"බුර්දා" ඉස්ලාමයේ කොටසක්ද? (Is "Burda" part of Islam?)




ඉමාම් බුසරි තුමා විසින් රචනා කරන ලද බුර්දා කවිය අලලා වසරක් පාසා බොහෝ දානමය පින්කම් සිදු කරන්නේය. එහෙත් එහි ඉතිහාසය නබිතුමා ජිවතුන් අතර සිටි කාලය දක්වා දිව යන්නේ නැත. මේ හේතුවෙන් එම කවිය ගයනා කොට පවත්වන උත්සවය නබිතුමාගේ මග පෙන්වීමක් නොවේ. නබිතුමාගේ මග පෙන්වීමෙන් තොර දේවල් බිදඅත් වන අතර ඒවා නොමග ගිය දේවල් ලෙස සලකනු ලැබේ. 

බුසරි තුමා උතුරු අප්‍රිකානු බර්බර් සන්හාජා ගෝත්‍රයට අයත් මොරොක්කෝ ජාතිකයෙකි. ඔහුගේ ළමා කාලය ගැන විස්තර සඳහන් වන්නේ නැත. කෙසේ වෙතත් එතුමා කුඩා අවදියේදී අල්-කුරානය කටපාඩම් කල බව පමණක් සඳහන් වේ. බුසරි තුමා දුප්පත් පව්ලක ඉපදුනු බැවින් ඔහුට සිය පවුලේ බර කුඩා අවදියේදීම දැරීමට සිදු විය. 

වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු කෛරෝ නගරයට ගොස් තිබේ. එහිදී අරාබි භාෂාව, සාහිත්‍ය, ඉතිහාසය, මුහම්මද් නබිතුමාගේ චරිතය හදාරා තිබේ. ක්‍රි.ව. 1240 වන විට එතුමා කවි නිර්මාණය කිරීමට උනන්දුවක් පෙන්වා තිබේ. එවිට ඔහුගේ වයස 30 ක් වූ අතර කෛරෝ නගරයේ දේවස්ථාන වල ඉගැන්වීම් කටයුතු සිදු කළේය. එම ඉගැන්වීම් කටයුතු සඳහා ඔහු විසින් සම්පාදිත කවි ප්‍රයෝජනයට ගෙන තිබේ. ඉමාම් බුසරි විසින් ලියන ලද කවිවලට එතුමාගේ සමකාලීනයන් විසින් යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචනද එල්ල කොට තිබේ. ප්‍රතිවාදීන් කවියෙන් සිදු කල විවේචන වලට එතුමාද කවියෙන් ප්‍රති ප්‍රහාර සිදු කොට තිබේ. ඉමාම් බුසරි තුමාගේ දිළිඳුකම නිසාද විශාල පවුල් බරක් ඉසිලීමට සිදු වීම නිසාද ඇතැම් අවස්ථාවලදී දෘශ්ට පාලකයින්ව වර්ණනාකොට ඔහු කවි ලියා ඔවුන්ගේ සිත් දිනාගෙන මුදල් උපයා ගෙන තිබේ. 

බුසරි ඉමාම් තුමා ශාදිලියා තරිකාවේ සාමාජිකයෙකි. ඔහු අංශභාග රෝගයෙන් පෙළුණු සමයේදී නබිතුමාව සිහිනයකින් දුටු බවත්, නබිතුමා ඔහුගේ මුහුණ ස්පර්ශ කර නබිගේ ඇතිරිල්ලෙන් ආවරණය කළ බවත් කියනු ලැබේ. එම සිද්ධියෙන් පසු අවදි වූ ඔහුට දැක ගත වුයේ ඔහුගේ රෝගය නිට්ටාවටම සුවපත් වී ඇති බව යැයි කියනු ලැබේ. ඊට කෘත ගුණ දැක්වීමක් වශෙයෙන් ඔහු නබිතුමා ගේ ගුණ වර්ණනාව සහිත බුර්දාව ලියු බව සඳහන් වේ. කෙසේ වෙතත් බුර්දා කවිය තුල ශිර්ක් සම්භන්ද වැකි ඇතුලත් බව ඇතැම් ඉස්ලාමිය විද්වතුන්ගේ අදහස යි. තවත් සමහර විවතුන් පවසන්නේ එම වදන් වලින් ඔහු පවසන දේ කුමක්දැයි නිවැරදිව පැවසිය නොහැකි බවයි. 

ඇතැම් මුස්ලිම්වරු ලෙඩ සුව වීම පිණිස බුර්දා කවිය පරයනය කරති. එහෙත් ඉස්ලාම් දහම එවැනි දෙයක් පෙන්වා දී නැත. මුස්ලිම්වරයෙක් අල්ලාහ්ගෙන් මිස වෙනත් ක්‍රම වලින් පිහිට පැතීම ශිර්ක් වේ. එබැවින් මෙම කවියට ආගමික වටිනාකමක් ලබා නොදීමට වග බලා ගත යුතුය. 


By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)