මරණයෙන් පසු ජීවිතය සඳහා සූදානම් විය යුත්තේ ඇයි? (Why should one prepare for life after death?)
සෑම ප්රධාන ආගමකම මරණයෙන් පසු ජිවිතය ගැන පවසා තිබේ. එහෙත් සමහරුන් මෙලොව ජීවිතයෙන් ඔබ්බට වෙනත් ජීවිතයක් නැතැයි සිතති; එහි ප්රතිඵලයක් ලෙස ඔවුහු එවැනි ජීවිතයක් සඳහා සූදානම් වන්නේ නැත. තවත් සමහරු මරණයෙන් පසු ජීවිතයක් ඇතැයි විශ්වාස කළද, ඒ සඳහා සූදානම් වන්නේ නැත. මේ නිසා මේ දෙපිරිසම මරණයෙන් පසු විශාල පාඩුවක් ලැබීමට නියමිතය. මව් කුසේ සිට මෙලොවට පැමිණීමත් මෙලොව සිට පරලොව යෑමත් අතර විශාල වෙනසක් තිබේ. මව් කුසේදී කෙනෙකුට ජිවත් වීම සඳහා අවශ්ය වන්නේ පෙකෙනි වැල පමණි. එහෙත් මව් කුස තුලදී අවශ්ය නොවන ඇස් කන් නාසය අත්පා වැනි බොහෝ අවයවයන් ඔහුට ලැබී තිබේ. කෙසේ වෙතත්, ඒවා අවශ්ය වන්නේ ලෞකික ජීවිතයේදී ය. ඒ බව දැනගෙන ඒවා ලබා දුන්නේ කවුරුන්ද? තවද, අලුත උපන් බිළිඳෙකු ඝන ආහාර අනුභව කරන්නේ නැත; එසේ නම්, දරුවාට සුදුසු ආහාරය—උපන් මොහොතේදීම—මවගේ පියයුරු තුළ නිර්මාණය කළේ කවුරුන්ද? මේවා ගැන මිනිසා සිතා බැලිය යුතු නොවේද? මිනිසාව නිර්මාණය කල දෙවියන්, මනුෂ්ය ජීවිතයේ අරමුණ හෙළිදරව් කිරීම සඳහා, දහම් පණිවිඩ රැගත් විශේෂ දූතයන්ව මෙලොවට එවා ඇත. එසේ පැමිණි දහම් පණිවිඩ අතරින් මුසා නබි තුමාට පහළ කරන ලද බෛබලයේ පැරණි ගිවිසු...