සෑම ප්රධාන අගමකම ස්වර්ගය ගැන පවසා තිබේ. එය ඉතා සුන්දර ස්ථානයකි, එනමුත් ඒ සඳහා නියම කොට ඇති මිල ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ලඟා විය හැකිය.
ස්වර්ගයේ අලංකාරය මේ ලෝකයේදී සිතාගත නොහැකි ය. එහි ඇති සතුට වචනයෙන් විස්තර කල නොහැක. ස්වර්ගවාසින් කොපමණ කාලයක් ජිවත් වුවත් මරණයට පත් වන්නේ නැත. එපමණක් නොව ඔවුන් සදාකාලිකවම යෞවනයේ සිටින්නෝය.
නබිතුමා සඳහන් කල ආකාරයට ස්වර්ගයේ ඇති ගස් ඉතා විශාලය. එහි සෙවන පසුකර යාමට අශ්වයෙකුට වසර සියයක් ගත වන්නේය (සහිහ් බුහාරි 6552). මෙම ගස් අතරින් දිය දහරා ගලා බසින්නේය. ස්වර්ගවාසින් හිතන පතන සෑම දෙයක්ම නිරායාසයෙන්ම ඔවුන් හට ලැබෙන්නේය. ස්වර්ගවාසින්ට ලෙඩ දුක් ඇතිවන්නේ නැත. මල පහ කිරීමට අවශ්ය වන්නේ නැත. කාන්තාවන්ට මාස් සුද්ධිය ඇති වන්නේ නැත.
කුරානයේ 55 වන පරිජ්ජේදය වන සූරා අර්-රහ්මාන්, විස්තර කරමින් ඉබ්නු කතීර් තුමා මුහම්මද් නබි තුමාගේ හදිසයක් මෙසේ විස්තර කොට ඇත. “මුහම්මද් නබිතුමා පැවසූ බවට අබ්දුල්ලා ඉබ්නු කයිස් වාර්තා කරන වග නම්: සත්යය වශයෙන්ම ස්වර්ගවාසින්ට මුතුවකින් සැදුම් ලත් කුඩාරමක් දෙනු ලැබේ. එහි පළල සැතපුම් හැටක් පමණ වේ. එහි එක් එක් මුලුවෙහි විශ්වාස්යින් සඳහා භාර්යාවන් ඇත, එහෙත් එක් භාර්යාවක් අනෙක් භාර්යාව දකින්නේ නැත. ඒ සෑම භාර්යාවක්ම මුමින්වරයා බැහැදැකීමට යන්නේය" (ෆත්හුල් බාරි 8:491). අවසාන වරට ස්වර්ගයට ඇතුලත් වන තැනැත්තාට මේ ලෝකය මෙන් දස ගුණයක් විශාල ස්වර්ගයක් ලැබීමට නියමිතය. ඒ සියල්ලටම වඩා, මේ ලෝකයේදී විශ්වාස කරමින් සිටි අල්ලාහ්ව කිසිදු ආවරණයක් නොමැතිව සෘජුවම දැක බලා ගැනීමට හැකි වීම වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් සතුටක් වන්නේය.
මුහම්මද් නබි තුමාගේ සම්ප්රාප්තියෙන් පසු ඉහත විස්තර කල අකාරයේ ස්වර්ගයක් අත්කර ගැනීම සඳහා කල යුතුව තිබෙන්නේ, නැමදීමට එකම සුදුස්සා අල්ලාහ් බවත් මුහම්මද් නබිතුමා ඔහුගේ දුතයා බවත් මනසින් විශ්වාස කොට එය මුවින් ප්රකාශ කිරීම පමණි. එසේ කිරීම ස්වර්ගය ලැබීමට මුලික සුදුසුකම වේ.
සහිහ් බුහාරි ග්රන්ථයේ හදිස් අංක 87හි කොටසක සඳහන් වන පරිදි නබිතුමා හමුවීමට පැමිණි කණ්ඩායමකගෙන් ඔහු මෙසේ ප්රශ්න කොට ඇත. “අල්ලාහ්ව පමණක් විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ දන්නවාද?” ඊට පිළිතුරු වශයෙන් එම කණ්ඩායම මෙසේ පවසා ඇත, “ඒ ගැන අල්ලාහ් සහ ඔහුගේ දූතයා වඩා හොඳින් දනී.” එවිට නබි (ﷺ) තුමා, “(අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට නමස්කාර කිරීමට අයිතියක් නොමැති බවත්, මුහම්මද් නබි තුමා ඔහුගේ දූතයා බවටත් සාක්ෂි දැරීම, සලාතය ඉටු කිරීම, zසකාත් ගෙවීම, රාමසාන් මාසයේ උපවාස කිරීම, (සහ) අල්-කුමුස් ගෙවීම)".යැයි පවසා ඇත.
මෙතරම් සුළු දෙයක් කිරීමෙන් ස්වර්ගය අත්කර ගැනීමට හැකියාව තිබියදීත්, එම අවස්ථාව ගිලිහි යාමට හැරීමෙන් සිදුවන්නේ මරණයෙන් පසු පොලව පිරෙන තරමට රත්රන් දුන්නත් එය ලබා ගැනීමට නොහැකි වීමය.
"නියත වශයෙන්ම, ප්රතික්ෂේප කරන්නන්, ප්රතික්ෂේප කරන්නන් ලෙසම සිටියදී මරණයට පත්වන්නෝ ද ඔවුන්ගෙන් කෙනෙක් පොළව පිරෙන තරමට වන්දි වශයෙන් රත්රන් දුන්නද, ඔහුගෙන් එය පිළිගනු නොලැබේ. ඔවුනට හිංසාකාරී වේදනාවක් ම ඇත. තවද ඔවුන්ට උදව්කරුවන් කිසිවෙකුද නැත" (කුරානය 3:91).
මිය ගිය පසු මුහුණ දෙන ප්රශ්න වලදී කිසිවෙකුත් උදව්වට එන්නේ නැත. එබැවින් ඊට මුහුණ දීම සඳහා තම තමන්ම සුදානම් වී සිටිය යුතුය. කෙසේ වෙතත් බොහෝ අය සත්ත්ය දැනගත්තත් අනුන්ට ඇති බිය නිසා එම සත්යය පිළිගැනීමට උත්සාහ කරන්නේ නැත. ඒ අනුව මරණයට පත් වීමෙන් පසු එහි විපාක ඔවුන් විසින්ම විඳදරාගත යුතුය.
By Fasy Ajward.
B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment