විශ්වය ස්වයංක්‍රීයව බිහි වන්නට ඇතැයි සිතිය හැකිද? (Could the universe have come into existence on its own?)


විශ්වයේ ආරම්භය පිළිබඳව බොහෝ මතයන් පවතී. ඒවා එක්තරා දුරකට විද්‍යාත්මක දැනුම මත පදනම්ව ගොඩනැගී ඇත. කෙසේ වෙතත්, එම එකම මතයකකින්වත් විශ්වයේ ආරම්භය අංග සම්පූර්ණව විස්තර කිරීමට හැකිවී නැත. මේ හේතුවෙන් එම මතයන් තවදුරටත් වැඩි දියුණු කල යුතුව තිබේ. මේ නිසා විශ්වයේ උපත පිලිබඳ ගැටලුව දැනට විසඳී නොමැති කාරණයක් ලෙස පවතී. 

ස්වහාවික දේවල් සමග මිනිස් නිර්මාණයන් සංසන්දනය කිරීමේදී, ස්වභාවික දේවල් අතිශයින්ම සංකීර්ණ වේ. කෙසේ වෙතත්, ස්වභාවික දේවල්වලට වඩා සංකීර්ණත්වය අඩු භාණ්ඩ නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් යන්ත්‍ර සූත්‍ර සහ මානව ශ්‍රමය අවශ්‍ය ය. එසේ තිබියදී ඉතාමත්ම සංකීර්ණ විශ්වය කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව ඉබේ ඇති විය හැකිද? 

උදාහරණයක් ලෙස පරමාණුවක නිමාව අතිශයින්ම සංකීර්ණ වේ. පරමාණුක න්‍යෂ්ටියක් වටා ඉලෙක්ට්‍රොන ගමන් කරන්නේ යම්කිසි නීති රාමුවක් තුලය. පරමාණුවක ඇති න්‍යෂ්ටිය සහ ඉන් පිටත ඇති ඉලෙක්ට්‍රොන අතර යම් කිසි බැඳීමක් පවතී. එම ඉලෙක්ට්‍රොන කක්ෂයකින් වෙනත් කක්ෂයකට මාරු වීමේදී නිශ්චිත ශක්තියක් ලබා ගන්නේය. එවිට ඊට අනුරුප ආලෝක තරංග ඉන් නික්කුත් වේ. මෙවැනි දෙයක් ස්වයංක්‍රීය ලෙස සිදු විය හැකිද? තවද පරමාණුක න්‍යෂ්ටියක් තුල ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන බැඳ තැබීම සඳහා දැවැන්ත ශක්තියක් අවශ්‍යය. එවැනි දෙයක් කිසිසේත්ම ඉබේ සිදු විය නොහැක. එසේ තිබියදී, විශ්වය සෑදී තිබෙන්නේ මෙවැනි පරමාණු අතිවිශාල සංක්‍යාවක් එකතු වීමෙන් ය. තවද විශ්වය පුරා ස්වහාවික නීති ක්‍රියාත්මක වීම නිසා එය විනාශ නොවී පවතින්නේය. විශ්වය පුරා ඇති ස්වහාවික නීති පනවනු ලැබුවේ කව්රුන් විසින්ද?

ඉතාමත්ම කුඩා පරමාණුවක් පවා ඉබේ ඇතිවීමට හැකියාවක් නොමැතිව තිබියදී විශ්වය ඉබේ ඇති වන්නේ කෙසේද? විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් දැනට පිළිගනු ලබන්නේ මහා පිපිරුම් වාදයයි. කෙසේ වෙතත් එම වාදයෙන් විශ්වයේ බිහිවීම සම්පුර්ණයෙන්ම විස්තර කෙරෙන්නේ නැත. 

විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් තවත් ප්‍රකට විශ්වාසයක් වන්නේ එය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ මැවීමක් යන්න වේ. එම මතය 21වන සියවසේ විසු  සුප්‍රකට විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හොකින් මහතා ද ඉදිරිපත් කොට තිබේ. එම කරුණ ඔහු විසින් 1988 දී පල කොට ඇති "A brief History of Time from Big Bang to Black Hole" යන කෘතියේ දැකිය හැකිය. ඔහු එම කෘතියෙන් පවසන්නේ විශ්වය සර්වබලදාරි දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ආගමික විශ්වාසයන් අනුවද කියැවෙන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බවයි. ඒ අනුව යුදෙව් කිතුනු සහ ඉස්ලාම් යන ප්‍රධාන ආගම්වල විශ්වාසය වන්නේද විශ්වය දෙවියන්ගේ මැවීමක් බවයි. 

ලොව ඇති ආගමික ග්‍රන්ථ අතරින් අල්-කුරානයට සුවිශේෂී තැනක් හිමි වේ. එහි මහා පිපිරුම් වාදය ගොඩ නැගීමට දායක කරගන්නා ලද විශ්වයේ ප්‍රසාරණය ගැන ඉතා පැහැදිලිව සඳහන් කොට තිබේ. එවැනි දෙයක් විද්‍යාව නොදියුණු 7වන සිය වසේදී සඳහන් කල හැකි වන්නේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පුස්තයක් බැවිනි. 

විශ්වය දෙවියන්ගේ මැවීමක් නොවන්නට පෘථිවිය මත ජීවයක් ඇතිවීම ගැන සිතා බැලීමටවත් හැකි වන්නේ නැත. පෘථිවිය ස්ථාන ගත කොට තිබෙන්නේ එහි ජීවයක් පැවතීමට සුදුසු උෂ්ණත්වයක් ලැබෙන ආකාරයට ය. ඒ අනුව සුර්යයා සහ පෘථිවිය අතර ඇති දුරෙහි සුළු ප්‍රමාණයක හෝ වෙනසක් සිදු වුයේ නම් පෘථිවිය මත ජීවයක් ඇතිවිය නොහැක. 

පෘථිවියේ සිටින ජීවින් අතරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමි වේ. කුරානයේ සඳහන් වන ආකාරයට මිනිසා දෙවියන්ගේ මිහිපිට නියෝජිතයා ය. මිනිසාව මවා තිබෙන්නේ දෙවියන්ව තේරුම් ගෙන ඔහුට නැමදීම සඳහා ය. එසේ කල අයට මතු ජීවිතයේදී ස්වර්ගය ලැබීමට නියමිතය. 

By Fasy Ajward. B.Sc (Physics Special) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

  1. Replies
    1. ජසාකල්ලා කයිර් බ්‍රදර්

      Delete
    2. https://islamboru.wordpress.com/2016/06/19/ෆාසිගේ-ගුඩු-තර්ක-1/

      Delete

Post a Comment

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)