ඥාති සබඳතා ඔබේ ආශිර්වාද වැඩි කරන්නේ කෙසේද? (How does kinship increase your blessings?)


ඉස්ලාමයේ ඥාති සංග්‍රහයට විශිෂ්ට ස්ථානයක් හිමි වේ. නබිතුමා පවසා ඇති ආකාරයට, තම ඥාතීන්ගෙන් වෙන්ව ජීවත් වන තැනැත්තාට ස්වර්ගය තහනම් වේ. එම කරුණ මෙම හදිසය තුල දැක ගත හැකිය. "ඥාති සම්බන්දය කඩා දමන තැනැත්තා ස්වර්ගයට පිවිසෙන්නේ නැත" (බුහාරි සහ මුස්ලිම්, මිශ්කාත් 1:115), තවද, කැඩී ගිය ඥාති සම්බන්දයක් නැවත ඇති කිරීම සම්බන්දයෙන් නබි තුමා පවසා ඇති හදිසයක් ඉබ්නු උමර් රලි තුමා මෙසේ දැනුම් දෙන්නේය. "පවතින නෑකමක් එකතු කරන්නා පරිපුර්ණ (perfect) නොවන අතර කැඩී ගොස් තිබෙන නෑකමක් යලි ගොඩ නගන තැනැත්තා පරිපුර්ණ වන්නේය" (බුහාරි, මිශ්කාත් 1:116). 

ඥාති සම්බන්දතා ශක්තිමත් කිරීම සඳහා එකිනෙකාට උදව් උපකාර කිරීම ඉතා ප්‍රයෝජනවත් ය. නබිතුමා සහාබි වරයෙක් ඇසු පැනයකට දෙන ලද පිළිතුර තුල එය දැක ගත හැකිය. එක් සහාබි වරයෙක් නබිතුමාගෙන් කුමන සදකාව (charity) වඩාත් උතුම් දැයි ඇසු විට ඊට පිළිතුරු වශයෙන් නබි තුමා පවසා ඇත්තේ ඥාතීන්ගෙන් පටන් ගන්නා සදකාව වඩාත් උතුම් බවයි (අබු දාවුද්). මේ නිසා යම් කෙනෙක් තවත් කෙනෙකුට උපකාරයක් කිරීමට අදහස් කරන්නේ නම්, එය තම පව්ලේ කෙනෙකුගෙන් ආරම්භ කිරීම වඩා වැදගත් වේ. 

අල් කුරානයද ඥාතින් සමග එකට ජිවත් වීම ගැන අවවාද කොට තිබේ. එය කඩ කිරීම විශාල වරදකි. "කවරෙක් අල්ලාහ් හමුවෙහි ඇති ගිවිසුම තහවුරු කල පසු එය කඩකරමින් අල්ලාහ් එක්කර ගත යුතු යැයි නියෝග කල (ලේ නෑකම) බිඳිමින් පොළොවෙහි කළහ ඇති කරත්ද ඔවුනට ශාපයක්ම වේ. ඔවුනට දුක්ඛිත නිවසම (නිරය) ඇත" (කුරානය 13:25). 

කෙනෙකුගේ ආයු කාලය දීර්ඝ වීමට නම් ඔහු ඥාතින් සමග එක්ව ජිවත් විය යුතුය. එසේ කිරීමෙන් සමෘද්ධිය ලැබෙනු ඇත. මෙම හදිසයෙන් එය දැක ගත හැකිය. ජිවිතයේ සමෘද්ධිය උදා වීමටත්, ජිවිත කාලය දීර්ඝ කර ගැනීමටත් යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු තම ඥාතින් සමග ඇති සම්බන්දකම ආරක්ෂා කර ගත යුතුය (බුහාරි,මුස්ලිම්, මිශ්කාත් 1:110). රහ්ම් යන පදය රහ්මාන් යන වචනයෙන් කැඩී එන්නකි. අල්ලාහ් මෙසේ පවසයි: "කව්රුන් හෝ ඔබ සමග (ඥාතිත්වය සමග) සම්බන්ද වන්නේද ඔහුත් සමග මාද සම්බන්ද වෙමි, කව්රුන් හෝ ඔබව කපා හරිද මාද ඔහුව කපා හරිමි" (බුහාරි, මිශ්කාත් 1:113). 

නූතන සමාජය තුළ ඥාතීන් සමඟ ඇසුරු කිරීම දුර්ලභ සිදුවීමක් බවට පත්ව ඇත. නමුත් එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගැනීමෙන් විශාල විපාක ලැබිය හැකිය. කුඩා කල සිටම අපගේ දරුවන්ට මෙය ඉගැන්වීමට අප අමතක නොකළ යුතුය.

By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)