අල් කුර්ආනය පවසන්නේ හිරු මඩ සහිත ජලයට බැස යන බවද? (Does the Quran say that the sun sets into muddy water?)



ඇතැම් විවේචකයින් කුරානයේ සඳහන් විස්තරයකට වැරදි අටුවා ටීකා ඉදිරිපත් කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේය. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ අල්-කුරානයේ 18 වන පරිජ්ජේදයේ 86 වන වගන්තිය වේ. එහි පැවසෙන අන්දමට zසුල් කර්නෙයින් එක්තරා ගම්මානයකට ගිය අවස්ථාවේදී ඉර මඩ වලක් තුලට බැස යන අකාරය දැක තිබේ. එම සිදුවීම කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත. "ඔහු සුර්යයා බැස යන තැනට පැමිණි කල, කළු පැහැයෙන් යුත් මඩ ජලයෙහි එය බැස යන බව දුටුවේය" (කුරානය 18:86). කෙසේ වෙතත් මෙහි විස්තර කොට ඇත්තේ zසුල්කර්නෙයින් ඉර බැසීම දුටු ආකාරය යි. එය කව්රු කිව්වත් කිව යුත්තේ ඔහු දැක තිබෙන අන්දම මිස වෙනත් අකාරයකට නොවේ. එබැවින් කිසිම බුද්ධිමතෙකුට එහි වැරැද්දක් කිව නොහැකිය.

zසුල්කර්නෙයින් පමණක් නොව වෙනත් ඕනෑම කෙනෙක් ඉර බැස යන මොහොතකදී මුහුදු වෙරළට ගියේ නම් ඔහුටත් දැකීමට ලැබෙන්නේ ඉර මුහුදේ ගිලී යන අකාරය වේ. එබැවින් ඔහුට එය තවත් කෙනෙකු සමග විස්තර කල හැක්කේද ඉහත සඳහන් කුර්ආන් වැකියේ සඳහන් ආකාරයටම වේ. මෙතරම සුළු දෙයක් තේරුම් ගැනීමට නොහැකි අය කුරානයට වැරදි කියන්නේ කෙසේද?

සුර්යයාගේ ගමන් මග ගැන කුරානයේ වෙනත් තැනක මෙසේ විස්තර කොට ඇත. "සුර්‍යා තමාට නියමිත ස්ථානය බලා ගමන් කරමින් සිටියි" එහෙත් විද්‍යාඥයින් එය දැනගත්තේ කුරානය පහළ වී සියවස් හයකට පමණ පසුව බව ඔවුන් දැනගෙන නැතුවා විය හැකිය.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)