උපවාස මාසයේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණු (Matters to be noted during the fasting month)


උපවාසයෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ අල්ලාහ් කෙරෙහි බියබැතිම ප්‍රවර්ධනය කිරීම වේ. ඒ අනුව කෙනෙක් උපවාස කාලය තුලදී නොකා නොබී සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඔහුගේ ඇස් දෙකත්, ඔහුගේ දිවත්, ඔහුගේ කන් දෙකත් අනෙක් අවයවයනුත් උපවාසයේ යෙදිය යුතුය. නබිතුමා පවසා ඇති හදිසයක දැක්වෙන අන්දමට උපවාස කරන තැනැත්තා බොරු කීමෙන් සහ පාපිෂ්ට ක්‍රියාවන්ගෙන් වැලකී සිටිය යුතුය, එසේ නොකරන්නේ නම් ඔහුගේ කුසගින්නෙන් සහ තිපාසයෙන් අල්ලාහ්ට කිසිම අවශ්‍යතාවයක් නැත (සහිහ් අල්-බුහාරි). තවද, උමර් රලි තුමා මෙසේ පවසා තිබේ, උපවාසය යනු හුදෙක් නොකා නොබී සිටීම පමණක්ම නොව, අනවශ්‍ය කථා බහ වලින්  වැලකී සිටීම ඊට අයත් වේ. 

උපවාස කිරීම සඳහා ශක්තියක් නොමැති මහලු උදවිය සඳහා උපවාස කිරීම අනිවාර්ය නොවේ.  එහෙත් එවැනි අය හැකියාව තිබේ නම් සහල් ග්‍රෑම් 625 ක් බැගින් මග හැරෙන සැම උපවාසයක් සඳහාම දුගී අය වෙත ලබා දිය යුතුය. රෝගී තත්වයේ පසුවන අයටද උපවාසය අත්හැරීමට අවසර තිබේ. කෙසේ වෙතත් ඔවුන් සුවපත් වීමෙන් පසු එසේ අත්හැරුණු උපවාසයන් සියල්ල වෙනත් දින වලදී ඉටු කිරීම අනිවාර්‍ය වේ.  

උපවාස කරන කාලය තුලදී වෙනදා අනුමැතිය තිබුණු බොහෝ දේවල් සිදු කිරීම තහනම් වේ. ඒ අනුව කෑම, බිම, දුම් පානය කිරීම (මෙය සාමාන්‍ය දිනවලදීද තහනම් වේ) අඹු සැමියන් අතර ලිංගික සම්බන්දයන් පැවැත්වීම තහනම් වේ. යම් කෙනෙක් හිතා මතා උපවාසය කඩ කලේ නම් ඔහු ඊට හිලව් වශයෙන් නොකඩවා දින 60ක් උපවාසය කල යුතුය. එසේ කිරීමට නොහැකි නම් දුප්පතුන් 60 දෙනෙකුට අහාර ලබා දිය යුතුය.

රාමලාන් මාසයේදී කුරානය පහල කරන ලදී. එබැවින් හැකි තරම් එය පරායණය කිරීමට වග බලාගත යුතුය. අවම තරමින් වසරකදී එක්වතාවක් හෝ කුරානය සම්පුර්ණයෙන්ම පරායණය කල යතු බව විද්වතුන්ගේ මතය වේ. 

රාමලාන් මාසයේ අවසාන දින දහය තුල මස්ජිදයේ රැඳී සිටීම නබිතුමාගේ සුන්නාවකි. එසේ කිරීමෙන් ලෛලතුල් කදර් රාත්‍රිය ලැබීමේ වාසනාව උදා වනු ඇත. 

විශේෂයෙන්ම රාමලාන් මාසය පුරා සෑම සලාතයක්ම මස්ජිදයට ගොස් සාමුහිකව ඉටු කිරීමත් ඊට අමතරව රාත්‍රී කාලයේදී වෛකල්පිත සලාතයන් සහ තහජ්ජුද් සලාතයේ නියැලීම ඉතා වැදගත් ය. 

By M. Fasy Ajward.
B.Sc(Sp.Phy) Hons, Japura.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)