Posts

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

Image
අල් කුරානයේ ඉතා දීර්ඝ සහ ඉතා කෙටි පරිජ්ජේද 114 ක් අඩංගු වේ. එම පරිජ්ජේද අතරින් මුල්ම පරිජ්ජේදය වන්නේ වාක්‍ය හතකින් සමන්විත ෆාතිහා සුරාව යි. එම පරිජ්ජේදයෙන් කුරානයේ සාරාංශය ඉතා මැනවින් ගෙන හැර දක්වා ඇති බව ඉස්ලාමිය විද්වතුන්ගේ මතය වේ.  එම පරිජ්ජේදය පහත දැක්වේ. " අසීමිත කරුනාවන්තයාවුද අසම දයාවන්තයාවුද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). සියලු ප්‍රසංශා සකල ලෝකයම මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ටමය. (ඔහු) අසීමිත කරුනාවන්තයාය , අසම දයාවන්තයාය. විනිශ්චය දිනයෙහි අධිපති (ඔහුය). (ඕ අල්ලාහ්!) අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදවු පතමු. නුඹ අපව ඍජු මගෙහි යවනු මැනව. (එම මාර්ගය කෙසේද යත්) නුඹ කව්රුන් කෙරෙහි දායාදය පිරිනැමුවේද ඔවුන්ගේ මගය. (එය නුඹගේ) කෝපයට ලක්වුවන්ගේද , නොමග ගියවුන්ගේද මග නොවේ" මෙම පරිජ්ජේදය අල්ලාහ්ට අයත් ඉතා වැදගත් ගුණාංගයන් දෙකකින් ආරම්භ කොට තිබේ. අල්ලාහ්ට එවැනි ගුණාංගයන් නොතිබුනේ නම් වැරදි කරන අයට එවෙලේම දඬුවම් කිරීමට ඉඩ තිබුනේය. මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකිරීම නිසා කෙනෙකුට අවශ්‍ය නම් මරණයට පෙර නිවැරදි  මාර්ගය වෙත හැරීමට අවස්තාව ලැබෙන්නේය. කුරානයේ අරමුණ මිනිසාට නිවැරදි මාර්ග...

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

Image
රටක ආරක්ෂාව සඳහා ශක්තිමත් හමුදාවක් තිබිය යුතුය. එහෙත්, ඕනෑවට වඩා බලය තර කර ගෙන ලෝක පොලිස් කාරයා වෙමින් අනෙක් රටවල් වලට තර්ජනයක් වීම වැරැද්දකි. සාමයේ නාමයෙන් අනෙකුත් රටවල ස්වෛරීභාවයට ඇඟිලි ගැසීම උද්දච්චකම වේ. ඇමරිකාව සහ ඉස්රායලය කරමින් සිටින්නේ එවැනි දේවල් ය. ඔවුන් කරමින් සිටින අසාධාරණ යුද්ධ නිසා ලෝක ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් තිබේ. සාමය ඇතිකරන බව කියමින් කළහ ඇති කරන අය ගැන අල් කුරානය මෙසේ පවසයි.  "පොළොවෙහි කළහ ඇති නොකරන්නැයි ඔවුනට පවසනු ලැබුවේ නම්, 'අපි සාමය ඇති කරන්නන්' යැයි (ඔවුන්) පවසන්නෝය. ඇත්ත වශයෙන්ම කළහ ඇති කරන්නන් ඔවුන්මය. එහෙත් ඔවුන් එය තේරුම් ගන්නන් ලෙස නැත"  (කුරානය 2;11-12). ඉරානය වසර 7000ක් පමණ පැරණි ශිෂ්ටාචාරයක් ඇති රටක් වේ. ඔවුන් කිසිවිටක අනෙක් රටවල් වලට තර්ජනයක් වුයේ නැත. එසේ තිබියදී වසර 300ක් පමණ ඉතිහාසයක් ඇති ඇමරිකාව සහ වසර 70ක් පමණ ඉතිහාසයක් ඇති ඉස්රායලය ඉරානයේ තෙල් සම්පත් වලට කෙළ හලමින් ඔවුන්ට තර්ජනය කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.  ඉරානය යුරේනියම් බල ගන්වන්නේ එම රටේ බලශක්ති උවමනාවන් සඳහා ය. එය පාදක කර ගනිමින් ඉරානයට නොයෙකුත් සම්බාදක දැමීම අනු...

අධ්‍යාත්මික ජීවිතය සාර්ථක වීමට ඇති පහසුම ක්‍රමය කුමක්ද? (What is the easiest way to succeed in spiritual life?)

Image
පුද්ගලයෙකුගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහු හෝ ඇය කරන කැපවීම මත ය. එබැවින්, අවශ්‍යතාවයක් තිබේ නම් පහළ මට්ටමේ සිටින සේවකයෙකුට පවා උත්සාහ කලොත් ඉහළට යා හැකිය. මේ සඳහා ඔහු කල යුත්තේ එම රැකියාවේ ඉහල සුදුසුකම් ලැබීමට අවශ්‍ය විභාග සඳහා පෙනී සිට ඒවායින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමය. ඒ හා සමානව, යමෙකුට තම අධ්‍යාත්මික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් අල්ලාහ් සමග ඇති බැඳීම වැඩිදියුණු කළ යුතුය. මෙය කල හැක්කේ අල්ලාහ් නියම කොට ඇති දේවල් හරි හැටි ඉටු කිරීමෙන් ය. ඒවා අතරින් විශේෂ තැනක් ගන්නේ සලාතය යි. සලාතයෙන් උපරිම පල නෙලා ගත හැක්කේ එය නබිතුමා ඉටු කල අකාරයට ඉටු කිරීමෙන් ය. ඒ සඳහා දහම ගැන මනා දැනුමක් තිබීම අවශ්‍ය වේ. සලාතයේ වටිනාකම දන්නේ නම් එය ඕනෑකමින් ඉටු කරනු ඇත. කෙසේ වෙතත් බොහෝ අයට එහි අගය නොදන්නා කමින් සලාතය ඉටු කරන්නේ ඔනෑ එපාවට ය. සමහරු සලාතයේ අවසාන මොහොත දක්වා බලා සිට අලසකමින් එය ඉටු කරති. සමහරු සලාතය ඉටු කරන්නේ ඊට නියමිත කාලය ගෙවී ගිය පසුවය. සමහරුන්ට සලාතය ඉටු කිරීමෙන් පසු කොපමණ රකාත් ගණනක් ඉටු කළේදැයි මතක නැත. හදිසයක දැක්වෙන්නේ මෙම ලක්ෂණ ඇත්තේ මුනාෆික් වරුන්ගේ සලාතයේ ...

ස්වර්ගයට ලංසුව කොපමණ වේද? (How much is the bid for paradise?)

Image
සෑම ප්‍රධාන අගමකම ස්වර්ගය ගැන පවසා තිබේ. එය ඉතා සුන්දර ස්ථානයකි, එනමුත් ඒ සඳහා නියම කොට ඇති මිල ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ලඟා විය හැකිය.  ස්වර්ගයේ අලංකාරය මේ ලෝකයේදී සිතාගත නොහැකි ය. එහි ඇති සතුට වචනයෙන් විස්තර කල නොහැක. ස්වර්ගවාසින් කොපමණ කාලයක් ජිවත් වුවත් මරණයට පත් වන්නේ නැත. එපමණක් නොව ඔවුන් සදාකාලිකවම යෞවනයේ සිටින්නෝය. නබිතුමා සඳහන් කල ආකාරයට ස්වර්ගයේ ඇති ගස් ඉතා විශාලය. එහි සෙවන පසුකර යාමට අශ්වයෙකුට වසර සියයක් ගත වන්නේය (සහිහ් බුහාරි 6552).  මෙම ගස් අතරින් දිය දහරා ගලා බසින්නේය. ස්වර්ගවාසින් හිතන පතන සෑම දෙයක්ම නිරායාසයෙන්ම ඔවුන් හට ලැබෙන්නේය. ස්වර්ගවාසින්ට ලෙඩ දුක් ඇතිවන්නේ නැත. මල පහ කිරීමට අවශ්‍ය වන්නේ නැත. කාන්තාවන්ට මාස් සුද්ධිය ඇති වන්නේ නැත.  කුරානයේ 55 වන පරිජ්ජේදය වන සූරා අර්-රහ්මාන්, විස්තර කරමින් ඉබ්නු කතීර් තුමා මුහම්මද් නබි තුමාගේ හදිසයක් මෙසේ විස්තර කොට ඇත. “මුහම්මද් නබිතුමා පැවසූ බවට අබ්දුල්ලා ඉබ්නු කයිස් වාර්තා කරන වග නම්: සත්‍යය වශයෙන්ම ස්වර්ගවාසින්ට මුතුවකින් සැදුම් ලත් කුඩාරමක් දෙනු ලැබේ. එහි පළල සැතපුම් හැටක් පමණ වේ. එහි එක් එක් මුලුවෙහි විශ්වාස්...

ඉස්ලාම් ආගමික වතාවන් වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? (What are the benefits derived from Islamic religious practices?)

Image
ඉස්ලාම් ස්වහාවික දහමකි. එබැවින් එයට අරාබි භාෂාවෙන් "දීන් අල්-ෆිත්‍රා" (Din al-Fitra) යැයිද කියනු ලැබේ. එම කරුණ අල් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "(මෙය) අල්ලාහ් මිනිසුන්ව නිර්මාණය කර ඇති ඔහුගේ ස්වහාවික ධර්මය වේ" (කුරානය 30:30). මේ හේතුවෙන්, ඉස්ලාම් දහම පිළිපැදීම ස්වහාවික නීති පිළිපැදීම තරම්ම පහසු ය. ඉස්ලාම් දහමින් මිනිසාව තම මැවුම්කරු සමග සමීප කරන්නේය.  ඉස්ලාම් ආගමේ, පවිත්‍රතාවය සඳහා ඉතා වැදගත් ස්ථානයක් ලබා දී තිබේ. මේ නිසා සෑම අවස්ථාවකදීම තම ශරීරය සහ මනස පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය වේ. එමගින් අල්ලාහ් හට සමීප විය හැකි අතර නිරෝගී ජිවිතයකටද මග පැදෙන්නේය. ඉස්ලාම් දහම මිනිසාගේ උපතේ සිට මිය යන තුරු සෑම දෙයක් සඳහාම මග පෙන්වා දී තිබේ. ඒ අනුව අලුත උපන් දරුවෙකුට කුඩා කාලයේදීම ච්ර්මජ්ජේදනය සිදු කරන්නේය. එසේ කරන්නේ පිරිසිදු තාවය සඳහාය. තවද, ඉස්ලාමයේදී මුත්‍රා අපවිත්‍ර ද්‍රව්‍යයක් ලෙස සැලකේ. එබැවින් මුත්‍රා තැවරුණු කෙනෙක් සලාතය  ඉටු කලේ නම් එය වලංගු වන්නේ නැත. මේ නිසා කෙනෙක් මුත්‍රා කිරීමෙන් පසු තම ලිංගික අවයවය ජලයෙන් පිරිසිදු කිරීම අනිවාර්ය වේ. තවද සලාතය ඉටු කිරීම සඳහා ...

අල්ලාහ් අතිශයින්ම කරුණාවන්ත බව ඔබ දන්නවාද? (Do you know that Allah is extremely kind?)

Image
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් ගැන පැවසීමේදී, බොහෝ අය සඳහන් කරන්නේ බිය ඇතිකරන දේවල් ගැන පමණි. එහෙත් ඔහු අතිශයින්ම කරුණාවන්ත බව ද අප විසින් දැනගත යුතුය. හදිස්වල දැක්වෙන අන්දමට අල්ලාහ්ගේ කරුණාව ඔහුගේ කෝපාවිෂ්ට බව ඉක්මවා යන්නේය. මේ නිසා වැරදි කල ඕනෑම කෙනෙකුට ලෞකික ජීවිතයේදී අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු තැබිය හැකිය. කෙසේ වෙතත් අල්ලාහ් දඬුවම් කිරීමේදී ඉතා දැඩි බවත් අමතක නොකළ යුතුය. එබැවින් වඩා සුදුසු වන්නේ අල්ලාහ් කෙරෙහි ඇති බිය සහ බලාපොරොත්තුව අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමය. සහිහි බුහාරි ග්‍රන්ථයේ අල්ලාහ් තම ගැත්තන් සමග ක්‍රියා කරන අකාරය මෙසේ විස්තර කොට ඇත.  “මගේ ගැත්තා මා ගැන සිතන ආකාරයට මා ද ඔහු සමග ක්‍රියා කරන්නෙමි. ඔහු මා ගැන සිහිපත් කරන විට මා ද ඔහුව සිහි පත් කරමි. ඔහු තම සිත තුලින් මා ගැන මෙනෙහි කරන්නේ නම්, මා ද ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මිනිසුන් අතර මා ගැන සඳහන් කරන්නේ නම්, ඔහු ගැන මා ඊට වඩා හොඳ සභාවකදී සඳහන් කරමි. ඔහු මා වෙත වියතක දුරක් ළඟා වුවහොත්, මා රියනක දුරක් ඔහු වෙත ළඟා වෙමි. ඔහු මා වෙත රියනක දුරක් ළඟා වුවහොත්, මා ඔහු වෙත රියන් දෙකක දුරක් ළඟා වෙමි. ඔහු මා වෙත ඇවිද ආවොත්, ම...

අල්ලාහ් යනු කවුරුන්ද? (Who is Allah?)

Image
ලෝකයේ ඇති සෑම ආගමකින්ම දෙවියන් පිලිබඳ විශ්වාසය උගන්වයි. කෙසේ වෙතත්, එම විශ්වාසයන් එකිනෙකට වෙනස් වේ. එසේ තිබියදී යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් යන ආගම්වල යම් එකඟතාවක් දැකිය හැකිය; ඊට හේතුව එම ආගම් තුනම අල්ලාහ් විසින් පහළ කොට තිබීමයි. එහෙත් පසු කාලීනව මිනිසුන් විසින් එම ආගම්වලින් පවසන ඒක දේව විශ්වාසය වෙනස් කොට තිබේ.  ආගම්වලින් දෙවියන් ගැන සඳහන් කලද, ඉස්ලාම් දහම හැර අනෙක් ආගම්වල දෙවියන් පිලිබඳ සංකල්පය අර්ථ දක්වා නොමැත. කුරානය, අල්ලාහ් පිළිබඳව මෙසේ පවසයි:  "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත"  (කුරානය 112; 1-4).  ඉස්ලාමිය විශ්වාසය අනුව, විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ් ය. එබැවින්, නැමදුම් ලැබීමට එකම සුදුස්සා ඔහු පමණි. සෑම දෙයක්ම ඔහුගේ මැවීම් වන අතර, ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවන බැවින් ඔහුගේ ආරම්භය ගැන ප්‍රශ්න කල නොහැක. අල්ලාහ් සම්බන්දයෙන් කුරානය මෙසේද සඳහන් කරයි:  " (සත්‍...