ඉස්ලාමය මත්ද්‍රව්‍ය තහනම් කරන්නේ ඇයි? (Why does Islam ban drugs?)


සෑම දෙයක්ම නීති පැනවිමෙන්ම කල නොහැකි බව කියා පෑමට ඉස්ලාම් දහම හොඳ උදාහරණයකි. ඉස්ලාම් දහම පහළ වන යුගයේ ජිවත් වූ ජනතාව මත්පැන් වලට අධික ලෙස ඇබ්බැහි වී සිටියෝය. එහෙත් එම තත්වය වෙනස් කරනු ලැබුවේ කුරානයේ පහළ වූ වැකි දෙක තුනකින් පමණි. කෙසේ වෙතත් මත්පැන් පානය කිරීම සම්බන්දයෙන් අල් කුරානය තුල දඬුවම් නියම කොට නැත. එසේ තිබියදීත් මුස්ලිම්වරුන්ගෙන් ඉතා සුළු පිරිසක් හැරුණු විට අති බහුතරය මත්පැන් වලින් සහ මත්කුඩු වලින් වැලකී සිටීම දැකිය හැකිය. මීට ප්‍රධාන හේතුව කුරානයෙන් පෙන්වා දී ඇති නිසි මග පෙන්වීම වේ. කෙසේ වෙතත් ජන මාධ්‍යවලින් කරන්නේ ෂරියා නීතිය ගැන වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සාහ කිරීමයි. ඒ අනුව ඔවුන් කරන්නේ නොමග ගිය යම් මුස්ලිම්වරුන් ඇතොත් ඔවුන්ගේ වැරදි ජන මාධ්‍ය වලින් ප්‍රචාරය කරමින් ඒවා ඉස්ලාම් දහම ලෙස පෙන්වීමට උත්සාහ කිරීමයි. 

ෂරියා නිතිය අනුව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඒවා ප්‍රවාහනය කිරීම මෙන්ම වෙළඳාම තහනම් වේ. එබැවින් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම ෂරියා නීතියෙන් අනුමත කරන්නේ නැත. බොහෝ ඉස්ලාමීය විද්වතුන්ගේ මතය අනුව දුම් වැටිද ඊට ඇතුලත් වේ. එසේ තිබියදීත් මුස්ලිම්වරයෙක් එම වැරදි කරන්නේ නම් එය ඔහුගේ වැරැද්දක් මිස ඉස්ලාම් දහමේ වැරැද්දක් නොවේ. 

නබිතුමාගේ අනුගාමිකයින් මත්පැන් සම්බන්දයෙන් ප්‍රශ්න කල විට නබිතුමාට මෙම කුර්ආන් වැකිය පහළ විය. "සුරාව සහ සුදුව ගැන ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහිම මහත්වූ හානියක්ද මිනිසුන්ට ඇතැම් ප්‍රයෝජනද ඇත. එහෙත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි හානිය අධික වේ යැයි පවසනු" (කුරානය 2:219).

කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ. "විශ්වාස කලවුනි! මත්පැන්ද, සුදු කෙළිමද (නැමදුම් කිරීම සඳහා) සිටවනු ලැබූ ඒවාද, නිමිති බලන ඊතල ද පිළිකුල් කල යුතු සාතන්ගේ ක්‍රියාවන් වේ. එබැවින් නුඹලා ජය ලැබීම පිණිස ඉන් වලකිනු. මත් පැන්, සුදුව යනාදිය නිසා නුඹලා අතර එදිරිවාදීකම් සහ ක්‍රෝදය ඇති කරන අතර නුඹලාව අල්ලාහ්ගේ මතකයෙන් ද සලාතයෙන්ද වැළැක්වීමට සාතන් ක්‍රියා කරයි. එබැවින් නුඹලා ඉන් වැලකී සිටිය යුතු නොවේද?" (කුරාන් 5:90-91). මෙම කුර්ආන් වැකිය පහළ වීමෙන් පසු සියලුම සහාබා වරුන් තම සන්තකයෙහි තිබුණු මත් පැන් ඉවත හැලුහ. 

මුස්ලිම්වරුන් වැරදි කිරීමෙන් වැලකී සිටීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට දෙවියන් කෙරෙහි ඇති බක්තිය වේ. තවද ඔවුන් මෙලොව ජිවිතයට වඩා මරණයෙන් මතු ජීවිතය ගැන බලාපොරොත්තු තබා ජිවත් වන්නෝය. මේ නිසා හැකි පමණින් වැරදි නොකර ජිවත් වීමට ඔවුන් උත්සහ කරනු දැකිය හැකිය. කෙසේ වෙතත් ඔවුන් අතර වැරදි නොකරන අය නැතුවා නොවේ. එම වැරදි කරන අය නිසා ඉස්ලාම් දහමට දොස් පැවරීම මුග්ධ කමකි. 

අද ඉතා දිනුනු රටවල්වල පවා නීති දැමීමෙන් මත්පැන් හෝ දුම්වැටි පානය කිරීම පාලනය කිරීමට හැකිවී නැත. මේ නිසා මත්කුඩු සම්බන්දයෙන් සිදු වන වැරදි නිසා බන්දනාගාර පිරි ඇත. බන්දනාගාරවලින් පිටවන අය පවා නැවතත් එම වැරැද්දම කරනු ලැබේ. එහෙත් ඉස්ලාම් නීති අනුව වැරදි කිරීමේ විශාල අඩුවක් සිදු වන්නේය. 


By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:-thetrue_path









Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)