Posts

Showing posts from January, 2022

ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)

Image
ඉස්ලාම් දහම තුල වෙළඳාම ආගමික චාරිත්‍රයක් ලෙස සලකනු ලැබේ. මේ හේතුවෙන් ව්‍යාපාරික ආචාර ධර්ම ඉස්ලාම් දහමේ මූලධර්මත් සමග ඍජුවම බැඳී පවතී. මුස්ලිවරයෙකු වෙළඳාම් කිරීමේදී කුරානයෙන් සහ හදිස්වලින් පෙන්වා දෙන රාමුව තුල සිදු කල යුතුය. සාධාරණ අන්දමින් වෙළඳාම් කරන තැනැත්තාට කුසල් ලැබෙන අතර අසාධාරණ ලෙස හම්බ කරන තැනැත්තාට අකුසල් ලැබෙන්නේය. මේ නිසා ව්‍යාපාරිකයෙකු සෑම විටම අවංකභාවය, සාධාරණත්වය සහ සමාජ වගකීම් රැක ගත යුතුය. මද්යන් වැසියන් හට ශුඅ'යිබ් නබි තුමා මෙසේ පැවසූ බව කුරානයේ සඳහන් වේ. "මාගේ ජනයිනි! කිරුම් මිනුම් කටයුතු සාධාරණව ඉටු කරනු. මිනිසුන්ට (දිය යුතු) ඔවුන්ගේ වස්තුව අඩු නොකරනු. භූමියේ අපරාධ කරමින් සැරිසැරීම් නොකරනු" (කුරානය 11:85).  අල් කුරානයෙන් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට තිබේ. ඒ සම්බන්දයෙන් කුරානය මෙසේ දන්වා සිටි:  "වෙළඳාම පොලිය මෙන්ම වන්නේයැයි ඔවුන් පැවසුහ. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට ඇත" (කුරානය 2:275). මුස්ලිම්වරයෙකු වෙළඳාම් කිරීමේදී හෝ වෙනයම් අවස්ථාවකදී හෝ  පොලියට සම්බන්ද වීමෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතුය. තවද මුස්ලිම්වරුන්ට ෂ...

ඉස්ලාම් දහමින් සුර පැළඳීම සහ මන්තර ගුරුකම් තහනම් කරන්නේ ඇයි? (Why does Islam forbid amulets and witchcraft?)

Image
ඉස්ලාම් දහම අනුව ඕනෑම අවශ්‍යතාවයකදී පිහිට පැතිය යුත්තේ අල්ලාහ්ගෙන් ය. එසේ තිබියදී පිහිට සොයා ඇදුරන් ගේ උදව් පැතීම විශාල පාපයකි. එවැනි දේවල් කිරීමේදී කාෆිර් ජින් වරුන්ගේ උදව් පැතිය යුතුව තිබේ. එහි මුල් පියවර වශයෙන් ජින්වරුන්ට අවනත විය යුතුය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු ඉස්ලාම් දහමින් ඉවත් වේ. මේ හේතුව නිසා ඉස්ලාම් දහමින් සුර පැළඳීම සහ මන්ත්‍ර ගුරුකම් කිරීම තහනම් කොට තිබේ. උක්බා බින් ආමීර් රලි තුමා වාර්තා කරන වග නම්: එක් අවස්ථාවකදී මිනිසුන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නබිතුමා වෙත පැමිණ තිබේ. එවිට ඔවුන්ගෙන් එක් අයෙකු හැර අනෙක් නවදෙනාටම නබිතුමා විසින් අතට අත දී පිළි ගෙන තිබේ. මෙම සිදුවීම කෙරෙහි අවධානය යොමු කල සහාබවරු එසේ කිරීමට හේතුව කුමක්දැයි නබි තුමාගෙන් විමසා ඇත. ඊට පිළිතුරු දුන් නබි තුමා පවසා ඇත්තේ එම තැනැත්තා සුරයක් පැළඳ සිටින බවයි. මේ බව දැනගත් එම තැනැත්තා වහාම එම සුරය ගලවා විසි කොට ඇත. ඉන් පසු නබිතුමා ඔහුට අතට අත දී පිලි ගෙන තිබේ. ඉන් පසු නබිතුමා සහාබවරුන් අමතා, "සුර පැළඳ සිටින ඕනෑම කෙනෙක් දෙවියන්ට සමානයන් ඇති කරන්නේ යැයි" පවසා ඇත. (අහ්මඩ් 16969). (මෙම හදිසය සහිහ් බව ෂෙයි...

ඔබගේ අවශ්‍යතා අල්ලාහ්ගෙන් ඉල්ලන්න (Ask Allah for your needs)

Image
මිනිසා මොනතරම් ස්වාදීන යැයි සිතුවත් ඔහු අන්ත අසරණ තත්වයට පත්වූ අවස්ථාවකදී පිහිට වීමට සිටින්නේ අල්ලාහ් පමණි. ඇයිද යත් අල්ලාහ් මිනිසාගේ මැවුම්කරු ය. ඒ අනුව මිනිසා අල්ලාහ් කෙරෙහි අචල විශ්වාසයෙන් යුතුව යමක් අයද සිටියේ නම් ඔහුට එය ලබා නොදී හරින්නේ නැත. සත්‍ය වශයෙන්ම අල්ලාහ් හැර මිනිසාගේ අවශ්‍යතා ඉටු කිරීමට වෙනත් දෙවි කෙනෙකු නැත.  විශේෂයෙන්ම අසාධාරණයට ලක් වූ අයගේ කන්නලව්වලට අල්ලාහ් පිළිතුරු ලබා දෙන්නේය. එය මිනිසාට පමණක් නොව සතුන්ට පවා එකසේ බල පාන්නේය.   කෙසේ වෙතත් යම් කිසිවෙකු අල්ලාහ් තම ප්‍රාර්ථනාව ඉටු කරයිදෝ යන සැකයෙන් සිටින්නේ නම් ඔහුගේ ප්‍රාර්ථනයන් ඉටු කරන්නේ නැත. එපමණක් නොව අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීමද ප්‍රාර්ථනයන් ඉටු නොවීමට එක් හේතුවකි. මේ නිසා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමේදී සාස්තෘ වරුන්ව අතර මැදියන් ලෙස පත් කර ගැනීම හෝ වෙනත් පිළිම වලින් උදව් පැතීම කිසිසේත්ම නොකළ යුතුය.     අල් කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. "මාව (අල්ලාහ්ව) අමතන්න, මම නුඹලාට පිළිතුරු දෙන්නෙමි. කවරහු මට නැමදුම් කිරීමෙන් ඈත්වී අහංකාරකම් පෙන්වන්නේද, ඔවුහු නින්දාවට පත්වූවන් ලෙස නිරයට ඇතුලුවන්නෝ...

ඉස්ලාම් දහම තුල තාරුණ්‍යයට ඇති වැදගත්කම (The importance of youth in Islam)

Image
යෞවනය කෙනෙකුගේ ජිවිත කාලය තලදී ලබන ස්වර්ණමය අවධිය වේ. ඕනෑම තරුණයෙක් එම කාලය තුලදී නිර්භයව දෙයක් කිරීමට ඉදිරිපත් වන්නේය. එම මහඟු අවස්ථාව නිවැරදි මාර්ගයට යොමු වුයේ නම් කෙනෙක් ලබන විශාල භාග්‍යයකි. ඒ සඳහා දෙමපියගෙන් දායකත්වය අතිශයින්ම වැදගත් වේ   කෙනෙක් නිවැරදි මාර්ගයට යොමු වීමට නම් ඔහුගේ සිත තල දෙවියන් පිලිබඳ බිය තිබිය යුතුය. එවැනි  කෙනෙක් පාස්වෙලා සලාතය නිසි ලෙස ඉටු කරනු ඇත. සලාතය මගින් ඔහුව වැරදි වලින් සහ නින්දා සහගත දේවල් වලින් වලක්වනු ඇත. මේ නිසා කුඩා අවධියේදීම දරුවන්ට සලාතයේ වැදගත් කම පෙන්වා දීම අත්‍යවශ්‍ය වේ. එය දෙමව්පියන් හට පැවරී ඇති වගකීමකි.  නබි තුමාගෙන් ලද අනුශාෂනා නිසා සහබවරුන් දෙවියන් පිළිබද විශ්වාසය තහවුරු කර ගත්හ. එම කරුණ ජුන්දුබ් රලි තුමා මෙසේ සඳහන් කරයි:. "අපි නබි තුමාගේ ඇසුර ලැබූ ශක්තිමත් තරුණයින් පිරිසක් වෙමු. එබැවින් අපි අල් කුරානය ඉගෙන ගැනීමට පෙර දෙවියන් පිලිබඳ විශ්වාසය ඉගෙන ගත්තෙමු. ඉන් පසු අපි කුරානය ඉගෙන ගත්තෙමු. මේ හේතුවෙන් අපගේ විශ්වාසය තව දුරටත් වර්ධනය විය" (ඉබ්නු මාජා). දෙවියන් පිලිබඳ විශ්වාසය නිසා කෙනෙක් වැරදි කිරීමට පෙළඹෙන්නේ නැත. නවීන...