විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)


මීට වසර බිලියන 13.8 කට පෙර විශ්වය බිහිවූ බව විද්‍යාඥයින්ගේ මතය වේ. එහෙත් විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් ස්ථිර නිගමනයකට විද්‍යාඥයින් මෙතෙක් පැමිණ නැත. එබැවින් ඒ සම්බන්දයෙන් බොහෝ  වාදයන් පමණක් ඉදිරිපත් කොට තිබෙනු දැකිය හැකිය. එම වාදයන් අතරින් වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇත්තේ මහා පිපුරුම් වාදයයි. කෙසේ වෙතත් එම වාදය තුල බොහෝ අඩුපාඩුකම් දැකිය හැකිය. 

විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් 21 වන සිය වසේ ජීවත්වූ සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ස් මහතා ඔහු විසින් පලකරන ලද "A brief history of time from big bang to black hole" යන ග්‍රන්ථයේ සඳහන් කරන්නේ විශ්වය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ මැවීම් ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් ඔහු ලිඔනාඩ් ම්ලොඩිනොව් සමග එකතුව පල කරන ලද "The Grand Design" යන කෘතියෙහි සඳහන් කරන්නේ විශ්වය ඉබේ ඇති වූ බවයි. එහෙත් බොහෝ විද්‍යාඥයින් මෙම මතය පිළිගන්නේ නැත. 

විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකින්ම පවසා තිබෙන්නේ එය සර්වබලධාරී දෙවියන්ගේ මැවීමක් බවයි. දෙවියන් යනු කිසිවෙකුගේ අවශ්‍යතාවයන්ගෙන් ස්වායත්ත කෙනෙකි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ඒ අනුව ඔහුට ඉපදීමක් හෝ මරණයක් නැත. ඔහුට නැති දෙයකින් අලුත් දෙයක් මැවීමට හැකිය. ඒ අනුව ඔහු විශ්වය සහ එහි ඇති සියල්ම දේවල් අලුතින් මවා තිබේ. ඔහුගේ අණ පරිදි ඒවා නැවත විනාශ වන්නේය. ඒවා ගැන කුරානයේ විස්තර කොට ඇත. 

දෙවියන්ගේ නියෝජිතයින් වන නබිවරුන් පවසන්නේ සත්‍යය කරුණු බව ඒත්තු ගැන්වීම සඳහා ඔවුන් විසින් ප්‍රාතිහාරයන් පෙන්වා තිබේ. මේ අනුව ජේසු තුමා ලාදුරු රෝගීන් සුව පත් කොට ඇත, මළවුන් නැගිටුවා ඇත. මුසා නබිතුමා මුහුද දෙබෑ කොට ඇත, මුහම්මද් නබිතුමා සඳ දෙබා කොට නැවත එක්කාසු කොට ඇත. කෙසේ වෙතත් ඒවායේ සත්‍යතාවය දැක ගැනීම සඳහා අපට කාලය හරහා ආපස්සට යා නොහැකිය. එසේ තිබියදී දැනට අප සතුව ඉතිරිව ඇත්තේ ජීවමාන ප්‍රතිහාරයක් ලෙස කුරානය පමණි. අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව සනාථ කිරීම සඳහා අවශ්‍ය කරුණු එය තුලම ගැබ් කොට තිබේ. මේ දක්වා කිසිවෙකු විසින් ඒවා ජය ගෙන නැත. ඉන් පැහැදිලි වන්නේ කුරානය මිනිස් නිර්මාණයක් නොවන බවයි. 

විශ්වයට ආරම්භයක් තිබෙන බව නිගමය කරනු ලැබුවේ එහි ප්‍රසාරණය ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවය. එහෙත් 7වන සිය වසේදී පහළ වූ කුරානය තුල එම කරුණ ඉතා නිවැරදිව සඳහන් කොට තිබෙනු දැකිය හැකිය. ඉන් කියා පාන්නේ කුරානය පහළ කොට ඇත්තේ විශ්වයේ මැවුම් කරු වන දෙවියන් විසින් බවයි. 


By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)