Posts

Showing posts from August, 2019

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)

Image
ලෝකය දියුණු වෙද්දී මිනිසුන්ගේ ආගමික හැදියාවන්වල පිරිහීමක් දක්නට තිබේ. මේ නිසා ඇතැම් අයට බිකිනියේ සහ බුර්කාවේ වෙනස පවා තේරුම් ගැනීමට හැකිවී නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන් අඳින බුර්කාව ගෝනියකට සමාන කරන අවස්ථාද තිබේ. කෙසේ වෙතත් බුරුකාවට විරුද්ධ වන අය අඩනිරුවත් ඇඳුම් වලට විරුද්ධ නොවීම පුදුමයකි. ඇත්තෙන්ම ඔවුන් ඒවා දකින්නේ දියුණුවේ සංකේතයන් ලෙස නම් එය කනගාටුවට කරුණකි. මෙම තත්වය ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා වටහාගෙන නොතිබීම අවාසනාවකි. මේ හේතුවෙන් ඇතැම් පැවිද්දන් පවා බුර්කාව විවේචනය කරන්නේය. සැබැවින්ම ඉන් සිදු වන්නේ දුෂණයට අත වැනීමකි.  එක් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවක් පවත්වා බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනිය අර්ථ දැක්විය යුත්තේ කෙසේද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත. එමගින් ඔහු කලේ තම අධ්‍යාත්මික බංකලොත් භාවය ලෝකයා හමුවේ ප්‍රධර්ශනය කිරීම වේ.  සහජයෙන්ම කාන්තාව පිරිමියාට වඩා වෙනස්ය. ඒ අනුව ඔවුන්ගේ මුළු ශරී...

ඉස්ලාමයට අනුව මරණින් මතු ජීවිතය (Life after death according to Islam)

Image
මිනිස් ආත්මයට, මරණයෙන් පසු සිදු වන දේවල් පිළිබඳව විද්‍යාත්මක පිළිතුරක් මෙතෙක් සොයාගෙන නැත. එහෙත් විවිධ ආගමික, අධ්‍යාත්මික සහ දාර්ශනික සම්ප්‍රදායන් ඒ සම්බන්ධයෙන් විවිධ විශ්වාසයන් දරන්නේය. ඒ අනුව ලෝකයේ ඇති ප්‍රධාන ආගම් වන කිතුනු, යුදෙව් සහ ඉස්ලාම් යන ආගම්වල විශ්වාසය වන්නේ දෙවියන් පවත්වනු ලබන විනිශ්චයකින් පසු මියගිය අය ස්වර්ගයට හෝ නිරයට යන  බවයි. එහෙත් හින්දු ආගමික විශ්වාසය අනුව ආත්මයන් පුනරුත්පත්තියට භාජනය වේ. ඒවා විමුක්තිය (මෝක්ෂ) ලැබෙන තෙක්, තමන්ගේ කර්මය අනුව නව ස්වරූපවලින් නැවත උපත ලැබීමට පෙර විවිධ ක්ෂේත්‍ර හරහා ගමන් කරන්නේය. කෙසේ වෙතත් ඉස්ලාම් දහම පුනරුත්පක්තිය පිළිගන්නේ නැත.  ඉස්ලාම් දහම පවසන ආකාරයට මරණය යනු ආත්මය ලෞකික ජීවිතය හැර ගොස් සදාකාලික පරලොව (ආඛිරා) වෙත සිදු කෙරෙන සංක්‍රමණයකි. ඒ අනුව මියගිය ආත්මයන් සියල්ලම නැවත නැගිටවනු ලබන්නේ විනිශ්චය කොට ස්වර්ගය හෝ නිරය ලබා දීම සඳහාය. මිය යාමෙන් පසු නැවත නැගිටීම ගැන සැකයෙහි සිටින අයට අල්-කුරානය මෙසේ පිළිතුරු දී තිබේ: "මිනිසා කිසිත් නැතුව තිබියදී අපි ඔහුව මුලදී මැවූ බව ඔහු සිතා බැලිය යුතු නොවේද?" මෙහි දැක්වෙන අන්දමට   ආරම්භය...

ඉස්ලාමිය දික්කසාදය (Islamic Divorce)

Image
විවාහය යනු නන්නාදුනන පිරිමියෙකු සහ කාන්තාවක් අතර සිදුකර ගන්නාවූ නිත්‍යානුකුල බැඳීමක් වුවද එය ඉස්ලාම් දහම අනුව ආගමික කටයුත්තකි. මේ නිසා මුස්ලිම්වරයෙකුගේ විවාහය මෙන්ම දික්කසාදය අල්කුරානය සහ නබිතුමා පෙන්වා දී ඇති රාමුව තුල තිබිය යුතුය.  කෙනෙක් මොනතරම් බලාපොරොත්තු ඇතුව විවාහය සිදු කරනු ලැබුවත් ඇතැම් විට එම විවාහයන් හරි හැටි පැහෙන්නේ නැත. එවැනි අවස්ථාවකදී ඉස්ලාම් දහම දික්කසාදට ඉඩ ලබා දී තිබේ. දික්කසාද වීමේ අයිතිය පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයට ද එකසේ වලංගු වේ. කෙසේ වෙතත් ස්වාමිපුරුෂයා විසින් සිය භාර්යාව දික්කසාද කරන්නේ නම් විවාහ වන අවස්ථාවේදී ඔහු විසින් තම භාර්යාවට ලබා දුන් මහර් (විවාහවන අවස්ථාවේදී මනාලයා විසින් භාර්යාවට අනිවාර්‍යයෙන් ලබා දිය යුතු දීමනාව) කිසිවක් නැවත ලබා ගැනීම නොකළ යුතුය. එහෙත් භාර්යාව විසින් විවාහය අවලංගු කර ගන්නේ නම් ඇය විවාහ වන අවස්ථාවේදී ලබා ගත් මහර් දීමනාව නැවත සිය ස්වාමිපුරුෂයාට භාර දිය යුතු වේ.    පවුල් ජිවිතයේ ප්‍රශ්න ඇති වූ විට පළමු පියවර ලෙස දික්කසාදය තෝරා ගැනීම නොකළ යුතුය. ඒ අනුව ඔවුන් අතර සාමය ඇති කිරීම සඳහා යම් උත්සාහයක් ගැනීමට පියවර ...

විද්‍යාව කෙරෙහි ඉස්ලාම් දහමේ බලපෑම (Influence of Islam on Science)

Image
ඉස්ලාම් දහමෙහි මුලික පරමාර්ථය අධ්‍යාත්මික ලෝකය ජය ගැනීමය. එහෙත් භෞතික ලෝකය හොඳින් තේරුම් ගැනීම සඳහා කුරානය විශාල දායකත්වයක් ලබා දී තිබේ. මේ හේතුවෙන් අඳුරේ ගිලි තිබුණු යුරෝපයට ආලෝකය ලබා දෙමින් බොහෝ විද්‍යාඥයින් මුලින්ම බිහිවුයේ මුස්ලිම්වරුන් අතරින්ය. ඒ අනුව වීජ ගණිතය,  ත්‍රිකෝණමිතිය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේස්ත්‍ර රැසක් වෙනුවෙන් මුලික අත්තිවාරම දැමුවේ මුස්ලිම් විද්‍යාඥයින් බව කිසිවෙකුටත් බැහැර කල නොහැකිය.  විද්‍යාව නිසා භෞතික ලෝකය හොඳින් තේරුම් ගත හැකිය. භෞතික ලෝකය තේරුම් ගන්නා තරමට දහම හොඳින් තේරුම් ගැනීමට ලැබෙන්නේය. මෙම කරුණ නුතන ලෝකයේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හොකින් මහතා විසින් එලි දක්වන ලද කෘතියකත් සඳහන් වේ. එසේම විසිවන සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ  විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් පවසන්නේ. විද්‍යාවෙන් තොර ආගම අන්ද බවත් ආගමින් තොර විද්‍යාවට අර්ථයක් නැති බවත් ය. අල් කුරානය පහළ වුයේ මිනිසාට යහ මග පෙන්වීම සඳහා වුවත් එහි විද්‍යාව සම්බන්ද බොහෝ වැකි ඇතුලත්ය. එහෙත් කුරානය පහළ වූ හත්වන සියවසේ ජීවත්වූ කිසිවෙකු විසින් එම...

මුහම්මද් නබිතුමා සහ ඔහුට පසු කාලිෆාවරුන් (Prophet Muhammad and the Caliphs after him)

Image
මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබිතුමා ය. එතුමා ක්‍රි.ව. 570 වේ ඉපදී ක්‍රි.ව. 632 දී අභාවප්ප්‍රාප්ත විය. ඒ අනුව නබිතුමා වසර 63ක් (චන්ද්‍ර වසර) ජිවත් වූ අතර ඉන් වසර 23 ක් නබිත්වයේ වගකීම් දැරුවේය. අල් කුරානය පහළ වුයේ මෙම කල සීමාව තුලදීය. නබිතුමා ඉතා සරල ජිවිතයක් ගත කළේය. ඔහු රටේ පාලකයා වුවද ආරක්ෂාව පිණිස කිසිවෙකු පත් කලේ නැත.  මුහම්මද් නබි තුමා නබිත්වයේ කාල සීමාව තුලදී අරාබියාව තුල විශාල අධ්‍යාත්මික පෙරලියක් සිදු කළේය. එතුමා ජිවත් වුයේද රට පාලනය කළේද කුරානයේ ඇති නියෝග අනුව ය. නබිතුමා ඉස්ලාම් දහම දෙසීම සඳහා විශාල කැපකිරීමක් සිදු කළේය. නබිතුමාගේ අනුගාමිකයින් ද එතුමාව ඉතා ඕනෑකමින් අනුගමනය කළ අතරම නබිතුමා පැවසූ සෑම දෙයක්ම ඔවුන් කටපාඩම් කර මතු ජනතාව වෙනුවෙන් දායාදයක් ලෙස ඉතිරි කොට තැබුවෝය.  නබිතුමා ඉතාමත් නිර්ලෝභී ජිවිතයක් ගත කළේය. එබැවින් ඔහුට ලැබුණු සෑම දෙයක්ම ජනතාවගේ සුභ සිද්ධිය සඳහා බෙදා දුන්නේය. ඒ අනුව කිසිම දෙයක් හෙට දවස වෙනුවෙන් ඉතිරි කර තැබුවේ නැත. ඔහු සම්පුර්ණයෙන්ම අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබුවේය. නබිතුමා මිය යන විට ඉතිරි කොට ගියේ අල් කුරානය සහ ඔහුගේ මග පෙන්වීම පමණි....

ඉස්ලාමය තුල අසල්වැසියාගේ යුතුකම් (Duties of a neighbor in Islam)

Image
අපට අසල්වැසියන් සම්බන්දයෙන් සුන්දර ඉතිහාසයක් තිබුනත් දැන් දැන් එය නැතිවෙමින් තිබේ. එදා වැඩිහිටියන් පමණක් නොව අසල්වැසි ළමුන් පවා එකට ක්‍රීඩා කල කාලයක් තිබුනේය. එහෙත් දැන් ඒවා දැකිය හැක්කේ ඉතා කලාතුරකින්ය. මෙම පෙරළියට ප්‍රධාන හේතුව ලෞකික ජීවිතය ජය ගැනීම සඳහා කරන තරඟය යැයි කිව හැකිය. මෙම තරඟය නිසා අද බොහෝ අය යාබද නිවසේ සිටින පුද්ගලයාව හඳුනන්නේ නැත. ඔහු කෑවද බීවද කියා සොයා බලන්නේද නැත. ඇතැම් විට ඔහු නෑදෑයෙක් විය හැකිය. එහෙත් ඔවුන් සමග ආශ්‍රය කිරීම සඳහා වෙලාවක් නැත. මෙම තත්වය ඉස්ලාම් දහම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මෙවැනි දේවල් නිසා මිනිසා දෙවියන්ගෙන් ඈත් වන්නේය. දෙවියන්ගෙන් ඈත්වන මිනිසාට කොපමණ වස්තුව තිබුනත් සතුටක් ලැබෙන්නේ කෙසේද?  නබිතුමා එක් අවස්ථාවකදී එකම වාකිය කාණ්ඩය නැවත නැවත තුන්වතාවකම පැවසුවේය. "අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත! අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත!" ඊට සවන් දුන් සහාබාවරු "ඔවුන් කව්රුන්දැ"යි නබිතුමාගෙන් විමසුවෝය. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔවුන් තම අසල්වැසින්ට හිංසා කරන අය බවයි. එසේ තිබියදී අ...

ඉස්ලාමීය අලුත් අවුරුදු උත්සවය (Islamic Eid Celebrations)

Image
මුස්ලිම්වරුන් සඳහා අවරුදු උත්සව දෙකක් නියම කොට තිබේ. ඉන් එකක් උපවාස මාසය අවසාන වීමෙන් පසුව ද අනෙක හජ් වන්දනය වෙනුවෙන්ද සිදු කරනු ලැබේ. මෙම උත්සව දෙකෙහි ඇති විශේෂත්වය වන්නේ අල්ලාහ් අපට කරන ලද උපකාරයන් වෙනුවෙන් තක්බීර් පවසා ඔහුට තුති පිදීමයි. එය පහත සඳහන් පරිදි සිදු කරනු ලැබේ. اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ–اَللهُ اَكْبَرُ لآاِلَهَ اِلاَّاللهٌ وَاللهُ اَكْبَرُاَللهُ اَكْبَرُاَللهُ اَكْبَرُ وَِللهِ الْحَمْدُ මෙම තක්බීර් පැවසීම ඊදුල් ෆිතර් සලාතයත් සමග අවසන් වන අතර ඊදුල් අල්හා උත්සවයෙන් පසු තවත් දින තුනක් එක දිගටම සිදු කරනු ලබන්නේය. ඊද් උත්සවයට සහභාගී වීමට පෙර ස්නානය කිරීම සුන්නාවකි. එනම් නබිතුමාගේ මග පෙන්වීමකි. එදින ඇති දේව මෙහෙය සඳහා තමන්ට ඇති හොඳම වස්ත්‍රයෙන් සැරසීමද  නබිතුමා පෙන්වා දෙන ලද තවත් සුන්නාවකි. අලුත් අවුරුදු උත්සව වලදී සිදු කරනු ලබන සලාතය සඳහා පිරිමින් මෙන්ම කාන්ත්වන්ද සහබාගි වෙති.  උපවාසයෙන් පසු එළඹෙන ඊදුල් ෆිතර් උත්සවයට සහභාගී වීමට පෙර හැකියාව ඇති සෑම කෙනෙක්ම දුප්පත් උදවිය සඳහා සහල් කි.ග්‍රෑම්. 2.5 බෙදා දීම අනිවාර්ය වේ. එය නැතිබැරි...

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා අතර ඇති සම්බන්දය කුමක්ද? (What is the connection between the Hajj pilgrimage and Prophet Abraham?)

Image
ඉබ්‍රාහිම් නබිතුමා වසර පන්දහකට පමණ පෙර ඉරාකයේ උපත ලැබිය. එතුමා දෙවියන්ගේ පරීක්ෂාවන්ට සාර්ථක ලෙස මුහුණ දීම නිසා ඔහුට "කලිලුල්ලාහ්" හෙවත් "අල්ලාහ්ගේ මිතුරා" යන අන්වර්ථ නාමයද ඇත. කිතුනු දහම දේශනා කල ජේසු තුමාද, අල් කුරානය දේශනා කල මුහම්මද් නබිතුමාද පැවත එන්නේ එතුමාගේ පරම්පරාවෙන් ය. මේ හැර එතුමාගේ පරම්පරාවෙන් තව බොහෝ නබිවරුන් පැමිණ තිබේ. යුදෙව් ආගම දේශනා කල මුසා නබි තුමා පැවත එන්නේද එතුමාගේ පරම්පරාවෙන් ය.  හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබිතුමාගේ ජීවිතය අතර සුවිශේෂී සම්බන්දයක් තිබේ. ඒ අනුව හජ්වන්දනය පුරාවට ඉබ්‍රාහිම් නබිතුමා සිදු කල කැපකිරීම් වලට ගෞරව කිරීමක් වශයෙන් ඒවා නැවත සිහි කිරීමක් කරනු ලැබේ. එපමණක් නොව හජ් වන්දනය ඉස්ලාම් දහමේ අනිවාර්ය කුළුණු පහෙන් එකක් බවට පත් කොට ඇත. මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන දේවස්ථානයක් වන  කව්බාව මුලින්ම ප්‍රතිනිර්මාණය කළේ ඉබ්‍රාහිම් නබි තුමා සහ ඔහුගේ පුත්‍ ඉස්මායිල් යන දෙදෙනා ය. එය නිර්මාණය කිරීමෙන් පසු, ඉබ්‍රාහිම් නබිතුමා අල්ලාහ්ගේ නියෝගය අනුව, අරෆා කන්දට නැග, හජ් වන්දනය සඳහා අරාධනා කළේය.  "තවද. හජ් වෙනුවෙන් ජනයාට අරාධනා කරනු. ඔවුන් පා මගින්ද,...