ඉස්ලාම් දහම පවසන ආකාරයට පින් දහම් කරන ඇතැම් අය නිරයට යන්නේ ඇයි? (According to Islam, why do some people who perform good deeds go to Hell?)

 

ඉස්ලාම් දහමට අනුව අහස මෙන්ම පොළවද, ස්වර්ගය මෙන්ම නිරයද මවා තිබෙන්නේ සර්වබලධාරී අල්ලාහ් දෙවියන් ය. ඔහු මිනිසාව මවා තිබෙන්නේ සුවිශේෂී අරමුණක් සඳහා ය. සෑම දහම් පණිවිඩයකින්ම එම අරමුණ පෙන්වා දී තිබේ. තවද, මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පහළ කොට තිබේ. 

දෙවියන්ගේ විශේෂ දුතයින් පැමිණ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබුනත් බොහෝ අය එම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග අනුගමනය කරති. එවැනි අය තම ආශාවන් පසු පස ගොස් කොපමණ පින් දහම් කලත් ස්වර්ගයට යන්නේ නැත. 

තවත් සමහරු තමන්ව මැවූ අල්ලාහ් දෙවියන් වෙනුවට තම සිතින් මවා ගත් වෙනත් දේව රූප වලට ඉතා මහන්සියෙන් වැඳුම් පිදුම් කරති. එහෙත් එම මනක්කල්පිත දේව රූප වලින් ඔවුන් කරන වැඳුම් පිදුම් වලට කුසල් දීමට නොහැක. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි: "(අල්ලාහ් නොවන දේවල් වෙනුවෙන්) මහන්සියෙන් ක්‍රියා කරයි. (එහෙත් මරණයෙන් පසු) දළු දමමින් දැවෙන ගින්නෙහි ඇතුළු වෙයි" (කුරානය 88:3-4). 

තවත් සමහරු අල්ලාහ්ට නමදින අතරම, වෙනත් දේවල් වලටත් වඳිති. එම ක්‍රියාව ඉස්ලාම් දහම අනුව විශාල පාපයකි. එවැනි අය කොපමණ පින් දහම් කලත් ස්වර්ගයට යන්නේ නැත. එහෙත් ඔවුන් සිතාගෙන ඉන්නේ බොහෝ සෙයින් කුසල් කරන බවයි. එවැනි අය ගැන කුරානය මෙසේ පවසයි: "ක්‍රියාවලින් විශාල ලෙස පාඩු වුවන් ගැන නුඹලාට අප දැනුම් දෙන්න දැයි (නබි වරයාණෙනි) නුඹ අසන්න! ඔවුන්ගේ උත්සාහයන් මෙලොව ජීවිතයේදීම නිෂ්පල විය. නියත වශයෙන්ම ඔවුන් තමන් යහ කම් කරන බවට සිතාගෙන සිටිති" (කුරානය 18:103-104)

ඇතැම් අය අල්ලාහ් වෙනුවට, සාස්තෘ වරුන්ට වඳිති. එහෙත් කිසිම සාතෘ වරයෙකුට තවත් කෙනෙකුව ස්වර්ගයට හෝ නිරයට යැවිය නොහැක. එම සාස්තෘ වරුන්ම දෙවියන්ගේ මැවීම් වේ. එබැවින් ඔවුන්ද තමන් කල දේවල් වලට දෙවියන් ඉදිරියේ වග කිව යුතුය. 

ඇතැම් අය අල්ලාහ්ට වඳින අතරම දෙවියන් පෙන්වා නොදුන් දේවල් දහම ලෙස පිලි පදින්නේය. නබිතුමා පවසා ඇත්තේ ඉස්ලාම් දහම තුලට අලුතින් එක්කරන සෑම දෙයක්ම නොමග ගිය දේවල් බවත්, නොමග ගිය සෑම දෙයක්ම නිරයට බවත් ය. ඒ අනුව අලුතින් දහමට එක්කරන ලද දේවල් ඉතා ඕනෑකමින් සිදු කලත් ඉන් කිසිම ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. එවැනි දේවල් වලින් කෙනෙකුව නිරයට ගෙන යන්නේය. 

දෙවියන්ට මිස වෙන කිසිවෙකුට ආගමක් දේශනා කල නොහැකිය. එබැවින්, මරණයෙන් මතු ජීවිතය ජය ගත හැකි වන්නේ දෙවියන් පහළ කරන ලද ආගමකින්ම පමණි. දෙවියන් පහළ කරන ලද අවසාන දහම් පණිවිඩය අල් කුරානය වේ. එය මුළු ලෝකවාසී ජනතාව වෙනුවෙන් පහළ කරන ලද්දකි. එසේම මුහම්මද් නබි තුමා ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන් පහළ කරන ලද නබි වරයාය. කෙසේ වෙතත් ඉස්ලාම් දහම ගැන සිදු කෙරෙන වැරදි ප්‍රචාරයන් නිසා බොහෝ අයට එම දහම ගැන නිවැරදි තතු දන්නේ නැත. 

By Fasy Ajward.B.Sc(Physics Special)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)