Posts

Showing posts from April, 2020

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ බව පැවසීමේ සත්‍යයක් තිබේද? (Is there any truth to the claim that Islam spread by the sword?)

Image
ඉස්ලාම් දහම ව්‍යාප්ත වුයේ කඩුවෙන් බවට වැරදි මතයක් පවතී. නමුත් එහි කිසිඳු සත්‍යතාවයක් නැත. එවැනි ක්‍රම මගින් ලෞකික අරමුණු වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක සාමාජිකයින් ගොඩ වැඩිකළ හැකි වුවත්, මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා ඇති ආගමකින් එසේ කල නොහැක. ඉස්ලාම් යනු දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය මත ගොඩනැගුණු ආගමකි..විශ්වාසය සිත හා සම්බන්ද වී ඇත. එබැවින් කිසිවෙකුට කඩුවෙන් බිය වද්දා ඔහුගේ සිත තුලට විශ්වාසය ඇතුලත් කල නොහැක. දෙවියන් බලන්නේ කෙනෙකුගේ හදවත මිස රුපය නොවේ. එබැවින් කෙනෙක් අවංකව දෙවියන්ව විශ්වාස කොට ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබුනේ නම් ඔහුට කුලිය වශයෙන් ස්වර්ගය ලැබීමට නියමිතය. එහෙත් කෙනෙකුගේ බල පෑම නිසා ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබුනේ නම් එම තත්වය උදාවන්නේ නැත.  ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බව කියන උදවිය කුරානයේ ඇති මෙම වැකි නොදුටුවා විය හැකිය.  "මෙම ධර්මය (වැළඳ ගැනීමෙහිලා) කිසිඳු බල කිරීමක් නැත"  (කුරානය 2:256). තවත් තැනක මෙසේ දැකිය හැකිය.  "පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (ක...

ඉස්ලාම් දහමෙහි බිද්අත් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What is meant by bid'ah in Islam?)

Image
'බිද්අහ්' යන්නෙහි පාරිභාෂික අර්ථය අලුතින් නිර්මාණය කිරීම යන්නයි. එහෙත් ෂරියාව අනුව 'බිද්අහ්' යන්නෙන් අදහස් කරනු ලබන්නේ දහමින් පෙන්වා නොතිබෙන විශ්වාසයන් සහ ඇදහිලි අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා සිදු කිරම වේ. ඒ අනුව අල්-කුරානයෙන් හෝ නබිතුමාගේ හදිස්වලින් 'බිද්අහ්' සඳහා මුලාශ්‍රයන් සොයාගැනීමට නොහැකිය. නබිතුමාගේ අභාවයට කලින්ම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එම කරුණ මෙම කුර්ආන් වැකියෙන් තහවුරු කර ගත හැකිය.  "අද දිනයේදී මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි"  (කුරානය 5;3). එසේ තිබියදී කිසිවෙකුට ඉස්ලාම් දහම තුලට අළුත් විශ්වාසයන් හෝ ඇදහිලි එකතු කිරීමට හෝ අඩු කිරීමට කිසිම අවසරයක් නැත. දහම තුල 'බිද්අහ්' ඇති කරන තැනැත්තා නොකියා කියන්නේ නබිතුමා ඔහුගේ දූත මෙහෙවර සම්පුර්ණ නොකළ බවයි. ඒ අනුව ඔවුන් නබිතුමාට නොහැකි වූ දේවල් ඔහුගේ අභාවයෙන් පසු සම්පුර්ණ කරන බව හඟවමින් දහම තුලට අළුත් ඇදහිලි එකතු කරති.  පොදුවේ ගත්කල 'බිද්අහ්' ක්‍රියාවන් වැරදි දේවල් බව දහම ගැන මනා දැනුමක් නොමැති කෙනෙකුට පහසු...