සොහොන් වන්දනාව සහ අල්ලාහ්ට සමානයන් තැබීම (Worshiping graves and Keeping equals to Allah)




ඉස්ලාම් දහම අනුව නැමදීමට සුදුසු එකම තැනැත්තා අල්ලාහ් පමණි. එසේ තිබියදී අධ්‍යාත්මික නායකයින්ගේ සොහොන් පුජනිය ස්ථානයන් ලෙස සැලකීම හෝ මළවුන් හරහා තම දුආ ප්‍රාර්ථනයක් සිදු කිරීම හෝ සොහොන් ආශ්‍රිතව සතුන් කැප කිරීම හෝ මළවුන් වෙනුවෙන් පඬුරු දැමීම හෝ කල නොහැකි ක්‍රියාවන් වේ. එසේ කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමක් ලෙස සැලකේ. එවැනි වැරදි වල නිරත වූ කෙනෙක් තම මරණයට පෙර තමන් කරමින් සිටි වැරදි වලින් මිදී පසු තැවලි නොවුයේ නම් නිරයට යන්නේය. 

මිය ගිය කෙනෙකුට ජිවත්ව සිටින අය වෙනුවෙන් කිසිම උදව්වක් කල නොහැකිය. එහෙත් ජිවතුන් අතර සිටින කෙනෙකුට මළවුන් වෙනුවෙන් පින් අනුමෝදම් කල හැකිය. එසේ තිබියදී මියගිය අයව අතරමැදියන් කරමින් දෙවියන්ගෙන් දුආ ප්‍රාර්ථනා කිරීම බලවත් වරදක් වේ. එය ඉස්ලාම් දහම අනුව මහා පාපයකි.

ඉස්ලාම් දහම අනුව ජිවතුන් අතර සිටින කෙනෙකුගෙන් උදව් පැතිය හැකිය. එහෙත් එය ඔහුගේ හැකියාව තුල තිබිය යුතුය. කෙසේ වෙතත් නබිතුමාගේ අනුගාමිකයින් එවැනි දෙයකට පවා ඉදිරිපත් නොවිය. ඒ අනුව කෙනෙකුගේ කෙවිට බිම වැටුනු විට ඔහු බිමට බැස එය අසුලා ගත්තේය.

කරුණු එසේ තිබියදී ඇතැම් අය මිනිසාගේ හැකියාවෙන් ඔබ්බට ගිය දේවල් තම අධ්‍යාත්මික නායකයින්ගෙන් බලාපොරොත්තු වන්නේය. උදාහරණයක් වශයෙන් දරු පල නොමැති අය දරුවෙකු ලැබීම සඳහා අධ්‍යාත්මික නායකයින්ගෙන් අයදින්නේය. තවත් සමහරු වෛද්‍යවරුන්ට සුව කල නොහැකි ලෙඩ රෝග සුව කර දෙන මෙන් අධ්‍යාත්මික නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේය. මේවා ඉස්ලාම් දහම අනුව බලවත් වරදවල් වේ. 

ඇතැම් අය මියගිය අධ්‍යාත්මික නායකයින්ගේ සොහොන් ආශ්‍රිතව වාර්ෂිකව උත්සව පවත්වන්නේය. කෙසේ වෙතත් එවැනි දෙයක් අල් කුරානයේ හෝ නබිතුමාගේ හදිස් වල සඳහන්ව නැත. මේ හේතුවෙන් එය ඉස්ලාම් දහමට අලුත් දෙයක් වේ. නබිතුමා සම්පුර්ණ කල දහම තුලට එවැනි අළුත් දේවල් එකතු කිරීම මහා පාපයකි. හදිස්වල දැක්වෙන අන්දමට එවැනි අයට නබිතුමාගේ හව්සුල් කව්සර් තටාකයෙන් දිය බිමට ලැබෙන්නේ නැත. 

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path












Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)