Posts

Showing posts from 2023

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
පන්තියක කොතරම් දක්ෂ සිසුන් සිටියත් ගුරුවරයා විසින් විභාගයක් පවත්වා මිස එම සිසුන් ඉහල පන්තියට සමත් කරන්නේ නැත. එසේම කොතරම් හොඳ මිනිසුන් සිටියත් ස්වර්ගය ලැබෙන්නේ ලෞකික ජිවිතයේදී ඔවුන් මුහුණ දෙන පරික්ෂාවන්ට ප්‍රතිචාර දක්වන අකාරය සැලකිල්ලට ගැනීමෙන් ය. එම කරුණ අල් කුරානයේ මෙලෙස  විස්තර කොට තිබේ. "නියත වශයෙන්ම අපි බියෙන්ද, කුසගින්නේන්ද, සම්පත් මෙන්ම ජිවිත හා පලදාවේ ඇතිවන අලාභ තුලින්ද නුඹලාව පරික්ෂා කරන්නෙමු" (කුරානය 2:155). මෙම පරීක්ෂාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. අල්ලාහ්ට වඩාත් සමීප නබිවරුන් පවා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. ඔවුන් මුහුණ දුන් පරීක්ෂාවන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන පරීක්ෂාවන්ට වඩා දරුණුය. එහෙත් මතු ජීවිතයේදී ඔවුන්ට ලැබෙන කුලිය ද අති විශාලය.  නබිවරුන්ගෙන් පසු වැඩියෙන්ම පරීක්ෂාවන්ට මුහුණ දී තිබෙන්නේ අල්ලාහ්ට වඩාත් සමීප උදවිය වේ. මේ හේතුවෙන් නබිතුමාගේ අනුගාමිකයින් සියලු දෙනාම ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ එකම හේතුව නිසා කුරෙයිෂ් වරුන්ගේ අතින් නොයෙකුත් අන්දමේ වද හිංසාවලට මුහුණ දුන්නෝය. උදාහරණයක් ලෙස උමෙයියාගේ වහලෙකුව සිටි බිලාල් රලි තුමාව ඔහුගේ හාම්පුතා විසින් කාන්තාරය...

ඉස්ලාම් දහම පවසන ආකාරයට පින් දහම් කරන ඇතැම් අය නිරයට යන්නේ ඇයි? (According to Islam, why do some people who perform good deeds go to Hell?)

Image
  ඉස්ලාම් දහමට අනුව අහස මෙන්ම පොළවද, ස්වර්ගය මෙන්ම නිරයද මවා තිබෙන්නේ සර්වබලධාරී අල්ලාහ් දෙවියන් ය. ඔහු මිනිසාව මවා තිබෙන්නේ සුවිශේෂී අරමුණක් සඳහා ය. සෑම දහම් පණිවිඩයකින්ම එම අරමුණ පෙන්වා දී තිබේ. තවද, මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පහළ කොට තිබේ.  දෙවියන්ගේ විශේෂ දුතයින් පැමිණ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබුනත් බොහෝ අය එම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග අනුගමනය කරති. එවැනි අය තම ආශාවන් පසු පස ගොස් කොපමණ පින් දහම් කලත් ස්වර්ගයට යන්නේ නැත.  තවත් සමහරු තමන්ව මැවූ අල්ලාහ් දෙවියන් වෙනුවට තම සිතින් මවා ගත් වෙනත් දේව රූප වලට ඉතා මහන්සියෙන් වැඳුම් පිදුම් කරති. එහෙත් එම මනක්කල්පිත දේව රූප වලින් ඔවුන් කරන වැඳුම් පිදුම් වලට කුසල් දීමට නොහැක. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි:  "(අල්ලාහ් නොවන දේවල් වෙනුවෙන්) මහන්සියෙන් ක්‍රියා කරයි. (එහෙත් මරණයෙන් පසු) දළු දමමින් දැවෙන ගින්නෙහි ඇතුළු වෙයි"  (කුරානය 88:3-4).  තවත් සමහරු අල්ලාහ්ට නමදින අතරම, වෙනත් දේවල් වලටත් වඳිති. එම ක්‍රියාව ඉස්ලාම් දහම අනුව විශාල පාපයකි. එවැනි අය කොපමණ පින් දහම්...

ඥාති සබඳතා ඔබේ ආශිර්වාද වැඩි කරන්නේ කෙසේද? (How does kinship increase your blessings?)

Image
ඉස්ලාමයේ ඥාති සංග්‍රහයට විශිෂ්ට ස්ථානයක් හිමි වේ. නබිතුමා පවසා ඇති ආකාරයට, තම ඥාතීන්ගෙන් වෙන්ව ජීවත් වන තැනැත්තාට ස්වර්ගය තහනම් වේ. එම කරුණ මෙම හදිසය තුල දැක ගත හැකිය.  " ඥාති සම්බන්දය කඩා දමන තැනැත්තා ස්වර්ගයට පිවිසෙන්නේ නැත"  (බුහාරි සහ මුස්ලිම්, මිශ්කාත් 1:115), තවද, කැඩී ගිය ඥාති සම්බන්දයක් නැවත ඇති කිරීම සම්බන්දයෙන් නබි තුමා පවසා ඇති හදිසයක් ඉබ්නු උමර් රලි තුමා මෙසේ දැනුම් දෙන්නේය.  " පවතින නෑකමක් එකතු කරන්නා පරිපුර්ණ (perfect) නොවන අතර කැඩී ගොස් තිබෙන නෑකමක් යලි ගොඩ නගන තැනැත්තා පරිපුර්ණ වන්නේය"  (බුහාරි, මිශ්කාත් 1:116).  ඥාති සම්බන්දතා ශක්තිමත් කිරීම සඳහා එකිනෙකාට උදව් උපකාර කිරීම ඉතා ප්‍රයෝජනවත් ය. නබිතුමා සහාබි වරයෙක් ඇසු පැනයකට දෙන ලද පිළිතුර තුල එය දැක ගත හැකිය. එක් සහාබි වරයෙක් නබිතුමාගෙන් කුමන සදකාව (charity) වඩාත් උතුම් දැයි ඇසු විට ඊට පිළිතුරු වශයෙන් නබි තුමා පවසා ඇත්තේ ඥාතීන්ගෙන් පටන් ගන්නා සදකාව වඩාත් උතුම් බවයි (අබු දාවුද්). මේ නිසා යම් කෙනෙක් තවත් කෙනෙකුට උපකාරයක් කිරීමට අදහස් කරන්නේ නම්, එය තම පව්ලේ කෙනෙකුගෙන් ආරම්භ කිරීම වඩා වැදගත් වේ....

අපි දෙවියන්ට (අල්ලාහ්ට) නැමදිය යුත්තේ ඇයි? (Why should we worship God (Allah)?)

Image
මිනිසාගේ බිහිවීම සම්බන්දයෙන් ප්‍රධාන මතයන් දෙකක් තිබේ. මිනිසා දෙවියන්ගේ මැවීමක් යන්න ඉන් එක් මතයකි. පරිනාමය නිසා මිනිසා බිහිවූ බව අනෙක් මතය වේ. කෙසේ වෙතත් මෙහි සඳහන් දෙවන මතය සනාත කිරීම සඳහා ප්‍රමාණවත් පොසිල හමු නොවීම නිසා එම මතය ප්‍රතික්ෂේප වෙමින් පවතී. තවද නවීන විද්‍යාත්මක සොයාගැනීම් හමුවේ පරිනාම වාදය විශාල පසුබෑමකට ලක්වී ඇත. එහෙත් ලෝක ජනග්‍රහණයෙන් අඩකට වඩා මෙහි සඳහන් මුල් මතය පිලි ගන්නේය. එහෙත් දෙවියන්ව නිවැරදිව තේරුම්ගෙන නමදින්නේ ඉතා සුළු පිරිසකි. ඉහත සඳහන් මත දෙකම බැහැර කොට මිනිසා ඉබේ බිහිවුයේ යැයි පවසන පිරිසක්ද ඇත. ඔවුන් සොබාදහම අනුව මිනිසා බිහිවුයේ යැයි පැවසුවත් එය පිළිගත නොහැක්කේ සොබාදහම හුදෙක් අර්ථ දැක්වීමක් පමණක් නිසාය. කෙසේ වෙතත් මිනිසා දෙවියන්ගේ මැවීමක් බව පිළිගැනීමටද සාක්ෂි අවශ්‍යය. එම සාක්ෂි සෑම නබිවරයෙකු විසින්ම ඉදිරිපත් කොට තිබේ. නබිවරයෙකු යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින්ම තෝරා පත්කරන ලද නියෝජිත වරයෙකි. ඔවුන් සියලු දෙනාම තම නබිත්වය තහවුරු කිරීම සඳහා ප්‍රතිහාරයන් පා තිබේ. උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන් නැගිට්ටේව්වේය. එය දෙවියන්ගේ උදව්වෙන්ම මිස වෙන කිසිවෙකුට කල හැකි ...

ඉස්ලාම් දහමින් විවාහය සඳහා අවම වයසක් නියම නොකරන්නේ ඇයි? (Why doesn't Islam set a minimum age for marriage?)

Image
විවාහය මිනිස් අයිතියකි. කෙසේ වෙතත් නොයෙකුත් හේතුන් මත රටින් රට විවාහ වන වයස් සීමාවන් වෙනස් වන්නේය. මේ සම්බන්දයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ නව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල විශ්ලේෂණයකට අනුව (එක්සත් ජනපදය ඇතුළුව) අවම වශයෙන් රටවල් 117 ක අඩු වයස් විවාහයන් සඳහා අවසර තිබේ. (https://www.pewresearch.org/fact-tank/2016/09/12/many-countries-allow-child-marriage/).  නීතියෙන් කුමන වයස් සීමාවන් පනවා තිබුනත් බාල වයස් විවාහයන් ලොව පුරා බොහෝ රටවල් වල සුලබව සිදු වන්නේය. එහෙත් විවේචන එල්ල කරනු  ලබන්නේ මුස්ලිම්වරුන් අතර නිත්‍යානු කුලව සිදු කරනු ලබන බාල වයස්කාර විවාහයන් සඳහා පමණි.  අල් කුරානයේ විවාහය සම්බන්ද බොහෝ නීති පනවා තිබුනත් ඒ සඳහා අවම වයස් සීමාවක් නියම කොට නැත. ඊට බොහෝ හේතුන් තිබේ. විවාහයකදී ඊට අවම වයසක් නියම කිරීමෙන් මිනිසා බලාපොරොත්තු නොවන තත්වයන්ට මුහුණ පෑමට හැකිය. උදාහරණයක් වශයෙන් බාල වයස්කාර දැරියකගේ දෙමව්පියන් දෙදෙනාම යම් හේතුවකින් මිය ගියේ යැයි සිතමු. එවිට එම දැරිය බලා ගැනීමට සිදු වන්නේ එම දැරියගේ ඥාතින් විසිනි. එහෙත් සුදුසු ඥාතියෙක් සොයා ගැනීමට නොහැකි අවස්ථාවක...

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)

Image
ඉස්ලාමීය ඉගැන්වීම අනුව ඉවසීමේ ගුණයට විශාල වටිනාකමක් තිබේ. එය කොපමණදැයි කිවහොත් ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය. මේ නිසා සෑම තරාතිරමකම අයට එය වැදගත් වේ. තනිව ක්‍රියා කිරීමේදී ද කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීමේදී ද පවුල් පාලනයේදී ද රාජ්‍ය පාලනයේදී ද ඉවසීම තිබිය යුතුය. මිනීමැරුම්, දික්කසාද වීම්, ඥාති සම්බන්දතා පලුදු වීම් වැනි දේවල් වලට ප්‍රධාන හේතුවක් වන්නේ නොඉවසිලි වන්තව ක්‍රියා කිරීමය. කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් වේ.  "තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය" (කුරානය 8:46). නායකත්වය සඳහා ද ඉවසීම තිබිය යුතු බව කුරානය පෙන්වා දෙන්නේය.  "ඔවුන් ඉවසිලිවන්තයින් ලෙසද අපගේ වැකි ස්ථිරව විශ්වාස කරන්නන් ලෙසද සිටි කළ, ඔවුන් අතරින් යහමග පෙන්වන නායකයින්ව අපගේ අණ පරිදි පත් කළෙමු"  (කුරානය 32:24).  ඉවසීම තිබෙන අයට සාර්ථක ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට හැකි වේ. කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "නුඹලා ඉවසිලිවන්...

ඉස්ලාමයේ තුන්වැනි වගකීම වන සකාත් (Zakat, the third responsibility of Islam)

Image
ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඉස්ලාම් දහමින් බොහෝ ක්‍රියා මාර්ග ගෙන තිබේ. ඉන් ප්‍රධන තැනක් ගන්නේ සකාත් ය. එහි වැදගත් කම නිසාම කුරානයේ සලාතය ගැන  සඳහන් වන සෑම තැනම සකාත් ගැන සඳහන් වේ. සකාත් ගෙවීමට සුදුසුකම් ලබා තිබියදීත් එය පැහැර හැරීම විශාල වරදකි. තවද, සකාත් ගෙවීමට අවශ්‍ය නැතැයි පැවසන තැනැත්තා ඉස්ලාම් දහමින් ඉවත් වන්නේය. සකාත්, ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් තුන්වන ස්ථානය ගන්නේ ය. එම බද්දට යටත් වන්නේ දහමින් නියම කොට ඇති අවම ප්‍රමාණයට වඩා වැඩියෙන් ධනය ඇති අය පමණි.  සකාත් නිසා දුගී ජනතාවට විශාල සහනයක් සැලසෙන්නේය. එය ගෙවීම නිසා කෙනෙක් දුප්පත් වන්නේ නැත. සහිහ් බුහාරි ග්‍රන්ථයේ දැක්වෙන අන්දමට සකාත් ගෙවන තැනැත්තන්ගේ ධනය තව දුරටත් වර්ධනය වේ. එසේම එය මතු ජීවිතය සඳහා විශාල ආයෝජනයකි. එබැවින් අල්ලාහ් කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති සෑම කෙනෙකුම ඉතා ඕනෑකමින් තම ධනය වෙනුවෙන් ගෙවිය යුතු සකාත් නිසි ලෙස ඉටු කරන්නේය. සකාත් වලට යටත් වන්නේ රන්, රිදී, මුදල් නෝට්ටු, ව්‍යාපාර වස්තු, එළුවන්, බැටළුවන්, ඔටුවන් වැනි සිව්පා සතුන් සහ රට ඉඳි සහ ධාන්‍ය වර්ග වේ. එම ද්‍රව්‍ය සඳහා සකාත් ගෙවිය යුතු ක්‍රම...

අල්ලස සහ දූෂණයට එරෙහි ඉස්ලාමීය ඉගැන්වීම් (Islamic teachings against bribery and corruption)

Image
අල්ලස යනු යම් කෙනෙකුගෙන් අයුතු වාසියක් හෝ  ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙනුවෙන් නිත්‍යානුකුල නොවන අන්දමින් යම් කිසි දෙයක් ලබා ගැනීම හෝ ලබා දීම වේ. එහෙත් දුෂණය යනු නීත්‍යානුකූල නොවන මාර්ගවලින් වාසි ලබා ගැනීම සඳහා දරන ඕනෑම උත්සාහයකි. මේ දෙ ආකාරයටම මුදල් ඉපැයිම බලවත් වරදවල් ලෙස ඉස්ලාමය පෙන්වා දෙන්නේය. එසේ උපයාගත් සියලුම දේවල් නිරයේ ගින්නට බව ඉස්ලාමය පවසයි.  අල්ලස සහ දුෂණය සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි.  “නුඹලාගේ වස්තුව නුඹලා අතර අසාධාරණ ලෙස අනුභව නොකරන්න. තවද පාලකයින් හමුවට අල්ලස් නොදෙන්න. එසේ කිරීමෙන් ඔබ නොදැනුවත්ව අනුන්ගේ වස්තුවෙන් කොටසක් අයුක්ති සහගත ලෙස කා දමනු ඇත”  (කුරානය 2:188). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ.  "ඔවුන්ගෙන් වැඩි දෙනා පව් කිරීමෙහිද, සීමාව ඉක්මවිමෙහිද, තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමටද වේගයෙන් යෑම නුඹ දකින්නේහිය. ඔවුන් කරමින් සිටින දැය ඉතා නපුරුය"  (කුරානය 5:62). ඉහත දැක්වෙන කුර්ආන් වැකි වලට අනුව අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීමත් වරදවල් වේ. අල්ලස් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට අයිති නැති දෙයක් අයුතු ලෙස ලබා ගැනීම යි. එහෙත් ඇතැම් අය අල්ලස්...

ඉස්ලාමිය උපවාසය (Islamic fasting)

Image
උපවාසය, ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට තිබෙන කරුණු පහෙන් එකකි. අල් කුරානයේ උපවාසය ගැන මෙසේ සඳහන් කොට තිබේ: "විශ්වාසකලවුනි! නුඹලා (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරනු පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කල ආකාරයටම නුඹලා කෙරෙහිද උපවාසය නියම කොට ඇත" (කුරානය 2:183). ඉන් පෙනී යන්නේ උපවාසය නබිතුමට පෙර ජීවත්වූ අය වෙනුවෙන්ද අනිවාර්ය කොට තිබුණු බවයි.  උපවාසය සඳහා කාල වෙලාවන් සහ දින වකවානු නියම කොට තිබේ. ඒ අනුව එය ඉටු කල හැක්කේ රමළාන් මාසයේදී පමණි. එහෙත් අනිවාර්ය නොවන වෛකල්පික උපවාසයන් වසරේ ඕනෑම කාලයකදී ඇතැම් කොන්දේසි වලට යටත්ව ඉටු කල හැකිය.  උපවාස කිරීම ආරම්භ වන්නේ රාමලාන් මාසයේ උදාවත් සමග ය. රමළාන් මාසය ආරම්භ වන්නේ පියෙවි ඇසින් නව සඳ දැකීමත් සමග ය. කෙසේ වෙතත් සෑම කෙනෙකුම නව සඳ දැකීම අනිවාර්ය නොවේ. ඉබ්නු අබ්බාස් රලි තුමා පවසන හදිසයකට අනුව විශ්වාසවන්තයින්ගෙන් එක්කෙනෙකු හෝ නව සඳ දැකීම සියලු දෙනාටම ප්‍රමාණවත් ය.  රමළාන් මාසයේ නව සඳ බැලීම සම්බන්දයෙන් විද්වතුන් වෙනස් මත දරති. ඒ අනුව ඇතැම් උදවිය පවසන්නේ ඒ ඒ භූගෝලීය කලාප තුල දකින නව සඳ අනුව එම කලාප වල වෙසෙන උදවිය උපවාසය ආරම්භ කල යුතු බවය...

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය මග පෙන්වීම (Islamic guidance on cleanliness)

Image
ඉස්ලාම් ආගම අධ්‍යාත්මික මග පෙන්වීමට සමගාමිව ශාරීරික පාරිශුද්ධත්වය ගැන ද පෙන්වා දී තිබේ. මේ නිසා ශාරීරික පිරිසිදුතාවයෙන් තොරව සිදු කරනු ලබන කුසල් වලට පිළිගැනීමක් ලැබෙන්නේ නැත.  අල් කුරානය තුල හදවතේ පිරිසිදුතාවය සහ ශාරීරික පිරිසිදුතාවය ගැන වෙන වෙනම පවසා තිබේ. තවද පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් අඩක් බව නබිතුමා දැනුම් දෙන්නේය. මෙම කරුණ අබු මාලික් අල් අශාරි තුමා වාර්තා කරන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ දැක්වේ. අධ්‍යාත්මික පවිත්‍රතාවය යටතේ සෑම මුස්ලිම්වරයෙකුම තම හදවත පිරිසිදුව තබා ගත යුතුය. ඒ අනුව අනුන්ගේ දියුණුවට ඉරිසියා කිරීම, උඩඟු කම නිසා අනෙකා පහත් කොට සැලකීම වැනි දේවල් වලින් හැකි තරම් වැලකි සිටීමට මුස්ලිම්වරුන් කටයුතු කල යුතුය. උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ තිබුනේ නම් ස්වර්ගයට වරම් නොලබන බව නබිතුමා පවසා තිබේ. මේ හේතුවෙන් කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම විශාල වරදකි. එය උඩඟු කම නිසා ඇතිවන්නකි. සාතන්ව ස්වර්ගයෙන් පිටමන් කිරීමට ප්‍රධන හේතුව ඔහුගේ උඩඟු කමයි. උඩඟු කම කෙනෙකුගේ රැකියාව නිසා ද පවුල් බලය නිසා ද අධ්‍යාපන සුදුසුමක් නිසා ද බලපුරුවන්කාරකම් නිසා ද ඇති විය හැකිය.  මේ නිසා කුමන...

අල් කුර්ආනය සහ තාරකා භෞතික විද්‍යාව (The Quran and Astrophysics)

Image
විශ්වය සහ එහි ඇති සියළුම දේවල් දෙවියන්ගේ (අල්ලාහ්ගේ) මැවීම් වේ. එමනිසා, විශ්වය ගැන හදාරන තරමට, දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය පුළුල් කළ හැකිය. මේ හේතුව නිසා, කුරාණයෙන් විශ්වය පිළිබඳ දැනුම මිනිසාට ලබා දී ඇත. විශ්වය ගැන හැදෑරීම් කරනු ලබන්නේ තාරකා භෞතික විද්‍යාව යන විෂය තුලින් ය. එහෙත් එවැනි විෂයක් කුරානය පහළ වන සමයේදී දියුණු කොට තිබුනේ නැත. එසේ තිබියදී සියවස් 15 කට පමණ පසු මිනිසා අභ්‍යවකාශය පිළිබඳව සොයාගන්නා ලද දේවල් කුරානයෙන් ඉතා නිවැරදිව ඉදිරිපත් කොට තිබීම සුවිශේෂී කරුණකි.  කුරානය පහළ වන යුගයේදී අභ්‍යාවකාශය සම්බන්දයෙන් බොහෝ වැරදි මත මිනිසුන් අතර තිබුනේය. එදා ජීවත්වූ මිනිසුන් විශ්වාස කලේ පෘතුවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් කුරානය මගින් එම වැරදි මතය නිවැරදි කොට ඇත. තවද කුරානය පහළ වීමට පෙර මිනිසුන් විශ්වාස කලේ පෘථිවිය කේන්ද්‍ර කරගත් සෞරග්‍රහ මණ්ඩලයක් ගැන ය. එවන් යුගයක සුර්යයා ඇතුළු අනෙක් ග්‍රහ වස්තුන්ගේ ගමන් පථය ගැන කුරානය ඉතා නිවැරදිව පවසා ඇත.  "සුර්යයා තමාට නියමිත ස්ථානය කරා දිවෙමින් සිටී" (කුරානය 36:38) . එපමණක් නොව  කුරානය තුල මෙසේද සඳහන් වේ: "සුර්යයා චන්ද්‍රයාට ස...

කුරානය මිනිස් නිර්මාණයක් නොවන්නේ ඇයි? (Why is the Quran not a human creation?)

Image
අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට බොහෝ හේතු කාරනා තිබේ. ඒවා ගැන සලකා බැලීමේදී කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව තහවුරු කල හැකිය. කුරානය පහළ වුයේ සාහිත්‍ය කලාවේ උච්චතම ස්ථානයට ළඟා වූ සමාජයකට ය. එහෙත් ඔවුනට කුරානය වැනි ග්‍රන්ථයක් හෝ ඊට අභියෝග කළ හැකි පරිජ්ජේදයක් හෝ අවම තරමින් එහි ඇති තනි වාක්‍යයකට සමාන කල හැකි වාක්‍යයක් හෝ නිර්මාණය කිරීමට හැකි වී නැත. මේ නිසා කුරානය දේව පණිවිඩයක් බව පිලි නොගන්නා අයට කුරානය මෙන් ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙන එන ලෙස සිදු කොට ඇති අභියෝගය තවමත් එසේම පවතී. කුරානයේ අන්තර්ගතය ගැන සලකා බැලීමේදී එහි නූතන ලෝකයට අදාළ බොහෝ දේවල් අඩංගු වේ. ඒ අනුව අභ්‍යවකාශ විද්‍යාව, භූ විද්‍යාව, සාගර විද්‍යාව සහ නාරිවේදය වැනි විෂයයන් පිළිබඳ තොරතුරු එහි ඇතුලත්වී තිබේ. එම කරුණු අඩංගු කිරීමට නම් ඒ සෑම ශේස්ත්‍රයක් පිලිබඳ ආචාර්ය උපදී හැදෑරු අය සිටිය යුතුය. එහෙත් කුරානයට එම කරුණු ඇතුලත් වී තිබෙන්නේ විද්‍යාව නොදියුණු යුගයක දීය.  විශ්වය ප්‍රසාරණය වන බව සොයාගනු ලැබුවේ නවීන උපකරණ ආදාරයෙන් 20 වන සියවස තරම් මෑත කාලයේදීය. එසේ තිබියදී විද්‍යාව නොදියුණු 7 වන සිය වසේදී ...

මරණින් මතු ජීවිතය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය කුමක්ද? (What is the Islamic belief regarding life after death?)

Image
ඉස්ලාම් දහමින් පෙන්වා දෙන අකාරයට, කෙනෙකුගේ සදාතනික ජීවිතය ආරම්භ වන්නේ මරණයට පත්වීමත් සමග ය. කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් එම ජීවිතය සම්බන්දයෙන්  දැනුවත් කොට තිබේ. ලෞකික ජීවිතය මෙන් නොව මරණයෙන් මතු ජිවිතයට කෙළවරක් නැත. එබැවින් ස්වර්ගවාසින් තම ජීවිතය කෙළවර වේ යැයි සිතා දුක් වන්නේ නැත. තවද, ස්වර්ගවාසින් වයස්ගත වන්නේ ද නැත. කෙසේ වෙතත් ඔවුන්ගේ රුපය දිනෙන් දින අලංකාර වන බව හදිස්වල දැක්වේ. නිරා වැසියන්ගේ ජීවිතය ද කෙළවර වන්නේ නැත. ඒ බව මෙම කුර්ආන් වැකිය තුල සඳහන් වේ. "ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත. ඔවුන් කෙරෙහි ඇති වේදනාව ලිහිල් කරනු නොලබන අතර, සහනයක්ද දෙනු නොලැබේ" (කුරානය 2:162).  එබැවින්, නිරාවසියන් ඒ ගැන සිතා දුකින් දුකට පත්වනු ඇත. නිරා වැසියන් දැවී ගිය පසු ඔවුන්ගේ සම නැවතත් කලින් තිබුණු තත්වයටම පත් කරනු ලැබේ. එබැවින් ඔවුන්ගේ වේදනාව සදාකාලිකවම පවතින්නේය. අල් කුරානය, නිරය ගැන මෙසේ අනතුරු අඟවා තිබේ. "මිනිසුන්ද, ගල්ද ඉන්දන වශයෙන් ඇති එම නිරයට බිය වනු. එය (දෙවියන්ව) විශ්වාස නොකරන්නන් වෙනුවෙන්ම සුදානම් කර ඇත" (කුරානය 2:24). කුරානයේ තවත් තැනක මෙසේ දැක්වේ, "විශ...

ලෝකයේ මෙතරම් ආගම් පවතින්නේ ඇයි? (Why are there so many religions in the world?)

Image
මේ වන විට  ලෝකයේ ආගම් 4000කට වඩා තිබේ. ඇතැම් ආගම් දෙවියන් විසින් පහළ කරනු ලැබූ ඒවාය. තවත් සමහර ආගම් මිනිසා විසින් නිර්මාණය කල ඒවාය. මිනිසා විසින් නිර්මාණය කරන ලද ආගම් බිහිවී ඇත්තේ ආගමික සාස්තෘවරුන් විසින් හෝ ව්‍යාජ නබිවරුන් විසින් ය. එබැවින් එම ආගම්වලටත් මිනිසාගේ මැවුම්කරුටත් අතර කිසිම ආකාරයක සම්බන්දයක් පවතින්නේ නැත. එවැනි ආගමක් ඇදහීමෙන් මතු ජීවිතයේදී දෙවියන් විසින් මවා ඇති ස්වර්ගය අපේක්ෂා කල නොහැක. මිනිසා විසින් ගොතන ලද ආගම් නිර්මාණය කොට තිබෙන්නේ සාස්තෘවරුන් විසින් හෝ දෙවියන් විසින් පහළ කරන ලද ආගම්වලින් කොටස් උපුටාගැනීමෙන් ය. උදාහරණයක් ලෙස අහමදීයා ආගම ඉදිරිපත් කොට තිබෙන්නේ ඉස්ලාම් දහමේ කොටස් වලින් ය. අගමදියා ආගමේ නිර්මාතෘ, ගුලාම් අහමඩ් මුලදී ඉස්ලාමිය විද්වතෙක් වූ අතර පසුව ඔහු විසින්ම, ඔහුට නබිත්වය පවරාගෙන ඇත. බහායි ආගමත් එසේම වේ.  ගුගල්කිරිමෙන් දැක්වෙන ප්‍රතිපල අනුව ආගමකින් මෙවැනි දේවල් බලාපොරොත්තු වේ. එනම්, (අ) ආගමක් නිසා ජීවිතයට අර්ථයක් සහ අරමුණක් ලබා දෙන්නේය (ආ) සමාජ සමගිය සහ ස්ථාවරත්වය ශක්තිමත් කෙරෙන්නේය (ඇ) සමාජය හැසිරවීමේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන්නේය (ඈ) ශාරීරික හා ම...

අල් කුරානය සහ විද්‍යාව (Quran and science)

Image
විද්‍යාව යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් තුලින් ලබාගත් සාක්ෂි අනුව භෞතික ලෝකයේ ව්‍යුහය සහ හැසිරීම ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම වේ. අනෙක් අතට ආගම යනු දෙවියන් විසින් මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහළ කරන ලද පණිවිඩයකි. අල් කුරානය එලෙස පැමිණි අවසාන දහම් පණිවිඩය යි. එහි අධ්‍යාත්මික කරුණු වලට අමතරව විශ්වය පිළිබඳ බොහෝ දේවල් ඇතුලත් කොට තිබේ. කෙසේ වෙතත් එම කරුණු කුරානයට ඇතුලත් වුයේ කිසිම විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස නොවේ. එසේ තිබියදී එම කරුණු වල සත්‍යතාව ලොවට හෙළි වුයේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරකට පමණ පසුවය. විශ්වයේ ප්‍රසාරණය ගැන කරුණු සොයා ගනු ලැබුවේ විසිවන සිය වසේදීය. ඒ සඳහා නවීන විද්‍යා උපකරණ මෙන්ම දැනුම භාවිතා විය. එසේ තිබියදී එම කරුණම අල් කුරානය මගින් කිසිම විද්‍යා දැනුමක් නොමැති යුගයක දී ඉදිරිපත් කොට තිබීම විමතියට කරුණකි. තවද අත්ලාන්තික් සහ පැසිෆික් සාගර දෙකට බෙදී වෙන්වී තිබීම ගැන සොයා ගනු ලැබුවේ ඉතා මෑතක දීය. එහෙත් එම කරුණ ගැන හත්වන සියවසේ පහළ වූ කුරණයෙන් පවසා ඇත. සැබැවින්ම අල් කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නොවේ නම් එවැනි දෙයක් කිසිසේත්ම එම යුගයේදී දැනගෙන සිටියේ නැත....

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
ඉස්ලාම් දහම අනුව ජීවිතය පරික්ෂාවකි. මිනිසාව මවා තිබෙන්නේ ඊට මුහුණ දීමට හැකි වන පරිද්දෙනි. තවද මිනිසා වෙනුවෙන් දහමක් පහළ කොට ඇති අතර එහි ස්වර්ගයට යන මාර්ගය සහ නිරයට යන මාර්ගය පෙන්වා දී තිබේ. මිනිසා කළ යුත්තේ ඉන් තමන් කැමති මාර්ගයක් තෝරාගැනීම යි. ඒ සඳහා මිනිසාට පුර්ණ නිදහස ලබා දී තිබේ. මේ නිසා මරණයෙන් පසු යමෙක් ස්වර්ගයට යන්නේද නැති නම් නිරයට යන්නේද ඔහුගේම තේරීම අනුවය.  මෙවැනි අවස්තාවක් ලොව වෙසෙන අන් කිසිම  ජීවියෙකුට ලබා දී නැත. එහෙයින් මිනිසා හැර අන් සියලුම ජීවින් විනිශ්චය දිනයෙන් පසු දුවිලි බවට පත් කරනු ඇත. එම අවස්ථාව ගැන කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "නියත වශයෙන්ම, අපි නුඹලාට සමීප වෙමින් පවතින වේදනාව ගැන අවවාද කළෙමු - මිනිසා තම දෑත පෙරටු කළ දෙය දකින දවසෙහි, ප්‍රතික්ෂේප කරන්නා 'අහෝ! මාගේ පසුතැවිල්ල! මා පස් ලෙස තිබෙන්න එපායැ'යි පවසන්නේය" (කුරානය 78:40) . මිනිසාගේ විමුක්තිය රඳා පවතින්නේ තම මැවුම්කරු ගැන තබා ඇති විශ්වාස මතය. එය ඉතා පහසු දෙයක් වුවද බොහෝ අය එම පරීක්ෂාවෙන් පරාජය වන්නේ තම මමත්වය නිසාද සාතන්ගේ බලපෑම නිසාද වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ ඇති නොවන බව දැන දැනත් ...