දෙවියන් වැරදි කරුවන්ට දඬුවම් කිරීම ප්‍රමාද කරන්නේ ඇයි? (Why does God delay punishing wrongdoers?)




වැරදි කරුවන්ට එවෙලේම දඬුවම් කිරීම දෙවියන්ට අමාරු කාර්යයක් නොවේ. එහෙත් මිනිසුන් කරන වැරදි වලට එම මොහොතේදීම දඬුවම් කලේ නම් මිහිපිට කීදෙනෙක් ඉහිරී වනු ඇත්දැයි කිව නොහැක. එම කරුණ මෙම කුර්ආන් වැකිය තුල දැකිය හැකිය. "අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ ආපස්සට යෑමට ලැබෙන්නේ නැත" (කුරානය 16:61).

දෙවියන් මහා කරුනිකයා ය. එසේම ඔහු අසීමිත ලෙස ඉවසීම ඇති තැනැත්තා ය. මේ හේතුවෙන් ඔහු මිනිසා මොනතරම් වැරදි කලත් එවෙලේම දඬුවම් කරන්නේ නැත. මේ නිසා මිනිසාට ඒවා හදාගෙන යහපත් ජිවිතයක් ගොඩ නගා ගැනීමට අවස්තාව ලැබී ඇත. එසේ තිබියදී දෙවියන් ගේ දඬුවම් ප්‍රමාද වීම දකින්නේ වැරදි කිරීමට ලබා දී ඇති අවස්තවක් ලෙස නම් එය තමාටම කර ගන්නා හානියකි.

දෙවියන් සෑම කෙනෙක්ම කරන දේවල් හොඳින් දකින්නේය. එහෙත් ඒවා ප්‍රශ්න කිරීම සඳහා ඊට නියමිත වෙලාව තෙක් කල් දමා තිබේ. එය කුරානය තුල මෙසේ සඳහන් වේ. "වැරදි කරුවන් කරන දේවල් ගැන අල්ලාහ් නොදැන සිටිනවා යැයි නොසිතන්න. එහෙත් ඔහු භීතියෙන් තිගැස්සී ඇස් උඩ යන එම දිනය දක්වා ඔවුන්ට අවකාශ ලබා දී තිබේ" (කුරානය 14:42).

දෙවියන් ලබා දී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නම් සදාකල් නිරයට යාමෙන් තමන්ව වලක්වා ගැනීමට අවස්තාව උදාකර ගත හැකිය. එම අවස්තාව මග හරියේ නම් පාඩුව තමන්ටම වේ. "නුඹගේ අධිපති දෙවියන් අධික ලෙස ක්ෂමාකරන්නාය. කරුනාවන්තයාය. ඔහු, ඔවුන් උපයාගත් දේවල් සඳහා දඬුවම් කරන්නේ නම් නියත වශයෙන්ම ඔවුනට වේදනාව ඉක්මන් කරත හැකිය. එහෙත් ඒ සඳහා ඔවුන්ට යැයි ප්‍රතිඥා දෙනු ලැබූ වෙලාවක් නියම කොට ඇත. ඉන් ඔබ්බට ඔවුන් සඳහා ගැලවුමක් නැත" (කුරානය 18:58).

මිනිසා කරනු ලබන ලොකුම වැරැද්ද දෙවියන් විසින් ඔහුව මවා තිබියදී වෙනත් දේවල් වලට නැමදිම ය. තවත් සමහරු දෙවියන්ව විශ්වාස කලත් ඔහුත් සමග වෙනත් දේවල් ආදේශ කරන්නේය. මේවා මහා පාපයන් වේ. මෙම වැරදි සමග කෙනෙක් මිය ගියේ නම් ඔහුට ස්වර්ගය තහනම් ය. 

දෙවියන් මිනිසාගෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට ලැබී ඇති ජිවිත කාලය තුලදී දෙවියන් ගැන නිවැරදිව දැනගෙන ඔහුට පමණක් නැමදීම ය. එහෙත් බොහෝ අය කරන්නේ දෙවියන් වෙනුවට තම අභිමතය පරිදි සාදාගත් දේව රුප වලට සහ සාස්තෘ වරුන්ට නැමදීම වේ. තවත් සමහරු දෙවියන් ගැන විශ්වාස කරන්නේම නැත. එසේ කිරීමෙන් සිදු වන්නේ මායාවක් වැනි ලෞකික ජිවිතය වෙනුවෙන් කෙළවරක් නොමැති මතු ජීවිතය විනාශ කර ගැනීමය.

බොහෝ අය නිවැරදි මාර්ගය කුමක්දැයි දන්නේ නැත. එම නිසා පරම්පරාවෙන් එන ආගම පිළිපදින්නේය. එහෙත් තම දෙමව්පියන් හරි මග සිටියේ දැයි සැක හැර දැනගත යුතුය. එය කල හැක්කේ දෙවියන් පහළ කල නිවැරදි දහමක් සමග සසඳා බැලීමෙන්ම පමණි. 

දෙවියන් මිනිසාට ඔහුගේ දුතයින්ගේ මාර්ගයෙන් මුල සිටම නිවැරදි මාර්ගය පෙන්වා ඇත. එම මාර්ගෝපදේශ පිලිපැදීමෙන් පමණක් මිනිසාට නිවැරදි මාර්ගය අත්කර ගත හැකි වන්නේය. අල් කුරානය දෙවියන් පහළ කල අවසාන දේව පණිවිඩය වේ. ඊට පෙර ජේසු තුමා හරහාද මුසා නබි තුමා හරහාද දහම් පණිවිඩ මෙලොවට පහළ කොට තිබේ. එහෙත් කුරානය හැර අන් සෑම දහම් පනිවිදයක්ම කාලයත් සමග වෙනස්කම් වලට බඳුන් වී තිබේ.

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)