ත්‍රස්තවාදයට හේතු මොනවාද? (What are the causes of terrorism?)


මේ වන විට ත්‍රස්තවාදය ලෝකයේ බොහෝ රටවල්වල ව්‍යාප්ත වී ඇත. එහි විශේෂත්වය වන්නේ දියුණු වෙමින් පවතින රටවල්වල මෙන්ම මැද පෙරදිග රටවල්වල එය වැඩියෙන්ම දැකීමට හැකි වීමයි. ත්‍රස්තවාදීන් නම් කිරීමේදී දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ යම් මුස්ලිම් කණ්ඩායමක් ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනු විට පමණක් එය ඉස්ලාම් ත්‍රස්තවාදය ලෙස නම් කිරීමත් අනෙක් කණ්ඩායම් සියල්ලම ඔවුන්ගේ සංවිදානවල නම් වලින්ම ඇමතීමත් වේ. කෙසේ වෙතත් ඇමරිකාවේදී කරන ලද සංගණනයකදී දැක ගත හැකි වී තිබෙන්නේ එහි සිදු කල ත්‍රස්තවාදී ක්‍රියාවලට මුස්ලිම්වරුන්ගේ  සහභාගීත්වය 7% ක් බවයි. අනෙක් 93% ම වෙනත් ජාතින් වේ. 

අද ලෝකයේ බලගතු රාජ්‍යයන් වලින්ද ත්‍රස්තවාදය මෙහෙය වන්නේය. එහෙත් ත්‍රස්තවාදයට ලබා දී ඇති අර්ථ දැක්වීම අනුව ඔවුන් ත්‍රස්තවාදී ගණයට වැටෙන්නේ නැත. ඇතැම් ත්‍රස්තවාදීන් පවා ඔවුන්ව හඳුන්වා ගන්නේ විමුක්ති සටන් කාමීන් ලෙසය. එසේ තිබියදී ඉස්ලාමිය ලෝගුව පොරවාගෙන සිටින ISIS සංවිදානයද මගින් කරන්නේ ද ඉස්ලාම් දහමේ නම භාවිතා කරමින් තවත් ත්‍රස්තවාදයක් ය. මේ නිසා කුමන නමකින් කලත් ඒවා ලෝකයට වින කරන කණ්ඩායම් වේ. එයට ඉස්ලාම් දහමේ කිසිම සම්බන්දයක් නැත. 

ලෝක බලවතුන් ඉරාකයට පහර දුන්නේ එහි රසායනික අවි ඇති බවට පුර්ව නිගමනයක සිට ගෙනය. එහෙත් රටවල් ගණනාවක් එකතුවී ඉරාකයට පහර දී එහි පාලකයාද ඝාතනය කළ පසු එහි කිසිම රසායනික අවියක් සොයාගත්තේ නැත. ඒ අනුව එම වැරැද්දට කිසිම වන්දියක් ගෙව්වේද නැත. එම පහර දීම නිසා ඉරාක වැසියන් ගැහැණු පිරිමි ලොකු කුඩා බේදයකින් තොරව විශාල ලෙස ඝාතනය විය. එසේ නම් එය කුමන වර්ගයේ ක්‍රියාවක්ද? කෙසේ වෙතත් එම පහර දීමෙන් පසු ඉරාකය පුරා වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිවී ඇත. එහි වග කීම භර ගත යුත්තේ එම පහර දීම සිදු කල ලෝක බලවතුන් නොවේද?

රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා උසාමා බින් ලාඩන් ව පුහුණු කලෙත් ඔහුට අවුද ලබා දුන්නෙත් එක්තරා ලෝක බලවතෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. එම අවශ්‍යතාව ඉටු වූ පසු උසාමාව ආයුද සමග අත්හැරියේය. එසේ නම් එම වරද පැටවිය යුත්තේ කාටද? එවැනි දෙයක් සිදු කල පසු උසාමා ඉස්ලාම් ලබ්දිකයෙකු වූ පමණින් එහි වරද ඉස්ලාම් දහමට බාර දිය හැකිද?

ඇමරිකාවේ ද්විත්ව කුලුන විනාශ කිරීම කලින්ම සැලසුම් කළ අභ්‍යන්තර ක්‍රියාවක් බව බොහෝ විද්වතුන්ගේ මතය වේ. එසේ තිබියදී එහි වරද මුස්ලිම් ත්‍රස්තවාදීන් වෙත පටවා සමත්ත මුස්ලිම් ජනතාව වෙත දොස් පැවරීම යුක්ති සහගතද? මේ දක්වා එය කල කෙනෙක් සොයා ගෙන උසාවියකින් දඬුවම් කොට නැත. 

ත්‍රස්තවාදීන් බිහිවීමට තවත් හේතුවක් වන්නේ යම් කණ්ඩායමකට සිදුවන්නාවූ අසාධාරණ කම්ය. ඒ අනුව එම කණ්ඩායමට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන් ඔවුන්ට ඍජුවම කිසිවක් කල නොහැකි වූ විට ඔවුන් කරන්නේ අවුද අතට ගැනීමයි. එබැවින් එහි වගකීම භාර ගත යුත්තේ අසාධාරණ කම් සිදු කල පාර්ශවයන් වේ. මේ සඳහා උදාහරණ ලෙස පලස්තීනය සහ කාශ්මීරය නිර්මාය කිරීම පෙන්වා දිය හැකිය. එම රටවල් දෙක නිර්මාණය කල පසු කොපමණ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිවී ඇත්ද? කොපමණ ජිවිත සහ දේපල හානි සිදු වී ඇත්ද? මේවාට වග කිව යුත්තේ එම රටවල් නිර්මාණය කල අය නොවේද? 

By M. Fasy Ajward, 
B.Sc(Phy.Sp)Hons.Japura.,

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)