ඉස්ලාම් දහම තුල තාරුණ්‍යයට ඇති වැදගත්කම (The importance of youth in Islam)



යෞවනය කෙනෙකුගේ ජිවිත කාලය තලදී ලබන ස්වර්ණමය අවධිය වේ. ඕනෑම තරුණයෙක් එම කාලය තුලදී නිර්භයව දෙයක් කිරීමට ඉදිරිපත් වන්නේය. එම මහඟු අවස්ථාව නිවැරදි මාර්ගයට යොමු වුයේ නම් කෙනෙක් ලබන විශාල භාග්‍යයකි. ඒ සඳහා දෙමපියගෙන් දායකත්වය අතිශයින්ම වැදගත් වේ  

කෙනෙක් නිවැරදි මාර්ගයට යොමු වීමට නම් ඔහුගේ සිත තල දෙවියන් පිලිබඳ බිය තිබිය යුතුය. එවැනි  කෙනෙක් පාස්වෙලා සලාතය නිසි ලෙස ඉටු කරනු ඇත. සලාතය මගින් ඔහුව වැරදි වලින් සහ නින්දා සහගත දේවල් වලින් වලක්වනු ඇත. මේ නිසා කුඩා අවධියේදීම දරුවන්ට සලාතයේ වැදගත් කම පෙන්වා දීම අත්‍යවශ්‍ය වේ. එය දෙමව්පියන් හට පැවරී ඇති වගකීමකි. 

නබි තුමාගෙන් ලද අනුශාෂනා නිසා සහබවරුන් දෙවියන් පිළිබද විශ්වාසය තහවුරු කර ගත්හ. එම කරුණ ජුන්දුබ් රලි තුමා මෙසේ සඳහන් කරයි:. "අපි නබි තුමාගේ ඇසුර ලැබූ ශක්තිමත් තරුණයින් පිරිසක් වෙමු. එබැවින් අපි අල් කුරානය ඉගෙන ගැනීමට පෙර දෙවියන් පිලිබඳ විශ්වාසය ඉගෙන ගත්තෙමු. ඉන් පසු අපි කුරානය ඉගෙන ගත්තෙමු. මේ හේතුවෙන් අපගේ විශ්වාසය තව දුරටත් වර්ධනය විය" (ඉබ්නු මාජා). දෙවියන් පිලිබඳ විශ්වාසය නිසා කෙනෙක් වැරදි කිරීමට පෙළඹෙන්නේ නැත.

නවීන සමාජය මත් කුඩු සහ මත්පෙති වලින් ඉහ වහා ගොස් තිබේ. මේ නිසා නුතන සමාජය තුල වැරදි කිරීමට ඇති ඉඩ කඩ ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබේ. ඉන් තරුණ පිරිස බේරා ගැනීමට නම් දහම ගැන මනා අවබෝදයක් තිබිය යුතුය. එය කල හැක්කේ කුඩා කාලයේදීම දහම පිලිබඳ දැනුම සහ ප්‍රයෝගික පුහුණුව ලබා දීමෙන් ය. එහි විශාල කාර්ය භාරයක් පැවරෙන්නේ දෙමව්පියන්ට ය. 

එක් නබි වැකියක මෙසේ දැක්වේ.. "ආදම්ගේ දරුවන්ගෙන් අසනු ලබන ප්‍රශ්න පහකට පිළිතුරු සපයන තෙක් අල්ලාහ්ගෙන් සමාවක් නැත; ඒවා කුමක්ද යත්, ඔබ ජිවත් වුයේ කෙසේද, ඔබගේ තාරුණ්‍ය ගත කළේ කෙසේද, ඔබ කුමන අකාරයකින් ධනය රැස්කලේද, ඒවා කුමක් සඳහා වැය කලේද, ඔබට ලබා දුන් දැනුම අනුව ඔබ ජිවත් වුයේ කෙසේද යන්නයි" (සුනන් තිර්මිසි). තවත් හදිසයකට මෙසේ දැක්වේ. මිනිසුන් අහිමිකරගන්නා ආශිර්වාදයන් දෙකක් තිබේ.. ඒවා කුමක්ද යත්, ශරීර සෞඛ්‍ය සහ විවේකී කාලයයි. 

එසේ තිබියදී නුතන සමාජයේ ජිවත් වන බොහෝ අය කාලයට නිසි වටිනාකමක් ලබා දෙන්නේ නැත. ඒ අනුව බොහෝ දෙනා විශාල ලෙස කාලය ගත කරන්නේ අනවශ්‍ය දේවල් සඳහා ය. 
 
නබිතුමාගේ හදිසයක මෙසේ සඳහන් වේ: අල්ලාහ්ගෙන් ලැබෙන සෙවන හැරුණුවිට වෙන කිසිම සෙවනක් නොමැති විනිශ්චය දිනයේදී කණ්ඩායම් හතකට අල්ලාහ්ගේ අර්ෂ් හි සෙවන ලැබෙන්නේය. ඔවුන් කව්රුන්ද යත්, සාධාරණ අන්දමින් පාලනය කළ පාලකයෙක්; දෙවියන් වෙනුවෙන් තම තාරුණ්‍ය කැපකළ තරුණයෙක්; සෑම මොහොතකදිම තම හදවත මස්ජිදය සමග බැඳී තිබුණු කෙනෙක්; අල්ලාහ් වෙනුවෙන් පමණක් ඇලුම් කල දෙදෙනෙක්; ඔවුන්ගේ එකතු වීමත් වෙන් වීමත් අල්ලාහ් වෙනුවෙන් පණනි; අලංකාර, කුලවත් කාන්තාවක් (අනියම් සම්භන්දයක් සඳහා) අරාධනා කලත් 'මා අල්ලාහ්ට බිය වෙමි'යි පවසා ඉන් වැලකී සිටි තැනැත්තෙක්; තම වම් අතට හොරෙන් දකුණු අතින් දාන දෙන තැනැත්තෙක් සහ හුදකලාවේ සිට අල්ලාහ්ව මෙනෙහි කොට කඳුළු සලන කෙනෙක් වේ (සහිහ් බුහාරි). 

මේ නිසා සෑම යව්වනයෙක්ම තමන්ට ලැබී ඇති මහඟු අවස්ථාවෙන් උපරිම පල නෙලා ගැනීමට උනන්දු විය යුතුය. 

By Fasy Ajward, B.Sc(PhysicsSpecial)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path






Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)