් එසේමය. මේ සම්බන්දයෙන් අල් කුරානය තුල මෙවැනි වැකියක් දැකිය හැකිය. "පොළොවෙහි වෙසෙන කවර ප්‍රාණියෙකු වුවද උන්ට ආහාර ලබා දීමේ වගකීම අල්ලාහ් කෙරෙහිම ඇත" (කුරානය 11:6).  මහ පොළොවේ ජිවත්වන සෑම ජීවියෙකුම අල්ලාහ්ගේ මැවීම් ය. ඒවා සියල්ල මැවූ අල්ලාහ් ඒවාට අවශ්‍ය අහාරපානද සපයා දෙන්නේය. ඒ අනුව සෑම ජිවියෙකුගේම පැවැත්ම වෙනුවෙන් දැවැන්ත අහාර දාමයන් ක්‍රියාත්මක කර තිබේ. මෙම අහාර දාමයන් අතර නිසි සමතුලිතතාවයක් නොතිබෙන්නට ඇතැම් ජීවින් සම්පුර්ණයෙන්ම වඳ වී යා හැකිය. එහෙත් ඥානා...