දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why is God's punishments delayed?)



මිනිසා සහජයෙන්ම වැරදි කිරීමට පෙළඹෙන්නේය. එම නිසා අහස උසට වැරදි කලත් දෙවියන්ගේ සමාව ඊට වඩා විශාලය. මේ හේතුවෙන් මරණය දක්වාම මිනිසාට සමාවෙ දොරටු විවෘතව ඇත. කෙසේ වෙතත් මිනිසා වැරදි කරන්නේ ඔහුට තීන්දු තීරණ ගැනීම සඳහා ලැබී තිබෙන නිදහස නිසාය. කෙසේ වෙතත් මිනිසාට නබිවරුන්ගේ මාර්ගයෙන් හරි මාර්ගය සහ වැරදි මාර්ගය වෙන වෙනම පෙන්වා දී ඇත. 

මිනිසා භාරගෙන ඇත්තේ සුළු පටු දෙයක් නොවේ. එය පහත දැක්වෙන කුරආන් වැකිය තුලින් දැක ගත හැකිය. "නියතව අප අහස්, පොළොව, කඳු, යනාදිය හමුවෙහි මෙම භාරකාරත්වය ගැන ගෙනහැර පෙන්නුවෙමු. ඒවා එය ඉසිලීමේ කරුණ පිළිනොගෙන, එය ගැන බියට පත් විය. මිනිසා එය උසුලාගත්තේය. නියතව ඔහු මහා අපරාධකාරයා ලෙසද දැනුම නොමැත්තා ලෙසද සිටියි" (කුරානය 33:72).

එසේ තිබියදී වැරදිවලට ක්ෂණිකව දඬුවම් කළේ නම් මිහිපිට කිසිවෙකු ඉතුරුවේදැයි සිතා බැලිය යුතුව තිබේ. මිනිසා ඉතා දුර්වල මැවීමක් වන බැවින් මැරෙන මොහොත දක්වාම නිවැරදි මාර්ගය තෝරා ගැනීමට අවකාශ ලබා දී තිබේ. එය කල හැක්කේ තමන් මොනම හේතුවක් නිසාවත් කල වැරදි වලට  සමාව ගැනීමට අවස්ථාව තිබෙන නිසාය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගෙන මරණයට පත්වීම මහත් අවාසනාවකි.

එක් හදිසයක බනු ඉස්රායිල් වරයෙකුගේ කතා පුවතක් මෙසේ දැක්වේ. ඔහු යම් හේතුවක් නිසා මිනිස් ඝාතන 99ක් සිදු කොට තිබුනේය. කෙසේ වෙතත් ඔහු තමන් කල වරද තේරුම් ගත් පසු යහපත් පුද්ගලයෙකු වීමේ අදහසින් එක් අයෙකු හමුවී ඔහුට දෙවියන්ගේ සමාව තිබේදැයි විමසා ඇත. එහෙත් ඔහු සිදු කොට ඇති වරද ගැන ඇසු ඔහු ගත් කටටම ඔබ වැනි පාපතරයෙකුට කිසි සේත්ම සමාවක් නැති බව පවසා ඇත. ඉන් උරණ වූ ඔහු එම පුද්ගලයාවත් ඝාතනය කොට සියය සම්පුර්ණ කළේය. කෙසේ වෙතත් ඔහු දෙවියන්ගෙන් සමාව ගැන විශ්වාසය අත්හැරියේ නැත. මේ නිසා ඔහු තවත් කෙනෙකු හමුවී ඔහුගේ විස්තරය පවසා දෙවියන්ගෙන් ඔහුට සමාවක් තිබේ දැයි ඇසුවේය. එවිට එම තැනැත්තා මොහු ගැන අනුකම්පා කොට  එක්තරා ගමකට ගොස් එහි සිටින එක් පුද්ගලයෙකු හමුවී තම උවමනාව ඔහුට පවසන මෙන් උපදෙස් දුන්නේය. ඒ අනුව ඔහු එම ගමට යමින් සිටියත් අතර මැදදී ඔහුගේ මරණය සිදු විය. මේ හේතුවෙන් ඔහුට  තම ඉලක්කය කරා යාමට හැකි වුයේ නැත. එසේ තිබියදී ඔහුගේ ආත්මය අත්පත් කරගෙන යාම සඳහා පැමිණි කරුණාව දක්වන දේවදුතයින් සහ දඬුවම් කිරීම සඳහා නියමිත දේවදුතයින් අතර ගැටලුකාරී තත්වයක් පැන නැගුනේය. එසේ තිබියදී දෙවියන් නියම කලේ ඔහු පැමිණි දුරත් ඔහුට යාමට ඇති දුරත් සංසන්දනය කොට ඒ අනුව ඔහුගේ ආත්මය අත්පත් කරන ලෙසය. එසේ තිබියදී දෙවියන් පොලවට නියෝග කලේ ඔහුට යාමට ඇති දුර අඩුවෙනුත් ඔහු ගිය දුර වැඩියෙනුත් පෙන්වන ලෙසය.. මේ හේතුවෙන් ඔහුගේ ආත්මය රැගෙන ගියේ කරුණාව දක්වන දෙව්දුතයින් විසින් ය.

බොහෝ අය වැරදි කරන්නේ දෙවියන් පෙන්වා ඇති නිවැරදි මාර්ගය දැනගැනීමට නොහැකි වීම නිසා විය හැකිය. එසේත් නැත්නම් සාතන්ගේ මුලාවට හසුවීම නිසා විය හැකිය. මේ නිසා යම් කිසි කෙනෙක් නිවැරදි මාර්ගය දැනගත් පසු තම ජීවිතය නිවැරදි මගට ගැනීම සඳහා අවස්ථාවක් තිබිය යුතුය. එය කල හැකි වන්නේ දෙවියන් ඔහුට අවස්ථාවක් ලබා දී තිබුනොත් පමණි. මේ හේතුවෙන් මොනතරම් වැරදි සිදු කොට තිබුනත් දෙවියන් එවෙලේ දඬුවම් කරන්නේ නැත. මේ හේතුවෙන් ඕනෑම කෙනෙකුට මැරෙන මොහොත දක්වාම ස්වර්ගයට වරම් ලබා ගැනීමට අවස්ථව හිමි වන්නේය. 

By Fasy Ajward. B.Sc(PhysicsSp)Hons.

https://www.facebook.com/thetruepathofislam
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)