ඉස්ලාමය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ඉඩ දෙයිද? (Will Islam allow suicide bombings?)

 


ඉස්ලාම් දහමටත් මරාගෙන මැරෙන බෝම්බ සංස්කෘතියටත් කිසිම සම්බන්දයක් නැත. එය බිහිවන්නේ අල් කුරානය පහළ වී සියවස් ගනනාවක් ගෙවී යාමෙන් පසුවය. අල් කුරානයේ හෝ නබිතුමාගේ හදිස් වල මරාගෙන මැරෙන බෝම්බ සම්බන්දයෙන් එකදු සඳහනක් නැත. නබිතුමා ජිවත්ව සිටි යුගයේදී බෝම්බ නිෂ්පාදනය කොට තිබුනේද නැත. කෙසේ වෙතත් අල් කුරානය සහ හදිස් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එවැනි දෙයක් කිරීම විශාල වරදක් බවයි. එහි බැරෑරුම්කම පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් විස්තර කොට ඇත.

"නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු" (කුරානය 5:32). එසේ තිබියදී ත්‍රස්තවාදීන් කරන්නේ මිට හාත්පසින්ම වෙනස් දෙයකි. 

ඉස්ලාම් දහමින් අනුමත කොට ඇති යුද්ධයකදී මෙම ආචාර ධර්ම පිළිපැදිය යුතුය 1. ළමුන්, කාන්තාවන් සහ වයසක උදවියට කිසිම හානියක් නොකළ යුතුය. 2. පුජනිය ස්ථාන වලට හෝ එහි රැඳී සිටින කිසිවෙකුව ඝාතනය නොකළ යුතුය. 3. ගස් කොළන් විනාශ නොකල යුතුය. 4. මළ සිරුරු අනවශ්‍ය ලෙස කපා කොටා නොදැමිය යුතුය. 

මේවා දෙස බලන කල ඉස්ලාම් දහමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ඉඩ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. යම් කෙනෙක් එසේ පවසන්නේ නම් ඔහු මානසික රෝගියෙක්ම විය යුතුය. 

ඕනෑම සමාජයක වැරදි කරන අය නැතුවා නොවේ. ඔවුන් සඳහා ලබා දිය යුතු දඬුවම් කුරණයෙන් නියම කොට තිබේ. මරාගෙන මැරෙන බෝම්බ පුපුරාවා ගැනීම මිනිස් ඝාතන වලට අයත් වේ. එවැනි අයට ලබා දිය යුතු දඬුවම් ඉතා පැහැදිලිව ඉස්ලාම් දහමින් පෙන්වා දී තිබේ. 

එසේ තිබියදී යම් මුස්ලිම්වරයෙකු කරන වරදක් නිසා මුළු මහත් මුස්ලිම් සමාජයෙන්ම පලිගැනීම හෙලා දැකිය යුතු කරුණකි. 

By Fasy Ajward.B.Sc(special)Hons,

Ex: Research officer at former Scientific and Industrial Research Institute. 

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)