එක රටක් එක නීතියක් මුස්ලිම්වරුන්ට බලපාන්නේ කෙසේද? (How does one country and one law affect Muslims?)

 

ලංකාවේ පවතින දණ්ඩ නීතිය සෑම ලාංකිකයෙකුටම එකසේ ක්‍රියාත්මක වේ. එහෙත් එක් එක් ආගම් සඳහා ක්‍රියාත්මක වන පෞද්ගලික නීති ද ඇත. ලංකාව තුල ඒවා උඩරට නීතිය, තේසවලාමේ නීතිය, ෂරියා නීතිය ලෙස ක්‍රියාත්මක වේ. ඇතැම් විට ඒවා පුද්ගලික නීති ලෙසද හඳුන්වනු ලැබේ. මෙවැනි නීති ක්‍රියාත්මක කරන්නේ එක් එක් ජාතීන්ගේ ආගමික නිදහස ලබා දීම සඳහාය. එමගින් සෑම ජාතියකටම සතුටින් සහ සාමයෙන් ජිවත් වීමට අවකාශ ලැබේ. මේ නිසා රටේ ව්‍යවස්ථාවෙන්ම ඒවාට ප්‍රතිපාදන ලබා දී ඇත. 

කෙසේ වෙතත් මෑත ඉතිහාසය දෙස බලන කල ඇතැම් අය ෂරියා නිතිය ගැන බොහෝ විවේචන එල්ල කරති. ඊට ප්‍රධාන හේතුව ඔවුන් ඉස්ලාම් දහම ගැන අධ්‍යයනය කර නොතිබීම විය හැකිය. ඇත්තෙන්ම ඉස්ලාම් දහම යනු අංග සම්පුර්ණ ජිවන ක්‍රමයකි. එබැවින් මුස්ලිම්වරුන්ට කුරානයෙන් පෙන්වා දී ඇති විවාහ සහ දික්කසාද ක්‍රමයක් තිබේ. තවද ඔවුන් දේපල බෙදීමේදී කුරානයේ ඇති අනුපාත වලට එය සිදු කල යුතුය. කුරානය අනුව මුස්ලිම්වරුන්ට පොලිය සපුරා තහනම් වේ. එබැවින් ඔවුන්ට සම්ප්‍රදායික බැංකුවලින් ගනු දෙනු කිරීමේදී ඇතැම් ගැටළු පැන නගින්නේය. තවද ඇඳුම් ඇඳීමේදී මුස්ලිම්වරුන්ට කුරණයෙන් ඇතැම් සිමාවන් පනවා තිබේ. විශේෂයෙන්ම කාන්තාවන්ට ඒවා වැඩියෙන්ම බලපාන්නේය. අහාර පාන ගැන සැලකීමේදී ඔවුන් අනුභව කල යුත්තේ දෙවියන් විසින් අනුමත කරන ලද දේවල් පමණි. මේ නිසා ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් අය සිතන්නේ මුස්ලිම්වරුන් වෙනමම රාජ්‍යයක් ඉල්ලන බවයි. ඇත්ත වශයෙන්ම එය ඉස්ලාම් භීතිකාව නිසා ඇතිවන්නක් යැයි කිව හැකිය. 

ලංකාව තුල නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී සමත මණ්ඩල පිහිටුවා ඇත. එසේම මුස්ලිම්වරුන්ට කාති උසාවි පිහිටුවා ඇත. මේ දෙකෙන්ම කෙරෙන්නේ මිනිසුන් අතර ඇති ප්‍රශ්න නිරාකරණය කිරීම පහසු කරවීම යි. එහෙත් ඇතැම් උදවිය මෙම කාති උසාවි ගැන විරෝධය පල කිරීම ඉතා කනගාටුදායක තත්වයකි. මුස්ලිම්වරුන් කාති උසාවි ප්‍රයෝජනයට ගන්නේ එහි විසඳන ගැටළු මුළුමනින්ම ආගමික රාමුවක් තුල ඇති නිසාය. එම නිසා අනාදිමත් කාලයක සිට පැවත එන එම උසාවි තව දුරටත් ක්‍රියාමක කිරීම ඉතා වැදගත් කරුණකි. එමගින් ජාතින් අතර බෙදීමක් ඇති කරන්නේ නැත. 

මුස්ලිම්වරුන් අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ ජිවත් උවත් කිසිම අවස්තාවක ලංකාව බෙදා කොටසක් ඉල්ලා නැත. එවැනි දෙයක් ඔවුන්ට උවමනාද නැත. ඒ අනුව මුස්ලිමරුන් සෙසු ජාතින් සමග එදා සිටම සමගියෙන් සහ සමාදානයෙන් ජිවත් වී තිබේ. ඉදිරියටත් එසේමය. එම නිසා මුස්ලිම්වරුන් ආගමානුකූලව ජිවත් වීම කිසිවෙකු විසින් ප්‍රශ්නයක් කර ගත යුතු නැත. 

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.





Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)