Posts

Showing posts from July, 2016

7 Things About EARTH Science CAN'T Figure Out

Image

10 Lies You Were Told About Islam!

Image

Your Tongue: The Taste-Maker!

Image

ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

Image
   ඉස්ලාම් දහම පවසන ආකාරයට හදවතෙහි ආලෝක අධ්‍යත්මික දැනුම වේ. අධ්‍යාත්මික දැනුමේ උල්පත අල් කුරානය යි. එබැවින් කුරානය තේරුම් ගන්නා තරමට කෙනෙකුගේ හදවත ආලෝකවත් වේ. කෙසේ වෙතත් අකුසල් ක්‍රියාවන් නිසා කෙනෙකුගේ හදවත අඳුරු වන්නේය. ඒ අනුව යම් කෙනෙක් නිරන්තරයෙන්ම අකුසල් ක්‍රියාවන්හි නිරත වුයේ නම් කුරානයට අනුව ඔහුගේ හදවත අධ්‍යාත්මික මල බැඳීමකට පත්වේ.  "ඔවුන් කරමින් සිටි දේවල් ඔවුන්ගේ හදවත් මත මලබැඳිමක් ලෙස පතිත විය" (කුරානය 83:14). කෙනෙකුගේ හදවත අඳුරු වූ විට ඔහුට හොඳ දේවල් පෙනෙන්නේ නැත. එවිට ඔහු තව තවත් අකුසල්ම කරන්නේය. එවැනි අයට මරණයෙන් පසු තමාව මවා පෝෂණය කල දෙවියන්ව දැක බලා ගැනීමට වාසනාව ලැබෙන්නේ නැත.  "එසේ නොව, ඔවුහු එම දිනයෙහි තමන්ව මවා පෝෂණය කල දෙවියන්ව (බැලීම) කෙරෙන් නියත වශයෙන්ම වලක්වනු ලබන්නෝය" (කුරානය 83:15).  මෙය ඉතාමත් අභාග්‍යසම්පන දෙයකි. ඔවුන්ට අයත් වන්නේ නිරය බව කුරානය පවසයි.  මෙවැනි තත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව කෙනෙකුගේ අධ්‍යාත්මික මනස අඳුරු වීමය. මේ නිසා කුසල් කිරීමට ඇති ආශාව නැතිවී යන්නේය. ඔහු අල්ලාහ්ගෙන් ඈත් වීමට එය හේතුවක් වේ. මෙය විෂම චක්‍රය...

දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why divine punishments are delayed?)

Image
මිනිසා සහජයෙන්ම වැරදි කරන්නේය. එම වැරදි කොතරම් විශාල වුවත් දෙවියන්ගේ සමාව ඊට වඩා විශාලය. මේ නිසා වැරදි කරන කිසිවෙකු අල්ලාහ්ගේ සමාව කෙරෙහි බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. නබි තුමා පැවසුවේ අල්ලාහ්ගේ කරුණාව  මවකගේ කරුණාවට වඩා හැත්තෑ වාරයක් විශාල බවයි. මේ නිසා මොන තරම් වැරදි කලත් අලාහ්ගේ සමාව ගැන බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නොවුයේ නම් වැරදි කරන කිසිවෙකුට ස්වර්ගය ගැන බලාපොරොත්තු තැබීමට හැකි වන්නේ නැත.  මිනිසා කරන බොහෝ පව් දෛනිකව සිදු කරන්නාවූ සලාතය නිසාද උපවාසය නිසාද දානමය පින්කම් නිසාද හජ් වන්දනය නිසාද මැකී යන්නේය. කෙසේ වෙතත් මහා පාපයන්ට සමාව අයැදිය යුතුම වේ. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තබා තිබුනේ නම් ඉන් ගැලවීමට හැකි වන්නේ තමන් කල වරදින් මිදී පසුතැවිලි වීමෙන් පමණි.  මෙවැනි අවස්තාවක් හිමි වන්නේ අල්ලාහ් මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකරන නිසාය.  අල්ලාහ්ට අවශ්‍ය නම් වැරදි නොකරන මිනිසුන් මැවීමට බැරි කමක් නැත. කෙසේ වෙතත් ඔහු උවමනාවෙන්ම මිනිසාව මවා තිබෙන්නේ හරි හෝ වැරදි කිරීමට හැකියාවත් සමගය. මේ නිසා මිනිසා උත්සාහ කරන්නේ නම් දේවදුතයින්ට වඩා උසස් විය හැකිය. එසේ වන...