Posts

Showing posts from July, 2021

විශ්වය මැවූ එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can there be more than one god who created the universe?)

Image
විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ එහි තිබෙන ඒකාකාරී බවය. තවද විශ්වය පුරා නොවෙනස්වන භෞතික නීති ක්‍රියාත්මක වේ. මෙවැනි දේවල් සිදු විය හැක්කේ විශ්වය එක් දෙවිකෙනෙක් විසින් මවා තිබුනේ නම් පමණි. ඊට අමතරව විශ්වය තුල බොහෝ විශ්ව නියතයක් දැක ගත හැකිය. උදාහණයක් ලෙස ආලෝකයේ වේගය විශ්වය තුල කොතැනකදීත් එක සමානය. තවද පරමාණුවේ ඇති මුලික අංශුවල ස්කන්දයන් නියත අගයන් ගන්නේය. මේවා ගැන හැදෑරීමෙන් පසු සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥවරයෙක් වන ස්ටෙෆාන් හොකින් මහතා ඔහුගේ "A brief History of time from Big Bang to Black Hole" යන කෘතිය තුල පවසා සිටින්නේ විශ්වය සර්වබලධාරී දෙවිකෙනෙකු විසින් මවා ඇති බවයි. ඇත්ත වශයෙන්ම විශ්වය දෙවිවරුන් කිහිප දෙනෙකු විසින් මවා තිබුනේ නම් විශ්වය පුරා ව්‍යාකුලතා ඇති වීම වැළැක්විය නොහැකිය. මේ සම්බන්දයෙන් අල් කුරානය මෙසේ සඳහන් කරයි. " (අහස සහ පොළොව යන) මේ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් සිටියේ නම් ඒ දෙකම ව්‍යකුලත්වයට පත්ව විනාශයට පත් වනු ඇත" (කුරානය 21:22). මේ හේතුවෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකම එක් දෙවි කෙනෙකු ගැන පමණක් සඳහන් වේ.  විශ්වයේ ක්‍ර...

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සඳහා ඉස්ලාමීය මග පෙන්වීම (Islamic guidance for a healthy life)

Image
  ඉස්ලාම් දහමින් මිනිසාට සම්පුර්ණ ජිවන රටාවක් පෙන්වා දී ඇත. ඒ අනුව එහි ඇති නැමදුම් ක්‍රම පවා නිරෝගී ජිවිතයකට මග පාදන්නේය. මුස්ලිම්වරයෙකු දෛනිකව සිදු කරනු ලබන සලාතය, වාර්ෂිකව සිදු කරනු ලබන උපවාසය සහ හජ් වන්දනය මගින් අල්ලාහ් දෙවියන් සමග සම්බන්දය ගොඩ ගනා ගැනීම පමණක් නොව ඉන් මානසික මෙන්ම ශාරීරික සුවය ද ලඟා කර දෙන්නේය. මුස්ලිම්වරුන්ට පංච කාල සලාතය සාමුහිකව මස්ජිකයේදී ඉටු කිරීම සඳහා නබි තුමා පෙන්වා දී තිබේ. මේ නිසා කෙනෙක් මස්ජිදය වෙත ඇවිදගෙන යාම කුසල් ක්‍රියාවක් වන අතර ශාරීරික ව්‍යායාමයක් ද වේ. ඒ අනුව කෙනෙකුගේ නිවස මස්ජිදයේ සිට දුරස්වන තරමට වැඩියෙන් ඇවිදීමට සිදු වන අතර එය සලාතයට ලැබෙන කුසල් වලට අමතරව ව්‍යායාමයක් ද වේ. මේ හැරුණු විට සලාතයේ ඇති එක් එක් ඉරියව් වලින්ද මිනිස් සිරුරට බොහෝ ප්‍රයෝජන ගෙන දෙන්නේය. විශේෂයෙන්ම සුජුද්හිදි නළල බිම තබාගෙන සිටින කාලය තුලදී මොලයට වැඩි වැඩියෙන් රුධිරය ගමන් කරන අතර එය මොලයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වේ. තවද එක් ඉරියව්වකින් තවත් ඉරියව්වක් කරා යාමේදී මාංශ පෙශින් ශක්තිමත් වන්නේය. මුස්ලිම්වරයෙක් සලාතය ඉටු කිරීමට පෙර වුළු කිරීම අනිවාර්ය වේ. එනම් මුහුණ කට සහ අත්පා...

දෛවය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in predestination)

Image
ලෝකයේ කුමක් සිදු වුවද, මිනිසුන් කුමක් කළද, හොඳ හෝ නරක වේවා, සියල්ල සර්වබලධාරී අල්ලාහ්ගේ සදාකාලික දැනුමට අනුව සිදු වන බව මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේය.  ඒවා සියල්ලම ලිඛිත ස්වරූපයෙන් ඔහු ළඟ දැනටමත් "ලහ්ෆුල් මහ්ෆුස්" නමැති පලකයේ (Preserved Tablet) සටහන් කර ඇත ( Kitab-ul-Aqaid, pp. 24). එය ඉස්ලාම් දහමේ ප්‍රධාන විශ්වාසයකි. මෙම කරුණ විශ්වාස නොකරන තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවේ. කෙසේ වෙතත් කෙනෙකුගේ දෛවය ප්‍රාර්ථනයන් මගින්ද සදකා හෙවත් පුණ්‍ය කටයුතු මගින්ද වෙනස් කල හැකි බව නබිතුමා පවසා තිබේ.  කෙනෙකුගේ දෛවය කලින්ම ලියා තැබීම හේතුවෙන් ඔහුගේ නිදහසට හානියක් සිදු  වන්නේ නැත. එසේ ලියා තැබීම අල්ලාහ්ගේ ඥානය හා සම්බන්ද කාරනාවකි.  යම් කෙනෙක් ස්වර්ගයට යනවාද එසේත් නැතිනම් නිරයට යනවාදැයි කලින්ම ලියා තැබීම නිසා ඔහුට අසාධාරණයක් සිදු නොවේ. ඇයිද යත් ඔහුට අවස්තාව දෙනු ලැබූ විට ඔහු එම තැනටම පටහ්වන බව අල්ලාහ් කලින්ම දන්නේය. ඊට හේතුව අල්ලාහ්ට ත්‍රිත්ව කාලයම එක සමාන බැවිනි. මේ හේතුවෙන් ලෝකයේ සිදු වීමට යන සෑම දෙයක්ක්ම කලින්ම සටහන් කර හමාරය. උදාහරණයක් වශයෙන් කෙනෙකුට මාර්ග කිහිපයක් පෙන්වා ඉන් කැමත...

විශ්වයේ බිහිවීම සහ එහි මිනිසාගේ කාර්ය භාරය (The creation of the universe and man's role in it)

Image
පෘථිවියට සාපේක්ෂව විශ්වය අතිවිශාලය. විශ්වයත් සමග සැසඳීමේදී පෘථිවියේ තරම දුවිලි අංශුවක තරම් වත් නැත. කුරානයේ, අහස ගැන සඳහන් කරන සෑම විටම පොළොව ගැනත් සඳහන් කරන්නේය. ඒ අනුව කුරානයේ එක් තැනක පොළව නිර්මාණය කල හැටිද, තවත් තැනක කඳු සහ ගංගා ගැනද පවසා ඇත. කුරානයේ තවත් තැනක ජීවින් සඳහා අහාර පාන නිර්මාණය කල හැටි සඳහන් කොට ඇත. ඉන් නොනැවතී පොළොවෙහි අවසානය සිදු වන්නේ කෙසේදැයි තවත් තැනක විස්තර කොට තිබේ.  විශ්වය දෙවියන්ගේ මැවීම් අතරින් එකක් පමණි. මිනිසා ඔහුගේ ලෞකික ජීවිතය අවසාන කල පසු යා යුතු වන්නේ දෙවියන්ගේ තවත් මැවීමක් වන ස්වර්ගයට හෝ නිරයට වේ. ස්වර්ගය සහ නිරය භෞතික ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් ස්ථානයන් වේ. කුරානයේ බොහෝ තැන්වල ඒවා ගැන විස්තර කොට තිබේ. කෙසේ වෙතත්, මව් කුසේදි ලෝකය ගැන දැනගැනීමට නොහැකි සේම, මරණයට පත්වන තුරු එම ලෝකය ගැන, දහම් පණිවිඩ වලින්ම මිස දැනගැනීමට හැකි වන්නේ නැත.  ලෞකික ජීවිතය පරීක්ෂාවක් බව කුරානයේ බොහෝ තැන්වල සඳහන් කොට තිබේ. ඒ අනුව මිනිසා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දෙමින් ජිවතය ජය ගත යුතුය. මිනිසාට පැවරෙන ප්‍රධානම කාර්යය වන්නේ විශ්වය මවා පාලනය කරන දෙවියන්ව විශ්වාස කොට ඔහුට...

මිථ්‍යාදෘෂ්ටිකවාදය සහ ඉස්ලාම් (Paganism and Islam)

Image
මිථ්‍යාදෘෂ්ටිකත්වය යනු ලෝකයේ තිබෙන ප්‍රධාන ආගම් වලට අයත් නොවන නූතන ආගමික ව්‍යාපාරයකි. විශේෂයෙන්ම ඊට අයත් වුවන් විශ්වයේ අධිපති දෙවියන් වෙනුවට සොබාදහමට නමස්කාර කරන්නේය. මේ නිසා මිත්‍යදෘෂ්ටිකයින්ට විශ්වය මවා පාලනය කරන්නාවූ දෙවියන් පිලිබඳ විශ්වාසයක් නැත. කුරානයේද මිථ්‍යාදෘෂ්ටිකයින් ගැන සඳහන් වේ. ඔවුන් කව්රුන්ද යත් තම මුතුන් මිත්තන් වැඳුම් පිදුම් කල දේව රූප වලට නැමදුම් කරන්නෝය. අල් කුරානය ඔවුන් ගැන මෙසේ පවසයි:  "මොවුන් (මිත්‍යා දෘෂ්ටිකයින්) නැමදුම් කරන දේ ගැන නුඹ සැකයෙහි නොසිටිය යුතුය. මීට පෙර තම මුතුන් මිත්තන් නැමදුම් කළා සේම මොවුන්ද නැමදුම් කරති" (කුරානය 11:109).මින් අදහස් කරන්නේ ඔවුන් වැරදි ඇදහිලිවල ගිලිහී සිටින බවයි. ඔවුන් කරනු ලබන්නේ තම මුතුන් මිත්තන් කල දේවල් වලට වැඳීම බව කුරානයේ ප්‍රසිද්ධ විවරණයක් වන ඉබ්නු කසීර් හි දැක්වේ.  මිථ්‍යාදෘෂ්ටිකයින්ට අනුව ස්වභාව ධර්මය පූජනීය වේ. තවද මිනිසා සොබාදහමේ කොටසක් ලෙස ඔවුන් සලකති. මිථ්‍යාදෘෂ්ටිකයින් පුනරුත්පත්තිය විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහම අනුව මිනිසාට වෙනත් ජීවී කුලක වල පුනරුත්පක්තියක් නැත. එපමණක් නොව මිනිසා ලොව සිටින ජීවින් අතරි...

මුස්ලිම්වරුන් අතර සියදිවි නසා ගැනීම් අඩු ඇයි? (Why is suicide so low among Muslims?)

Image
සමස්තයක් ලෙස ලෝකයේ සියදිවි හානිකර ගැනීම දිනෙන් දින වැඩි වෙමින් පවතී. එය වසරකදී මිලියනකක් පමණ අගයක් ගන්නේය. එනම් සෑම තත්පර හතලිහකටම වරක් ලෝකයේ කොතැනක හෝ එක් සියදිවි නසාගැනීමක් සිදු  වේ. ලෝක සෞඛ්‍ය සංවිදායනය වාර්තා කරන අන්දමට මෙම අගය 2050 වන විට මිලියන 1.5 අගය ඉක්මවනු ඇත. ඉන් 25% ක්ම තරුණයින් සහ වයස විසිපහට අඩු අය වීම සැලකිල්ලට ගත යුතු කරුණකි. ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානී අචාර්ය නීල්ප්‍රනාන්දු මහතාගේ වාර්තාවකට අනුව ලංකාවේ එම අගය වසරකට 4000 ක් පමණ අගයක් ගන්නේය. එම අගය ලෝක මට්ටමින් දෙවන ස්ථානය වේ. කෙසේ වෙතත් සංඛ්‍යාලේකන වලට අනුව මුස්ලිම්වරුන් අතර සියදිවි හානිකර ගැනීමේ අගය ඉතාමත් අඩු මට්ටමක පවතින්නේය. පහත දැක්වෙන වගුවෙන් එය විදහා දැක්වේ. වසරක් තුලදී මිනිසුන් 100,000 කට සිදුවන සියදිවි නසාගැනීම් (2012) රටේ නම පිරිමින් සහ ගැහැණු එකතුව ශ්‍රේණිය ගුයනා 44.2 1 දකුණු කොරියාව 28.9 2 ශ්‍රී ලංකාව 28.8 3 ඉන්දියාව 21.1 11 රුසියාව 19.5 14 ජපානය 18.5 17 ඇමරිකාව 12.1 50 පකිස්තානය  9.3 76 ජර්මනිය 9.2 77 තුර්කිය 7.9 93 බංගලාදේශය 7.8 94 සිරියාව 0.4 170 සෞදි අරාබියාව 0.4 171 ( Lis...