නබිතුමා සහ ආයිෂා (රලි) තුමිය අතර විවාහය (The marriage between the Prophet and Ayesha)


නබිතුමා සිදු කර ගත් විවාහයන් අතරින් කන්‍යාවකට සිටියේ අයිෂා (රලි) තුමිය පමණි. මෙය අල්ලාහ්ගේ සැලැස්ම අනුව සිදුවූ විවාහයක් වන අතර එම විවාහය නිසා මුස්ලිම්වරුන්ට විවාහය සම්බන්ද බොහෝ හදිස් දැනගැනීමේ අවස්තාව උදා විය. කෙසේ වෙතත් නබිතුමාගේ මුල් විවාහය සිදු වුයේ ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය දෙවරක් වැන්දබු භාවයට පත්වූ කදිජා තුමියත් සමගය. එම විවාහය සිදු වන විට නබි තුමා විසිපස්වන වියේ පසු විය. එසේ වුවද එම විවාහය ඉතා සාර්ථක එකක් විය. නබිතුමාගේ පුත් ඉබ්‍රාහිම් (රලි) තුමා හැරුණු විට අනෙක් දරුවන් හය දෙනා බිහි වුයේ කදිජා තුමියටය. නබිතුමාගේ වයස 53 දී කදිජා තුමිය කලුරිය කළාය. කදිජා තුමියගේ වියෝව සිදු වන තුරු නබිතුමා වෙනත් විවාහයක් කර ගත්තේ නැත. 

කදිජාතුමිය මිය ගිය වසරේදීම නබිතුමාට සෑම අතින්ම රැකවරණය ලබා දුන් ඔහුගේ සුළු පියා වන අබුතාලිබ් තුමාද මිය ගියේය. මෙම සිදුවීම් දෙක එකම වසරක් තුලදී සිදු වීම නිසා නබිතුමා විශාල දුකකින් කාලය ගත කළේය. එසේ තිබියදී බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි නබිතුමා වයස 53ක් වූ වැන්දබු කාන්තාවක් වන සව්දා (රලි) තුමියව විවාහ කර ගත්තේය. එසේ තිබියදී අල්ලාහ්ගේ සැලැස්ම අනුව  ඔහුගේ හිත මිත්‍ර අබුබක්කර් (රලි) තුමාගේ දියණිය වූ ආයිෂා (රලි) තුමිය සමග සරණ පවා ගත්තේය. 

නබිතුමා ආයිෂා (රලි) තුමියව විවාහ කර ගැනීමට පෙර ඇය මුතීම්ගේ පුත් ජුබෙයිර් සමග විවාහ වීම සඳහා ගිවිසගෙන ගෙන තිබුනේය. එහෙත් ආයිෂා තුමිය ඉස්ලාම් දහම වැළඳ ගැනීම නිසා එම ගිවිස ගැනීම කැඩී ගියේය. ඒ අනුව නබිතුමාට ඇයව විවාහ කර ගැනීමට අවස්තාව උදා විය. මෙම කරුණු වලින් පැහැදිලි වන වැදගත් කරුණක් වන්නේ නබිතුමා ජීවත්වූ කාලයේදී බාල වයස් කරියන්ව පසුව විවාහ කර දීම සඳහා කලින්ම යෝජනාවන් සිදු කරන බවයි.  

හදිස් ග්‍රන්ථ වල සඳහන් වන ආකාරයට ආයිෂා රලි තුමිය නබිතුමාව විවාහ කර ගෙන තිබෙන්නේ වයස හයේදීය. එහෙත් ඉන් පසු වසර තුනක් යන තුරුම එනම් ඇයගේ වයස 9 ය වන තෙක් ඇය තම දෙමව්පියන් ළඟ ජිවත් වී තිබේ. ඇතැම් වාර්තාවල දැක්වෙන අන්දමට ඇයට වයස 12 වන තෙක් ඇය තම දෙමව්පියන් ළඟ විවත් වී තිබේ. ඉන් පසු චාම් උත්සවයක් සිදු කොට නබිතුමා ආයිෂා (රලි) තුමියව සිය නිවසට කැන්දන් ගියේය,

නබිතුමාටත් අයිෂා (රලි) තුමියටත් අතර සැලකිය යුතු වයස් පරතරයක් තිබුනද ඔවුන් ඉතා සතුටින් යුග දිවිය ගෙවා ඇත. ඒ අනුව කිසිම දවසක අයිෂා රලි තුමිය නබිතුමාගේ වරදක් කියා නැත. එපමනක් නොව නබිතුමා මිය ගියේද අයිෂා (රලි) තුමියගේ උකුල මතය. 

ආයිෂා (රලි) තුමියගේ විවාහය මුස්ලිම්වරුන්ට අති විශාල ආශීර්වාදයක් වුවාට කිසිම සැකයක් නැත. ඇය නබිතුමාගේ හදිස් දෙදහසකට වඩා වාර්තා කොට තිබේ. ඒ අනුව ඇය හදිස් දැනුම් දීම අතින් සිව් වන ස්ථානය ලබාගෙන තිබේ. එපමණක් නොව නබිතුමාගේ වියෝවෙන් පසු මුස්ලිම්වරුන් මුහුණ දුන් බොහෝ ආගමික ප්‍රශ්න වලට විසඳුම් ලබා දුන්නේද ඇය විසිනි. 

මෙම විවාහය නිත්‍යානුකුලව සිදුවී ඇතත් මුස්ලිම් නොවන බොහෝ අයගේ විවේචනයන්ට ලක් වන්නේය. ඇත්ත වශයෙන්ම එම විවේචන එල්ල විය යුත්තේ නබි තුමාට නොව විවාහ නොවී තම ආශාවන් ඉටු කර ගැනීම සඳහා පාසල් දැරියන්ව රැගෙන යන පාලකයින් වෙතය. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)