Posts

Showing posts from February, 2017

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)

Image
මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් දෙවැන්න  සලාතය  වේ. එම නියෝගය නබිතුමාට ලැබෙන්නේ ඔහු අල්ලාහ්ව බැහැ දැකීමට ගිය මිහ්රාජ් ගමනේදීය. එසේ තිබියදී අනෙක් සෑම නියෝගයක්ම නබිතුමාට පහළ වුයේ ජිබ්‍ර්ල් නම් දේවදුතයා ගෙනෙන ලද පණිවිඩ හරහා ය. මේ නිසා සලාතයට විශේෂ තැනක් හිමිවේ. මිනිස් වර්ගයා සහ ජින් වර්ගයාව මවා තිබෙන්නේ අල්ලාහ්ට නැමදීම සඳහා ය. එමගින් මිනිසාට අල්ලාහ් සමග සමීප වීමට විශේෂ අවස්තාව උදාවේ. කෙනෙක් ඉටු කරන සලාතය මගින්  තම උවමනාවන් ඍජුවම  අල්ලාහ්ගෙන් අයැද සිටීමට අවස්ථාවක් ලැබේ. තවද  සලාතය මගින් මානසික සුවය මෙන්ම  ශරීර සෞඛ්‍යය අත්වේ. සලාතය නිසි පරිදි ඉටු කල විට පාපිෂ්ඨ ක්‍රියාවන්ගෙන් ආරක්ෂාව අත්වේ. එම කරුණ කුරානය තුල මෙසේ දැක්වේ.  "සලාතය ස්ථාපනය කරන්න. නියතව සලාතය මගින් ලජ්ජාශීලි දේවල් වලින්ද පිළිකුල් සහගත දේවල් වලින්ද වළක්වන්නේය" (කුරානය 29:45). එසේ තිබියදී යම් කෙනෙක් සලාතය කරන අතරම වැරදි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඉන් පෙනී යන්නේ ඔහුගේ සලාතයේ යම් වැරැද්දක් තිබෙන බවයි. එවැනි කෙනෙක් කල යුත්තේ ඔහුගේ සලාතය නිසි ලෙස ඉටු කිරීමට උත්සාහ කිරීමය.  සලාතය...

සාතන්ට සිදු වූ දෙයින් උගත යුතු පාඩම් (Lessons to be learned from what happened to Satan)

Image
සාතන් යනු ගින්නෙන් මවන ලද ජින් (Jinn) කුලයට අයත් ජීවියෙකි. එහෙත්, ඔහු ස්වර්ගයේදී ආලෝකයෙන් මවන ලද දේවදූතයන් අතර ජීවත් විය. කෙසේ වෙතත් සාතන්ගේ උඩඟුකම නිසා ගන්නා ලද වැරදි තීරණය හේතුවෙන් ඔහුට ස්වර්ගය අහිමි විය. එපමණක් නොව, සාතන්ගේ අහංකාර කම නිසා ඔහු දෙවියන්ගේ උදහසට පත් විය.  සාතන් කිසිම අවස්ථාවකදී අල්ලාහ්ව අවිස්වාස කලේ නැත. අල්ලාහ් ඔහුගේ මැවුම්කරු බවත් ඔහු හොඳාකාරවම දැන සිටියේය. එහෙත්, ඔහුගේ උඩඟුකම නිසා ගින්නෙන් මවන ලද ඔහුට සාපේක්ෂව මැටිවලින් මවන ලද ආදම් තුමා පහත් යැයි ඔහු සිතුවේය. මේ නිසා අල්ලාහ්ගේ අණ ලැබී තිබියදීත්, ඔහු ආදම් තුමාට හිස නැමීම ප්‍රතික්ෂේප කළේය. එම සංවාදය අල් කුරානය තුල මෙසේ දැක්වේ.  "'මා නුඹට අණ දුන් කල්හි නුඹ සුජුද් නොකර සිටීම සඳහා නුඹව වැළැක්වූ දෙය කුමක්දැයි' ප්‍රශ්න කල කල්හි, 'මා ඔහුට වඩා උසස් වෙමි' 'නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැයි' පැවසුවේය. (කුරානය 7:12). කෙසේ වෙතත් සාතන් තම වරදෙහි බරපතලකම වටහා ගෙන තිබුනේ නම්, ඔහු කල යුතුව තිබුනේ තම ක්‍රියාව සාධාරණීකරණය කිරීමට වඩා ඔහු කළ වරදට සමාව අයැද සිටීමය. එසේ නොකිරීම න...

Catholic Priest Who Converts To Islam Tells His Reason

Image

Amazing Proof That God Exists

Image