මුස්ලිම් පල්ලියක් අනෙකුත් ආගමික ස්ථාන වලට වඩා වෙනස් වන්නේ ඇයි? (Why is a mosque different from other places of worship?)



මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයට අරාබි බසින් මස්ජිදය යැයි කියනු ලැබේ. මස්ජිදයක තිබෙන විශේෂත්වය නම් එහි කිසිවෙකුගේ පිළිම හෝ දේව රූප හෝ නොමැති වීම ය. ඒ අනුව මස්ජිදය අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා වන ස්ථානයකි. මුස්ලිම්වුන් දෛනිකව මස්ජිදය වෙත ගොස් සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. මේ හැරුණු විට සිකුරාදා දිනයේදී නගරයේ වෙසෙන සියලුම දෙනා ප්‍රධාන ජුම්මා මස්ජිදය වෙත ගොස් ජුම්මා සලාතය සහ දේශනයට සවන් දෙනු ලැබේ. 

මස්ජිදයෙදී සියලුම දෙනාට එක සමාන තැනක් හිමිවේ. ඒ අනුව මස්ජිදය තුල වර්ණ බේද හෝ කුල මල බේද හෝ නැත. ඕනෑම කෙනෙකුට තමන් කැමති තනක සිට ගත හැකිය. මේ හේතුවෙන් කෙනෙකුට ඉමාම් වරයාට ඉතා අසන්න ස්ථානයක් වුවද ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේය. ප්‍රබු වරයෙකු වුවද ප්‍රමාද වී සාමුහික සලාතය වෙත පැමිණියේ නම් ඔහු සිට ගත යුත්තේ අවසාන පෙලියේය. සලාතය මෙහෙය වීම සඳහා සුදුසුකම් ඇතොත් කම්කරුවෙකුටද වුවද එය සිදු කල හැකිය. එය ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වයකි. මස්ජිදය තුල සිදු කරනු ලබන සාමුහික සලාතයේදී සියලුම දෙනා කරට කර සිට ගැනීම මුස්ලිම්වරුන්ගේ සමගිය සංකේතවත් කිරීමකි. 

මුස්ලිම්වරුන්ට ප්‍රධාන දේවස්ථාන තුනක් තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මක්කාවේ පිහිටි කඃබා දේවස්ථානයයි. එය මිට වසර 5000 කට පමණ පෙර ඉබ්‍රාහිම් නබි තුමා සහ ඔහුගේ පුත් ඉස්යිමායිල් නබි තුමා යන දෙදෙනා විසින් පුනර් නිර්මාණය කොට තිබේ. එම දේවස්ථානයේ එක් මුල්ලක ස්වර්ගයෙන් පහළ කරන ලද ගලක් ස්ථාපනය කොට තිබේ. හජ් වන්දනය සඳහා යන සෑම බැතිමතෙක්ම එම ගල සිප ගන්නේ නබි තුමා විසින් එය සිප ගත් නිසාය. කෙසේ වෙතත් එම ගලෙහි විශේෂ හාස්කමක් හෝ අද්යාත්මික වටිනාකමක් නැත. මෙම දේවස්ථානයට වාර්ෂිකව විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන්නෝය. මෙම කඃබා දේවස්ථානයෙන් පසු විශේතත්වයක් ලැබෙන්නේ පලස්තීනයේ පිහිටි මස්ජිදුල් අක්සා දේවස්ථානයටය. එය සුලෛමාන් නබිතුමා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම දේවස්ථාන වලින් පසු වැදහත් තැනක් හිමි වන්නේ මුහම්මද් නබිතුමා විසින් නිර්මාණය කරන ලද මස්ජිදුල් නබවි දේවස්ථානයටය. මෙහි සඳහන් කල දේවස්ථාන තුන හැරුණු විට අනෙක් සෑම මස්ජිදයකටම හිමි වන්නේ එක සමාන තැනකි.

ලෝකය පුරා ඇති සෑම මස්ජිදයක්ම පිහිටා තිබෙන්නේ මක්කාවේ පිහිටි ප්‍රධාන දේවස්ථානයට මුහුණ ලා වීම විශේෂත්වයකි. මේ නිසා සෑම මුස්ලිම් බැතිමතෙකුටම කඃබාව දෙසට මුහුණ ලා සලාතය ඉටු කිරීමට හැකි වන්නේය. 

මුස්ලිම් දේවස්ථානවල පිළිම නොමැති බැවින් බැතිමතුන් සලාතය ඉටු කරන්නේ අල්ලාහ් කෙරෙහි තබා ඇති විශ්වාසය  මතය. සාමුහික සලාතය ඉටු කිරීම සඳහා සෑම මස්ජිදයකම විශාල ශාලාවක් තිබේ. ඒ සඳහා පුටු බංකු තබා නැත. ඒ අනුව එය සිදු කරන්නේ පොලව මත සිට ගෙනය. සිකුරාදා දේශනය පවත්වන දේවස්ථානවල මිම්බර් හෙවත් පඩි පෙළවල් තුනකින් යුත් උස ස්ථානයක් නිර්මාණය කොට තිබේ. සෑම මස්ජිදයකම සාමුහික සලාතය සඳහා නියමිත වෙලාව දැනුම් දීම සඳහා අසාන් පවසනු ලැබේ. නබිතුමාගේ කාලයේදී එය උස කුළුණක් මත නැග සිදු කලත් දැන් එය ශබ්ද විකාශන යන්ත්‍රයක අදාරයෙන් සිදු කරන්නේය. 

මුස්ලිම් නොවන ඕනෑම කෙනෙකුට මස්ජිදය වෙත ගොස් එහි සිදුවන දේවල් නැරඹිය හැකිය. තවද ඉස්ලාම් දහම ගැන ඇති ප්‍රශ්න එහි සිටින අයගෙන් අසා දැනගැනීමට පිළිවන. නබිතුමා බොහෝ දේවල් සිදු කළේ මස්ජිදය මුල්කරගෙනය. ඇතැම් අවස්ථාවන්හිදී නබිතුමාව හමුවීමට පැමිණි දුතයින්ව පිළිගනු ලැබුවේද මස්ජිදය තුලදී ය. ඇතැම් අවස්ථාවලදී පිට රටවලින් ලැබුණු භාණ්ඩ බෙදා දෙනු ලැබුවේ මස්ජිදය තුලදී ය. එහෙත් අද තිබෙන මස්ජිදයන්හි නැමදීමට වඩා දෙයක් සිදු වන්නේ නැත. 


By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)