ඇතැම් අය ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි? (Why do some people oppose only cow slaughter?)
ඇතැම් අය ගවයාට වන්දනාමාන කරන්නේය. එමනිසා ඔවුන් ගව ඝාතනයට විරුද්ධ වෙති. එහෙත් ගව මස් අනුභව කරන අය ගවයා දකින්නේ සාමාන්ය සතෙක් හැටියට ය. ඔවුන්ට, ගවයා තවත් එක් සත්වයෙක් පමණි. ඔවුන් නමදින්නේ ගවයා ඇතුළු සියලුම දේවල් මැවූ සර්වබලධාරී දෙවියන්ට වේ. ගවයා කිසිවක් මවා නැත. බුද්ධි මට්ටම අතින්ද, ගවයා මිනිසාට වඩා බෙහෙවින් පහත් තත්වයක පවතී. එමනිසා, මිනිසෙකු ගවයෙකුට නමස්කාර කරන විට, ඔහු ඇත්ත වශයෙන්ම තමාගේ තත්ත්වය එම සත්වයාගේ තත්ත්වයටත් වඩා පහත් මට්ටමකට හෙළා ගනී. එය මිනිස් කමට කරන විශාල කැළලකි. ගවයාට වන්දනාමාන කරන ඇතැම් අය ගවයා වෙනුවෙන් මිනිසුන් ඝාතනය කොට තිබේ! මෙම තත්වය ඉන්දියාවේ බහුලව දැකිය හැකිය. ඉන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මන්ද මානසිකත්වය නොවේද? ගව ඝාතනයට විරුද්ධ වන ඇතැම් අය කුකුලන් එළුවන් මත්සයින් ඝාතනය කිරීමට විරුද්ධත්වයක් දක්වන්නේ නැත. තවත් සමහරු සියලුම සත්ව ඝාතනයන්ට විරුද්ධ වුවත්, තමන්ට ලෙඩක් දුකක් ඇතිවූ විට ප්රතිජීවක ඖෂද ගැනීමෙන් ලක්ෂ සංඛ්යාත ක්ෂුද්ර ජීවින් විනාශ කර දමති. මෙය දෙබිඩි පිළිවෙතත් නොවේද? ගවයා සාමාන්ය සතෙකු වුවද, නබි මූසා (මෝසෙස්) තුමාගේ කාලයේදී එය ව...