ඇතැම් අය ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි? (Why do some people oppose only cow slaughter?)


ඇතැම් අය ගවයාට වන්දනාමාන කරන්නේය. එමනිසා ඔවුන් ගව ඝාතනයට විරුද්ධ වෙති. එහෙත් ගව මස් අනුභව කරන අය ගවයා දකින්නේ සාමාන්‍ය සතෙක් හැටියට ය. ඔවුන්ට, ගවයා තවත් එක් සත්වයෙක් පමණි. ඔවුන් නමදින්නේ ගවයා ඇතුළු සියලුම දේවල් මැවූ සර්වබලධාරී දෙවියන්ට වේ.

ගවයා කිසිවක් මවා නැත. බුද්ධි මට්ටම අතින්ද, ගවයා මිනිසාට වඩා බෙහෙවින් පහත් තත්වයක පවතී. එමනිසා, මිනිසෙකු ගවයෙකුට නමස්කාර කරන විට, ඔහු ඇත්ත වශයෙන්ම තමාගේ තත්ත්වය එම සත්වයාගේ තත්ත්වයටත් වඩා පහත් මට්ටමකට හෙළා ගනී. එය මිනිස් කමට කරන විශාල කැළලකි. 
 
ගවයාට වන්දනාමාන කරන ඇතැම් අය ගවයා වෙනුවෙන් මිනිසුන් ඝාතනය කොට තිබේ! මෙම තත්වය ඉන්දියාවේ බහුලව දැකිය හැකිය. ඉන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මන්ද මානසිකත්වය නොවේද? 

ගව ඝාතනයට විරුද්ධ වන ඇතැම් අය කුකුලන් එළුවන් මත්සයින් ඝාතනය කිරීමට විරුද්ධත්වයක් දක්වන්නේ නැත. තවත් සමහරු සියලුම සත්ව ඝාතනයන්ට විරුද්ධ වුවත්, තමන්ට ලෙඩක් දුකක් ඇතිවූ විට ප්‍රතිජීවක ඖෂද ගැනීමෙන් ලක්ෂ සංඛ්‍යාත ක්ෂුද්‍ර ජීවින් විනාශ කර දමති. මෙය දෙබිඩි පිළිවෙතත් නොවේද?
 
ගවයා සාමාන්‍ය සතෙකු වුවද, නබි මූසා (මෝසෙස්) තුමාගේ කාලයේදී එය වන්දනාවට ලක්වූ අවස්තාවක් දැකිය හැක. මූසා නබිතුමා දින හතළිහක් පුරා තූර්-සීනා කඳු පාමුල රැඳී සිටියදී, සමිරී නම් පුද්ගලයෙකුගේ ඉගැන්වීම් අනුව ක්‍රියා කළ එතුමාගේ අනුගාමිකයෝ රන් වසු පැටවෙකුගේ ප්‍රතිමාවක් නිර්මාණය කර, එය දෙවියන් ලෙස සලකා වන්දනාමාන කළහ. සිය ගමනින් ආපසු පැමිණි මෝසෙස් නබිතුමා මෙම සිදුවීම දැක දැඩි කෝපයට පත් වූ අතර, එම වරද සිදු කිරීමෙන් ජනතාව වළක්වා ගැනීමට අපොහොසත් වූයේ මන්දැයි විමසමින් තම සහෝදරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. 

දෙවියන් මිනිසාව .මැවුයේ ඔහුට පමණක් නැමදීම සඳහාය. එසේ තිබියදී මිනිසා දෙවියන් වෙනුවට ඔහුගේ මැවිල්ලක් වන ගවයාට වැඳීමෙන් මිනිසාව මැවූ අරමුණ වෙනතකට යොමු කරන්නේය. ඉන් සිදු වන්නේ මරණින් මතු ජීවිතයේදී දෙවියන්ගේ දඬුවමට මුහුණ දීමටයි.

මස් අනුභව කිරීම හෝ නොකිරීම පුද්ගලික තීරණයකි. එබැවින්, යමෙකුට මස් අනුභව කිරීමෙන් වළකාලීම හෝ එසේ කිරීමට බල කිරීම නොකළ යුතුය; එවැනි ක්‍රියා මගින් සිදු වන්නේ මිනිසුන් අතර අනවශ්‍ය ගැටුම්  ඇතිවීම පමණි.

By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)