ඉස්ලාම් දහම පවසන ආකාරයට පින් දහම් කරන ඇතැම් අය නිරයට යන්නේ ඇයි? (According to Islam, why do some people who perform good deeds go to Hell?)
ඉස්ලාම් දහමට අනුව අහස මෙන්ම පොළවද, ස්වර්ගය මෙන්ම නිරයද මවා තිබෙන්නේ සර්වබලධාරී අල්ලාහ් දෙවියන් ය. ඔහු මිනිසාව මවා තිබෙන්නේ සුවිශේෂී අරමුණක් සඳහා ය. සෑම දහම් පණිවිඩයකින්ම එම අරමුණ පෙන්වා දී තිබේ. තවද, මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පහළ කොට තිබේ. දෙවියන්ගේ විශේෂ දුතයින් පැමිණ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබුනත් බොහෝ අය එම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග අනුගමනය කරති. එවැනි අය තම ආශාවන් පසු පස ගොස් කොපමණ පින් දහම් කලත් ස්වර්ගයට යන්නේ නැත. තවත් සමහරු තමන්ව මැවූ අල්ලාහ් දෙවියන් වෙනුවට තම සිතින් මවා ගත් වෙනත් දේව රූප වලට ඉතා මහන්සියෙන් වැඳුම් පිදුම් කරති. එහෙත් එම මනක්කල්පිත දේව රූප වලින් ඔවුන් කරන වැඳුම් පිදුම් වලට කුසල් දීමට නොහැක. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි: "(අල්ලාහ් නොවන දේවල් වෙනුවෙන්) මහන්සියෙන් ක්රියා කරයි. (එහෙත් මරණයෙන් පසු) දළු දමමින් දැවෙන ගින්නෙහි ඇතුළු වෙයි" (කුරානය 88:3-4). තවත් සමහරු අල්ලාහ්ට නමදින අතරම, වෙනත් දේවල් වලටත් වඳිති. එම ක්රියාව ඉස්ලාම් දහම අනුව විශාල පාපයකි. එවැනි අය කොපමණ පින් දහම්...