ඉස්ලාම් කව්රුන් වෙනුවෙන්ද? (For whom is Islam?)

අල් කුරානයේ සඳහන් වන අන්දමට ඉස්ලාම් දහම එක් ජන කණ්ඩායමක් පමණක් ඉලක්ක කරගෙන පහළ වී නැත. මෙම කුර්ආන් වැකියෙන් ඒ බව පැහැදිලි වේ. "මෙය ලෝවැසියන්ට අයත් උපදෙසක් මිස වෙන නොමැත" (කුරානය 81:27). මෙම වැකියෙන් පැහැදිලි කොට තිබෙන්නේ කුර්ආන් පණිවිඩය ලෝවැසියන් සියලු දෙනාටම අයත් බවයි. එම නිසා ඕනෑම කෙනෙකුට කුරානයෙන් ප්‍රයෝජන ගත හැකිය. එහෙත් කිසිවෙකුට ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා බල කිරීමක් සිදු කොට නැති බව මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දී තිබේ. "මෙම ධර්මය (වැළඳ ගැනීම සඳහා) කිසිඳු බල කිරීමක් නැත"(කුරානය 2:256). කෙසේ වෙතත් අවශ්‍ය කෙනෙකුට කුරණයෙන් ප්‍රයෝජන ගෙන නිවැරදි මාර්ගය සොයා ගත හැකි බව පෙන්වා දී තිබේ. "වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය පැහැදිලි කොට ඇත"(කුරානය). මෙය හොඳින් වටහා ගන්නේ නම් තම අතින්ම නිර්මාණය කල දේවල් වලට නැමදීමෙන් වැලකි, මිනිසාව මවා පෝෂණය කරන්නාවූ සර්වබලධාරී දෙවියන් වෙත හැරෙනු ඇත. ඔහු සියල්ලන්ගේම කන්නලව් වලට ඇහුම්කන් දෙන්නා ය. ආරක්ෂකයා ය. පෝෂකයා ය...

කුරානයේ සඳහන් වන ආකාරයට මුහම්මද් නබි තුමා මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ වූ නබිවරයෙකි. "අපි නුඹව සකල ලෝවැසියන්ටම ආශින්ෂණයක් ලෙස මිස යැව්වේ නැත" (කුරානය 21:107). ඒ අනුව මුහම්මද් නබිතුමාගේ මග පෙන්වීම එක් ජන කොට්ඨාසයකට පමණක් සිමා වන්නේ නැත. එමගින් සියල්ලන්ටම පිළිපැදිය හැකි ජිවන රටාවක් පෙන්වා දෙන්නේය. 

ආදම් තුමා පටන් මෙලොවට පැමිණි සියලුම නබිවරුන් දේශනා කලේ ඉස්ලාම් දහම පමණි. කුරානයේ ඇති මෙම වැකියෙන් පවසන්නේ අල්ලාහ් හමුවෙහි පිළිගැනීමට ලක්වන එකම දහම ඉස්ලාම් බවයි. "නියත වශයෙන්ම අල්ලාහ් සමග ඇති දහම ඉස්ලාම්ය" (කුරානය 3:19). මේ නිසා මිනිසා විසින් නිර්මාණය කල කිසිම ආගමක් අල්ලාහු තආලා පිළිගන්නේ නැත. 

ඉස්ලාම් යන්නෙහි එක් අර්ථයක් වන්නේ අල්ලාහ්ගේ කැමැත්තට යතත් වීම ය. මෙලොවට පහළ වූ සෑම නබිවරයෙකුම අල්ලාහ්ගේ කැමැත්තට යටත් පහත්ව ජිවත් විය. එබැවින් ඒ සෑම නබිවරයෙකුම දෙසුවේ ඉස්ලාම් දහම වේ. එහෙත් ඔවුන්ට වෙනස්වූ දහම් පණිවිඩ පහළ විය. ඒ සෑම දහම් පනිවිදයකම විශ්වාසය සම්බන්ද කරුණු නොවෙනස්ව පැවතියත් එක් එක් ජන වර්ගයාට කාලයටත් දේශයටත් සුදුසු පරිදි වෙනස් ආගමික නීති පනවන ලදී. ඒ අනුව මුහම්මද් නබි තුමාට කලින් පැමිණි ජේසු තුමාට ඉන්ජිල් හෙවත් බෛබලය ද  ඊට කලින් පැමිණි මොසල් තුමාට තව්රාත් හෙවත් බෛබලයේ පැරණි ගිවිසුම ද පහළ විය. මුහම්මද් නබි තුමා පැමිණි පසු කුරානය පහළ කොට දහම් පණිවිඩ යැවීම අවසාන කොට ඇත. එබැවින් කුරානය ලෝකය අවසාන වන තුරු පවතින එකම දහම් පණිවිඩය බවට පත් වේ.

කෙනෙක් ඉස්ලාම් දහම වැළඳ ගැනීම නිසා අල්ලාහ්ට කිසිම වාසියක් අත්වන්නේ නැත. අල්ලාහ් සියලු දේවල් වලින් ස්වයං පෝෂිතය. විශ්වයේ ඇති සියලු දේවල් වල අවශ්‍යතා ඉටු කරන්නේ ඔහුය. ඔහුට කිසේවෙකුගේ අවශ්‍යතාවයක් නැත. ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් වාසිය අත්වන්නේ එය වැළඳ ගත් තැනැත්තාටම වේ. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)