Posts
Showing posts from September, 2017
මුස්ලිම් පල්ලියේ කාර්යභාරය කුමක්ද? (What is the role of the mosque?)
- Get link
- X
- Other Apps
සෑම ජාතියකටම ඔවුන්ගේ නැමදුම් කටයුතු සිදු කිරීම සඳහා දේවස්ථාන තිබේ. ඒවා නොයෙකුත් නම් වලින් හඳුන්වනු ලැබේ. මුස්ලිම්වරුන්ගේ දේවස්ථානය නම් කොට තිබෙන්නේ මස්ජිදය ලෙසය. මස්ජිදයක තිබෙන විශේෂත්වය වන්නේ එහි දේව රූප හෝ පිළිම කිසිවක් නොමැති වීමයි. මස්ජිදයක් ඉතා සරලය. එහි ප්රධාන වශයෙන් සිදු කෙරෙන්නේ නගරයේ සිටින අය එකතුවී පාස්වෙලා සලාතය සාමුහිකව ඉටු කිරීම ය. ලෝකයේ ඇති සෑම මස්ජිදයක්ම නිර්මාණය කොට තිබෙන්නේ කාබාව දෙසට මුහුණලාය. ඒ අනුව මුස්ලිම්වරුන්ට පහසුවෙන්ම කාබාව දෙසට මුහුණලා සලාතය ඉටු කිරීමට හැකි වන්නේය. කාබාව ලෝකයේ ඇති ඉපැරණිම දේවස්ථානය වේ. එය මුලින්ම නිර්මාණය කලේ ඉබ්රාහිම් නබි තුමා සහ ඔහුගේ පුත් ඉස්මායිල් නබි තුමා විසින් ය. එය කළු ගලින් නිර්මාණය කොට ඇති හතරැස් ගොඩනැගිල්ලකි. අනෙක් ගොඩනැගිලි මෙන් නොව කාබාව පුරාණයේ සිටම කිස්වා නමැති රෙද්දකින් ආවරණය කොට තිබේ. හජ් වන්දනාවේ යන සෑම බැතිමතෙක්ම කාබාව වටා තවාෆ් කිරීම උතුම් කුසල් ක්රියාවකි. කාබා දේවස්ථානයෙන් පසු වැදගත් ස්ථානයක් උසුලන්නේ මස්ජිදුල් නබවි යන දේවස්ථානය වේ. එය මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ මුහම්මද් න...
ඉස්ලාමය බහු විවාහයට ඉඩ දෙන්නේ ඇයි? (Why does Islam allow polygamy?)
- Get link
- X
- Other Apps
ඉස්ලාම් දහමින් බහු විවාහය අනුමත කලත් කුරානය පහළ වන සමයේදී එම සිරිත ජනතාව අතර පැවතියේය. අල් කුරානයෙන් කෙරුනේ සීමාවක් නොමැතිව පැවති බහු විවාහය සතරකට සිමා කිරීම පමණි. තවද විවාහ වන භාර්යාවන් අතර සමානතාව පවත්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් එක් විවාහයක් පමණක් සිදු කරන ලෙස නියෝග කරන්නේ කුරණයෙන් පමණි. බහුවිවාහයට අවසර ලබා දෙන ඉස්ලාම් දහම විවාහයෙන් පිට සිදු කරනු ලබන අනියම් සම්බනයන් සපුරා තහනම් කරන්නේය. මේ නිසා කාමය වරදවා හැසුරුණු කෙනෙකුට ෂරියා නීතියෙන් දැඩි දඬුවම් නියම කොට තිබේ. එහි ප්රතිපලයක් ලෙස ඉස්ලාමීය සමාජය තුල අනාචාරයේ හැසිරුණු අයට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් බහු විවාහයට ඉඩ ලබා නොදෙන සමාජ තුල අනියම් ඇසුර බහුලව දැක ගත හැකිය. එය සමාජයේ යහ පැවැත්මට විශාල තර්ජනයක් පමණක් නොව නිත්යානුකූල විවාහයන් දෙදරා යාමටද සමාජ රෝග බෝවිමටද දික්කසාද වැඩි වීමට ද හේතුවක් වන්නේය. සමස්තයක් ලෙස ගත් කල ලෝකය පුරා කාන්තාවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. ඒ අනුව වසර 2010 දී ඇමරිකාවේ පමණක් පිරිමින්ට වඩා ගැහැණුන්ගේ වැඩිවීම මිලියන 5.1 ක් බව සංඛ්යාලේකන වලින් පෙන්නුම් කරයි. අනෙක් රටවල්වල තත්වයත් එසේමය....