මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කරන්නේ ඇයි? (Why do Muslims practice circumcision?)


චර්මජ්ජේදනය යන්නෙන් අදහස් කරනු ලබන්නේ පිරිමි ලිංගයේ අග්‍ර චර්මය ඉවත් කිරීමයි. එය මුස්ලිම්වරුන් අතර පමණක් නොව, වෙනත් ජාතින් අතරද දක්නට තිබුණු චාරිත්‍රයකි. ඒ අනුව, එහි ඉතිහාසය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈතට දිව  යන්නේය. එම චාරිත්‍රය ඊජිප්තුවේ පැවති පැරණි සොහොන් කොත් ආශ්‍රිතව සොයාගෙන ඇති සිතුවම් වලින් ද පෙන්නුම් කරන්නේය. ඒවා ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි ඉතිහාසයක් පෙන්නුම් කරයි.

යුදෙව්වන් අතරද චර්මජ්ජේදනය කිරීම දැකිය හැකිය. තවද, ජේසුස් වහන්සේ සඳහා ද චර්මච්ඡේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් කොට තිබේ. එම ක්‍රියාවලිය සෑම නබිවරයෙකු සඳහාම නියම කොට තිබුණු බව පැවසේ. එහි අරමුණ පිරිසිදු කම වේ.. 

චර්මජේදනය කිරීම නිසා පිරිමි ලිංගයේ පෙර සම තුල රැඳෙන විෂබීජ පහසුවෙන්ම පිරිසිදු කල හැකිය. එමගින් බොහෝ ලිංග ආශ්‍රිත ලෙඩ රෝග වලක්වා ගත හැකි වේ. ඇතැමුන් සිතන ආකාරයට එමගින් ලිංගික ක්‍රියාවලියට කිසිම බාදාවක් සිදු වන්නේ නැත. 

චර්මජ්ජේදනය නිසා HIV වෛරසය ව්‍යාප්ත වීම පාලනය කල හැකිය. තවද එමගින් කාන්තාවන්ගේ ගර්භාශ්‍රිත පිළිකා සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව සංඛ්‍යාලේකන හරහා පෙන්නුම් කොට තිබේ. HIV/AIDS (UNAIDS) පිලිබඳ ලෝක සෞක්‍යසංවිදානය එක්සත් ජාතීන්ගේ වැඩසටහන සමග එකතුවී නිකුත් කොට ඇති නිවේදනයකින් පෙන්වා දෙන්නේ HIV වැළැක්වීම සඳහා නිර්දේශ කල හැකි හොඳම ක්‍රමය පිරිමින් සඳහා චර්මච්චේදනය කිරීම බවයි. 

චර්මජ්ජේදනය කිරීම නිසා කුඩා කාලයේදී ඇතිවිය හැකි මුත්‍රෂිත ආසාදනයන් බොහොමයක් වලක්වා ගත හැකි බව වෛද්‍යවරුන්ගේ පිළිගැනීම වේ.. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

  1. Lahiru ishan gunasekaraApril 12, 2018 at 8:59 AM

    ඔය තරම්ම සෞඛ්‍ය ප්‍රතිලාභ තියෙනවා නන් ඔබ විශ්වාස කරන මැවුම්කාර දෙවියන්ට තිබ්බනේ ඔය කොටස රහිතව මිනිස්සුන්ව නිර්මාණය කරන්න.පරමාණුවේ ඉදලා DNA සෛල පටක අවයව හැම දේම නිර්මාණය කරපු කෙනාට ඔය කොටස නැතුව මිනිස්සු මවන එක පොඩි දෙයක්නේ.දෙවියන් ඔය කොටස ශරීරයේ ඉතිරි කරලා තියෙන්නේ මොකක්හරි හේතුවක් නිසානේ.ඔය කොටස අයින් කරන එක දෙවියන්ට කරන අභියෝගයක්නේ.

    ReplyDelete
  2. මේක දෙවියන් ඔබට දී ඇති පරික්ෂාවකි. ඔබ එසේ කලොත් එහි ප්‍රතිපල ලැබිය හැකියි. ඔබ කැමති නැති නම් ඒ ගැන ප්‍රශ්න කිරිමෙනේ වැඩක් නැත.

    ReplyDelete
  3. Lahiru ishan gunasekaraApril 29, 2018 at 5:24 AM

    ශරීර අවයව කොටසක් කපා ඉවත් කර ජීවත් වීම තුළින් දෙවියන් පරීක්ෂාවට ලක්කරන්නේ කුමක්ද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)