මරණින් මතු ජීවිතය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය කුමක්ද? (What is the Islamic belief regarding life after death?)
ඇතැම් අය මරණයට පත්වූ පසු තවත් ජිවිතයක් ගැන විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට කුරණයෙන් මෙසේ පිළිතුරු ලබා දී තිබේ. “කිමෙක්ද! අපි මරණයට පත් වූ පසු (දිරා) ඇටකටු හා දුවිලි බවට පත්වුවායින් පසු ඇත්තෙන්ම පන දී නැගිටවනු ලබන්නෙමුද?” “(එසේම) පෙර ඉකුත්වූ අපගේ පියවරුන් (නැගිට්ටවනු ලබන්නෙහු) දැ"යි (සමච්චලයෙන් මෙන් ඔවුන්) කියමින් සිටියෝය. (නබියේ!) ඔබ මෙසේ පවසනු. ඇත්තෙන්ම ඔබට පෙර සිටිය වුන්ද පසුව සිටිය වුන්ද නියමිත දිනයකදී (පන දී නැගිට්ටවනු ලැබ) ඒකරාශී කරනු ලබන්නේය” (කුරානය 56:47-50). මේ ගැන අවිස්වාසයෙන් සිටි අය එම අවස්ථාවේදී කනස්සල්ලට පත් වනු ඇත.
නබිතුමාගේ හදිසයකට අනුව කෙනෙක්ව භූමිදානය කල පසු සොහොනේදී ප්රශ්න කිරීමක් තිබේ. එම ප්රශ්න වලට සාර්ථකව පිළිතුරු දුන් තැනැත්තා ඉන් පසු මුහුණ දෙන සෑම අදියරකදීම ජය ගන්නේය. එම ප්රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වූ අය ඉන් පසු මුහුණ දෙන සෑම අදියරයකදිම අපහසුතාවයට පත් වේ.
සොහොන් ජීවිතයෙන් පසු විනිශ්චය දිනය ආරම්භ වේ. විනිශ්චය දිනය යනු මිය ගිය සෑම කෙනෙක්ම නැවත නැගිටුවා ප්රශ්න කරන දිනය වේ. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසක් වේ. එම දිනයේදී එක් එක් ආත්මයක්ම වෙන වෙනම ප්රශ්න කිරීමට නියමිතය. එම ප්රශ්න කිරීම් සිදු කරනු ලබන්නේ මුඛයට මුද්රා තැබීමෙන් පසු ශරීර අවයව වලින් ය. "අද දවසෙහි ඔවුන්ගේ මුඛයෙහි මුද්රා තබන්නෙමු. ඔවුන් කරමින් සිටි දේ ගැන, ඔවුන්ගේ අත් අප සමග කථා කරන්නේය. තවද, ඔවුන්ගේ පා සාක්ෂි දරන්නේය" (කුරානය 36:65).
මෙම දේව විනිශ්චයෙන් පසු මිනිසා, මිනිසාට කල වැරදි සමතයකට පත්කර ගැනීම සඳහා අවස්තාවක් දෙනු ලැබේ. ඒ අනුව මනු ලොවේදී කෙනෙකුට කෙනෙක් කල වැරදි වෙනුවෙන් තමන් රැගෙන ගිය කුසල් වලින් වන්දි ගෙවීමට සිදුවේ. එසේ වන්දි ගෙවීමෙන් පසු ස්වර්ගයට නියම වූ ඇතැම් අය කුසල් නොමැති වීමෙන් නිරයට යන්නේය. ඒ හැරුණු විට දෙවියන්ව විශ්වාස නොකළ සියලුම දෙනා නිරයට යන්නේය. "නියතව කවරහු අපගේ වැකි ප්රතික්ෂේප කළෝද ඔවුන්ව අපි නිරයේ ඇතුළු කරන්නෙමු. ඔවුන් වේදනාව අත්විඳිම පිණිස ඔවුන්ගේ සම පිළිස්සෙන සෑම අවස්ථාවකම අපි ඔවුන්ට වෙනත් සම් මාරු කරන්නෙමු. නියතව අල්ලාහ් සියළු දෑ අභිබවූ කෙනා ද අධික ඥානවන්තයා ද වේ" (කුරානය 4:56).
විශාල පිරිසක් නිරයට යනු දැක නිරයට භාරව සිටින දේවදුතයින් ඔවුන්ගෙන් මෙසේ ප්රශ්න කරන්නේය. "ප්රතික්ෂේප කළවුන් කණ්ඩායම් වශයෙන් නිරය කරා ඇදගෙන එනු ලබන්නේය. ඔවුන් එහි පැමිණි කල එහි දොරටු විවුර්ත කරනු ලබන්නේය. එවිට එහි ආරක්ෂකයෝ ඔවුන්ගෙන්, 'නුඹලාගේ සමිඳුන්ගේ වැකි නුඹලාට කියවා පෙන්වා, නුඹලාගේ මෙම දවසෙහි හමුවීම ගැන අවවාද කරන දුතයෝ නුඹලා අතරින්ම නුඹලා හමුවට නොපැමිනියෙහිදැ'යි ප්රශ්න කරනු ඇත. එවිට ඔවුන් පැමිණියේයැයි පවසන්නෝය. මෙලෙස ප්රතික්ෂේප කරන්නන් කෙරෙහි වේදනාවෙහි වදන තහවුරු කරනු ලබන්නේය" (කුරානය 39:71).
කුරානය තුල ස්වර්ගවාසින් ගැන මෙසේ සඳහන් වේ. "(ස්වර්ගවාසින්) රන් හා දියමන්ති වලින් විසිතුරු කරන ලද සිංහාසනයන් මත කෙනෙකුට කෙනෙකු මුහුණ ලා හාන්සි වී සිටිනු ඇත. වෙනස් නොවන තරුණ වියෙහිම පසුවන තරුණයින් (සේවය සඳහා සෑම විටම) මොවුන් වටා සැරසෙමින් සිටිනු ඇත. මිහිරි රසැති පානයන්ගෙන් පිරි භාජනද, කෙණ්ඩිද රැගෙන (ඔවුන් වටා සැරසෙමින් සිටිනු ඇත). ඒවා පානය කිරීමෙන් මොවුන්ට හිසරදය ද වෙරි මතද ඇති නොවනු ඇත" (කුරානය 56:15-19).
ඉස්ලාම්, පවසන ආකාරයට ලෞකික ජීවිතය මිනිසාට පරික්ෂාවකි. එබැවින් සෑම කෙනෙකුම ඊට මුහුණ දිය යුතුය. එම පරීක්ෂාවන්ට මුහුණ දෙන ආකාරය අනුව මරණින් මතු ජිවිතයේ තත්වය තීරණය වේ.
මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා බොහෝ නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ඇතැම් නබිවරුන්ට දහම් පුස්තක පහළ කොට තිබේ. යුදෙව්වරුන් සඳහා පැමිණි මුසා නබි තුමා ද කිතුනුවක් වෙනුවෙන් පැමිණි ජේසු තුමා ද එවැනි නබිවරුන් වේ.
මෙලොවට පහළ කරන ලද අවසාන දහම් පණිවිඩය අල් කුරානයයි. එය මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කරන ලද්දකි. එබැවින් එය හදාරා මතු ජිවිතය ජය ගැනීම සැමගේම වගකීමකි.
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments
Post a Comment